Thursday 14 May 2020

සිංහල භාෂාව හා සාහිත්‍යය - ගුත්තිල කාව්‍ය V

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය

පාඩම - ගුත්තිල කාව්‍ය
පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/14
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00- 4.00
------------------------------------------------------------




හොඳයි පුතේ අපි සාහිත්‍ය පාඩම පටන් ගමු ද.......



21
වෙණ නද =   වීණා නාදයේ, රස් = රසය,   සුලභව = බොහෝ සේ,  සවන් යොදා = කණින් අසා, සකොබව = කලබල සිත්,  නදා එකඟ සිත් වන ලෙස =  සතුටින් එකඟ සිත් ඇති වන කල්හි,   සදා කුලය = තම ජාතියෙහි,  නොහැර = අත් නො නොහැර,  අසුබ ව එන =  අසුබව එන,  රිලවුන් සන්සල බව = රිලවුන්ගේ චංචල භාවය, එදා ගියේ = එදින නැති ව ගියේ ය.


22
 එමාසත්‍හු =  ඒ මහා සත්වයන්ගේ,  අසමානය =  සමාන නොවූ,  එනදට = ඒ වීණා නාදයට, කොවුලෝ උපමානය = කොවුලන්ගේ හඬ උපමා වශයෙන්,  සමා නොවෙති = සමාන නොවෙති,  එයින් = එහෙයින්,  තමන් නද = තමන්ගේ නාදය,  මිහිරැයි = මිහිරියැයි" යන මානය දමා = යන ආඩම්බර ඉවත දමා, අවමානය වින්දෝ = අවමන් වින්දේ ය.


23
අසන රිසින් = අසන ආශාවෙන්,   නයි කැල =  නාග සමූහයා,  ඔසළෝ හ් = පැමිණියෝ ය,  ඔවුන වෙතම = ඔවුන් ළඟ ම,  ගුරුළෝයා සිටිනා = සිටි ගුරුළෝ ද,  වයන එ වෙණ නද = වාදනය කරන එම වීණා නාදය,  ලොබ කෝළෝ යා =  ආසා කළහ, එදින වයිර සිත =  එදා වෛර සිත,  සිහි නොකළෝ යා = සිහි නොකළහ.


24
දන මන බැඳී = ජනතාවගේ සිත් බැඳගත්,   වැනුමෙහි ඇදුරෝයා = වාදනයෙහි ගුරු වූ,  මදුරෝයා = මිහිරි වූ,   සත්සර වෙණ නද = සප්ත ස්වර වෙණ නදය,  විඳී = වින්දනය කළා වූ,  සතොසින් රැඳී  = සන්තෝසයෙන් පිනා ගියා වූ,  සැනහුණු ඉඳුරෝයා = සන්සුන් ඉඳුරන් ඇති,  කිඳුරෝයා =  කිඳුරෝ,  වැදි දන =  වැදි ජනතාවගේ, සිරි ගත්තුය =  ස්වභාවය ගත්හ.


25
  සතොස් කරන = සතුටුට හේතු වූ, වීණා නද = වීණා නාදය,  ඇසුමට = අසන්නට, ගොදුරට = ගොදුරු පිණිස, නො ගොස් සිටින = නොගොසින් සිටින, පිල්බර ගණ = මොනර සමූහයා, වෙසෙස් රුවින් = විශේෂ වූ රූපයකින්, තමා මැවුවත් = තමාගේ මැවීම කලත්, සඳැස් = පිල්වල ඇස්, සවන් නොකළැයි = කන් බවට පත් නොකළේ යැයි, නොසතුට වූ = සතුටු නොවුහ.




පහත සඳහන් පදවල සරල අර්ථය ලියන්න
1 පරම්පරා ශබ්දයෙන් -
2 දඬුවැට පහන් -
3 පසමිතුරා -
4 විධ්වංසනය -
5 හැළලී ගිය -
7 තෝමරාදි -
8 කාහළ -
9 ග්‍රීවයෙන් ග්‍රීවය -
10 නානා වර්ණ ධ්වජ -
11 හියොවුරු -
12 උපලක්ෂිත වූ -
13 රිය සක -
14 මුළු කොට -
15 පිටිවහල් ලදින් -
16 විදුරසුන් -
17 ව්‍යාජයෙන් -
18 ප්‍රත්‍යන්ත -
19 තල්පැන් පලක් -
20 කරවාල -

1 සරල බස් වහරක් භාවිතයත්
2 කාව්‍යමය වියත් වහර භාවිතයත්
යන කරුණු අපූර්ව අවස්ථා නිරූපණයකට මඟ පාදා ඇති අයුරු උදාහරණ දෙකක් දෙමින් උම්මග්ග ජාතකය ඇසුරින් පැහැදිලි කරන්න.


සිංහල භාෂාව හා සාහිත්‍යය - කාව්‍ය නිර්මාණකරනය

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය
පාඩම - කාව්‍ය නිර්මාණකරනය
පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/14
පන්තිය පැවැත්වූ වේලාව - පෙ.ව. 8.00- 11.00
------------------------------------------------------------

දරුවනේ අපි සීංහල පන්තීය පටන් ගනිමූ .......

















 

  



සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...