පාඩම - ග්‍රැමෆෝන් තැටි යුගයේ සංගීතය
ගුරු භාවතා - රංග ගුණවර්ධන
පන්තිය පැවැත්වූ දිනය - 2020/04/19
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 3.00-5.00
---------------------------------------------------------
Audio 1 🔊
Audio 2 🔊
Audio 3 🔊
ග්‍රැමෆෝන් තැටි යුගයේ සංගීතය
ජර්මන් ජාතික එමිල් බර්ලිනර් විසින් ප්‍රථම වරට ග්‍රැමෆෝන් යන්ත්‍රය නිපදවන ලදී.ලොව විස්මිත නිර්මාණය ක් වූ ග්‍රැමෆෝනය මගින් මිනිස් කටහඩ ශ්‍රව්‍ය මාධ්‍යයෙන් ශ්‍රවනය කිරීමේ අවකාශය උදාකල සුවිශිෂ්ට නිර්මාණයක් විය. බටහිරින් පෙරදිගට ව්‍යාප්ත වූ ග්‍රැමෆෝනය ක්‍රි.ව. 903 හෝ 1904 දී පමණ එහි ලංකාගමනය සිදුවිය.
මෙම සටහන ව්‍යවහාරික සංගීතය කොටසේ ලියන්න පුතේ
* නැවත සටහන් ලිවීම ආරම්භ කරමු අපි*
ග්‍රැමෆෝන් තැටි නිශ්පාදනය කල සමාගම් අතර කීර්ති නාමයක් ලබා සිටි * හිස්මාස්ටර් වොයිස් * හෙවත් H.M.V. සමාගම ද ඉතාලියේ කොලොම්බියා, ඇමරිකාවේ "Talking Machine Company" සමාගම ද කොනොන්ටිපියා, ඕඩියන් සමාගම ද දැක්විය හැක. ශ්‍රී ලංකාවට ග්‍රැමෆෝනය හදුන්වාදීමත් සමග ලාංකීය දේශීය අනන්‍යතාවයෙන් යුත් ග්‍රැමෆෝන් සංගීතයක් ස්ථාපිත විය. ග්‍රැමෆෝන් යන්ත්‍රය,කථා යන්ත්‍රය,කථා වාහිනි යන්ත්‍රය,ගායනා යන්ත්‍රය ආදී අන්වර්ථ නාමයන්ගෙන් හදුන්වනු ලැබීය.
ලාංකීය ශ්‍රව්‍ය මාධ්‍යයේ සමාරම්භය සනිටුහන් කල ග්‍රැමෆෝනය ශ්‍රී ලාංකීයන්ට නැවුම් අත්දැකීමක් විය.ලාංකේය ග්‍රැමෆෝන් සංගීතයේ ආරම්භය හා විකාශනය පිළිබඳ අවධානය යොමු කිරීමේදී ලංකාවට එය හදුන්වාදුන් මුල් වකවානුවේ දී ග්‍රැමෆෝන් තැටි වල ඉංග්‍රීසි ගීත,ද්‍රවිඩ ගීත හා හින්දි ගීත එනම්, විදේශීය ගීත පටිගත කර විකාශනය කල අතර සිංහල ග්‍රැමෆෝන් තැටි යුගයේ සමාරම්භය සනිටුහන් වන්නේ එවකට ප්‍රචලිතව පැවති "නූර්ති නාට්‍ය ගීත" තැටි ගත කිරීමත් සමගය.
එවකට ජනප්‍රියව පැවති නීතිඥ ජෝන් ද සිල්වා මහතාගේ හා සී. දොන් බස්තියන් මහතාගේ රාමායණය,උත්තර රාම,සිරි සගබෝ,සකුන්තලා සහ රොලීනා වැනි නූර්ති නාට්‍යවල ගීත ග්‍රැමෆෝන් තැටි වලට නැගුණි. එම නාට්‍ය වල දේවනේ ලෝකපති,සීතාමා සිරියා ඉන්නේ,හරිමි රජ සැපා,පිපිලා දෑසමන්,ආරණ්‍යයේ ඉන්නා යන නූර්ති ගීත බෙහෙවින් ලාංකිකයන්ගේ ජනාදරයට පාත්‍ර විය.
ලාංකීය ග්‍රැමෆෝන් සංගීතය ප්‍රධාන වශයෙන් යුග 3 කට බෙදා දැක්විය හැක.
1. හින්දි තනු අනුකාරක යුගය
2. රාගධාරී සංගීතය ආභාසයෙන් තනු නිර්මාණය වූ මුල් යුගය
3. ස්වාධීන තනු යුගය
1. හින්දි තනු අනුකාරක යුගය
හින්දි ද්‍රවිඩ ගී තනු වලට සිංහල ගී පද මාලා නිර්මාණය කරමින් ගායනා කිරීම මෙම යුගයේ විශේෂත්වය විය. එහිදී ලාංකීය ගීත රචකයින් හින්දි තනු වලට සිංහල පද මාලා රචනා කල අතර ලාංකීය ගායක ගායිකාවන් එම ගීත විචිත්‍රවත් ව ගායනය කිරීම සිදුවිය. හින්දි තනු අනුකාරක යුගයේ ගීත කීපයක් මෙසේය.
* දුල් සල් වනේ ලකල් - චල් චල්තේ නෞ ජවාන්
* මහා බෝධි මුලේ - අබ තේරේ සිවා
* ප්‍රේම දයාබර ස්වාමී - කෝන තුජේ සම්ජායේ
* සිරි බුද්ධගයා - ක්‍යු බ්‍රමාත් පිරේ
එම යුගයේ ගායක ගායිකාවන් ලෙස
* ග්‍රේටා ජෙනට් ද සිල්වා
* එච්.ඩබ්.රූපසිංහ
* එන්. රොමිලස්
* ජේ. සාදිරිස් සිල්වා
* රුක්මණී දේවී
* එඩී. ජයමාන්න
සදහන් කල හැක.
2. රාගධාරී සංගීතය ආභාසයෙන් තනු නිර්මාණය වූ මුල් යුගය
ග්‍රැමෆෝන් තැටි යුගයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස මුල් යුගය හැදින්විය හැක. මුල් යුගයේ දී හින්දුස්ථානී රාගධාරී සංගීතයේ ආභාසයෙන් හින්දුස්ථානී රාග තාල පාදක කර ගනිමින් ගී තනු නිර්මාණයවීම විශේෂත්වයකි.මෙහිදී ශාස්ත්‍රීය සංගීතාංගයන්ගෙන් ග්‍රැමෆෝන් ගීත වඩාත් රසවත් විය. ලාංකීය ගීත රචකයින් විසින් ගී පද මාලා නිර්මාණය කර දේශීය සංගීත නිර්මාණ කරුවන් එම ගීත වලට තනු නිර්මාණයෙන් දායක වීම මෙම යුගයේ සුවිශේෂී ලක්ෂණයකි.
* මුල් යුගයේ රාගධාරී සංගීතයෙන් නිර්මාණය වූ ගීත කීපයක් මෙසේය
3. ස්වාධීන තනු යුගය
ලාංකීය ග්‍රැමෆෝන් සංගීතය නව යුගයකට පිය නැගූ කාල පරිච්ඡේදයක් ලෙස ස්වාධීන තනු යුගය හැදින්විය හැක. මෙම යුගයේ දී අනුකරණාත්මක විදේශීය ගීත වලින් හා රාගධාරී සංගීතයෙන් නිර්මාණය වූ ගීත වලින් බැහැරව ස්වාධීන ස්වතන්ත්‍ර ගී තනු නිර්මාණයට යොමු විය. විශේෂයෙන් ආනන්ද සමරකෝන් සූරීන් ප්‍රබල වශයෙන් ගී තනු නිර්මාණයෙන් හා ගී පද මාලා නිර්මාණයෙන් දායක විය. ක්‍රි.ව. 1937 ආරම්භ වූ ස්වාධීන තනු යුගය තුලදී හෙළ බස යොදා ගී පද මාලා රචනා කරමින් දේශීය අනන්‍යතාවයෙන් යුත් නාද මාලාවන්ගෙන් ග්‍රැමෆෝන් ගීත ඉතා රසවත් හා විචිත්‍රවත් ලෙස නිර්මාණය විය. ආනන්ද සමරකෝන් සූරීන් ගී තනු නිර්මාණයන් සදහා වංග සංගීතයේ හා දේශීය ජන නාද මාලා යොදා ගැනීම විශේෂත්වයකි. පියානෝ,මැන්ඩලින්,
ගිටාරයට අමතරව තබ්ලාව වැනි තාල වාද්‍ය භාණ්ඩ ද මෙම යුගයේ දී භාවිතා කර ඇත.ස්වාධීන ගී තනු සෞන්දර්ය,ප්‍රේමය,
ආගම,භක්තිය,
උපදේශාත්මක,දේශාභිමානී වැනි විවිධ තේමාවන් මත හරවත් අර්ථවත් පද මාලාවන් ගෙන් යුක්තවීම ද එකී පද මාලාවන්ට උචිතව ගී තනු නිර්මාණයෙන් ද සුපෝෂිත වීම ස්වාධීන තනු යුගයේ විශේෂත්වයකි. ලාංකීය ග්‍රැමෆෝන් සංගීතයෙහි ස්වර්ණමය යුගය ලෙස ස්වාධීන තනු යුගය හැදින්විය හැක.
ස්වාධීන තනු යුගයේ ඉතා ප්‍රචලිත ගී නිර්මාණයන් කිහිපයක් මෙසේය.
පැවරුම 1
ආයුබෝවන් 🙏
No comments:
Post a Comment