Tuesday 26 May 2020

චිත්‍ර - ජෝර්ජ් කීට්

විෂයය - චිත්‍ර
පාඩම - 
ජෝර්ජ් කීට්
ගුරු භාවතා - භාරත ලක්ෂ්මන් රූපසිංහ
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/27
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00-4.00
--------------------------------------------------------




ආයුබෝවන් දරුවනේ අද අපි කොටි ලිඛිත පාඩමකට යොමුවෙමු.

ජෝර්ජ් කීට් - 10 ශ්‍රේණිය (2 වන වාරය - චිත්‍ර)


ජෝර්ජ් කීට්

කීට් ක්‍රි.ව. 1901 අප්‍රේල් 17 වන දින මහනුවර අම්පිටියේ ආසියාවේ විශිෂ්ට චිත්‍ර ශිල්පියකු වශයෙන් ප්‍රසිද්ධියට පත් ජෝර්ජ් දී සිංහල බර්ගර් පවුලක උපත ලැබී ය. මහනුවර ත්‍රිත්ව විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා ඇත. ඔහු 43 කණ්ඩායමට අයත් චිත්‍ර  ශිල්පියකු වන අතර ගෝතමී විහාරයේ බිතුසිතුවම් ද නිර්මාණය කර ඇත.

නූතන යුගයේ ප්‍රවීණ චිත්‍ර ශිල්පියකු වන ඔහු තම සිතුවම් නිර්මාණවලට හින්දු කලා ආභාසය හා යුරෝපයේ පැබ්ලෝ පිකාසෝගේ ඝනිකවාදී චිත්‍ර ශෛලියේ කලා ආභාසය සහිත ව ඔහුටම ආවේණික චිත්‍ර ශෛලියක් නිර්මාණය කරගැනීම දැකිය හැකි ය.


මේ තියෙන්නේ ඔ්බ්රි කොලට් විසින් අදිනු ලැබු 43 කණ්ඩායම දැක්වෙන චිත‍්‍රය


මේ තියෙන්නේ 43 කණ්ඩායමේ ශිල්පීන් (නම ඉංග‍්‍රීසියෙන් දක්වා ඇත)

කොළඹ - බොරැුල්ල ගෝතමී විහාරයේ බෞද්ධ සිතුවම් ඇඳීම වර්ෂ 1939 - 1940 කාලය තුළ සිදුවිය.

ගෝතමී විහාරයේ බිතු සිතුවම් චිත‍්‍රාවලියක් සේ ඇඳ ඇති අතර එහි දැකිය හැකි සුවිශේෂී අවස්ථා කිහිපයක් පහත දැක්වේ. 

මහමායා දේවිය දුටු සිහිනය
-   සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය
සරණ මංගල්‍ය
නළ`ගනන්ගේ විකාර දැකීම
 සතර පෙර නිමිති දැකීම
 මාරපරාජය


බොරැල්ල ගෝතමී විහාරය




මෙම සිතුවම් සෙ.මී. 192 ක් පමණ උස්වූ බිත්තියක ජීව ප‍්‍රමාණයෙන් ඇඳ ඇත.

ජෝර්ජ් කීට් ශිල්පියා සිතුවම් නිර්මාණයේ දී  රේඛාවට ප‍්‍රධාන තැනක් ලබා දී ඇති අතර එම රේඛා සෘජු රේඛා, කෙටි රේඛා, වක‍්‍ර රේඛා වශයෙන් හ`දුනාගත හැකි ය.

නිතැතින් ම ගලායන ජීවමය ගුණයෙන් යුතු රේඛාවෙන් රූපවල පිරුණු බව මනා ව ඉස්මතු කර ඇත.

රතු, සුදු, දුඹුරු, කහ, නිල්, කොළ යන වර්ණ භාවිත කරමින් සියුම් ලෙස ත‍්‍රිමාන ලක්‍ෂණ මතු කර ඇත.

මෙම සිතුවම් වියළි බදාමයේ අ`දින ලද බිතුසිතුවම් ක‍්‍රමය වන ප්‍රෙස්කෝ සිකෝ ශිල්ප ක‍්‍රමයට නිර්මාණය කර ඇත.


මාරපරාජය


මාරපරාජය

මාරපරාජය සිතුවමේ විවිධ අවස්ථා


මාරපරාජය සිතුවමේ විවිධ අවස්ථා


මාරපරාජය

 ගෝතමී විහාරයේ සිතුවම් අතර සුවිශේෂී සිතුවමක් ලෙස සැලකෙන ‘මාර පරාජය’ හින්දු කලා ලක්ෂණ හා පිකාසෝගේ ඝනිකවාදී ශෛලීය ලක්ෂණ ආභාසය කර ගත් නිර්මාණයකි.

 ඝනිකවාදී හැඩතල භාවිත කිරීමෙන් මාරසේනාවේ මුහුණුවල රුදුරු භයංකර විලාසය මැනවින් ඉස්මතු කර ඇත.

 මාර පිරිසට දුඹුරු, අඵ, කඵ වැනි අඳුරු වර්ණත් බුදුන්වහන්සේ සඳහා අඳුරු කහ, ලා දුඹුරු වැනි වර්ණත් යොදා ගනිමින් ත‍්‍රිමාන ලක්‍ෂණ සහිත ව සිතුවම වර්ණවත් කර ඇත.

 රූප වටා පරිපූර්ණත්වය හා නිමාව පෙන්වන නිර්මාණශීලී රේඛාකරණය ඔහුට ම ආවේණික වූවකි.


නායිකා චිත‍්‍ර

ජෝර්ජ් කීට් ශිල්පියා විසින් නායිකා චිත‍්‍ර ගණනාවක් ඇඳ ඇත.

 මෙම සිතුවම් තෙල් සායම් මාධ්‍යයෙන් කැන්වස් මත කරන ලද චිත‍්‍ර නිර්මාණයන් ය.

 නායිකා සිතුවම් අනුරාගී බවින් යුතු ප‍්‍රකාශනයන් වන අතර ඒ බව දැක්වීම සඳහා පුඵල් ඇස් හා පුඵල් දෙතොල් නිරූපණය කර ඇත.

නිර්මාණයේ අලංකරණය මෙන්ම ප‍්‍රකාශන ශක්තිය තීව‍්‍ර කිරීම සඳහා ද රේඛාකරණය මැනවින් භාවිත කර ඇත.

 මෙම කලා නිර්මාණ සඳහා ආභාස වශයෙන් බටහිර ඝනිකවාදී කලා ලක්ෂණ මෙන් ම හින්දු දර්ශනයේ තන්ත‍්‍රයාන ලක්ෂණ ද ලැබී ඇතැයි විචාරක මතයයි.

 අදුරු වර්ණ මෙන්ම පැහැදිලි දීප්තිමත් වර්ණ එකට සංකලනය කර වර්ණවත් කර තිබීම මෙම නායිකා සිතුවම්වලින් දැකිය හැකි ය.

පහත දැක්වෙන්නේ ඔහු විසින් නිර්මාණය කරන ලද විවිධ සිතුවම් කිහිපයකි






දරුවෝ සියලුම දෙනා සටහන පැහැදිලිව නිරවුල්ව රූපසටහන සහිතව ලියාගන්න.


දරුවෝ සියලුම දෙනා පහත අභ්‍යාසයේ නිරතවන්න. තෙරුවන් සරණයි

No comments:

Post a Comment

සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...