Tuesday 2 June 2020

සංගීතය - තබ්ලාවෙන් උපදින අවනද්ධාක්ෂර හදුනා ගැනීම.

විෂයය - සංගීතය
පාඩම - 
තබ්ලාවෙන් උපදින අවනද්ධාක්ෂර හදුනා ගැනීම.
ගුරු භාවතා - රංග ගුණවර්ධන
පන්තිය පැවැත්වූ දිනය - 2020/06/02
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 5.00-7.00
---------------------------------------------------------



10 ශ්‍රේණියේ දරුවො හැමෝම  පස්වරු  5.30  ට සංගීත පාඩම ට සුදානම් වන්න.

අද අපිට  නියමිත පාඩම තබ්ලාවෙන් උපදින අවනද්ධාක්ෂර හදුනා ගැනීම.මේ පාඩමට අදාළ සටහන සිද්ධාන්ත කොටසේ නිවැරදි  සටහන් කර ගන්න.

තබ්ලාවෙන් උපදින අවනද්ධාක්ෂර හදුනා ගැනීම.


උත්තර භාරතීය හින්දුස්ථානී සංගීත පද්ධතියට අයත් ප්‍රධානතම අවනද්ධ තාල වාද්‍ය භාණ්ඩය ලෙස තබ්ලාව සදහන් කළ හැකිය.හින්දුස්ථානී සංගීත පද්ධතිය තුළ ශාස්ත්‍රීය රාගධාරී  සංගීතයේදීත්,ව්‍යවහාරික සරල සංගීතයේදීත් ප්‍රමුඛ තාල වාද්‍ය භාණ්ඩයක් ලෙස තබ්ලාවට සුවිශේෂී ස්ථානයක් හිමිවේ.

යුග ගණනාවක් පුරා විවිධ සංගීත පර්‍යේෂකයින් විසින් නිර්මාණය කරන ලද තබ්ලාව පර්සියන් ජාතික "හස්රත් අමීර් කුෂරු" සංගීතවේදියාණන් විසින්  පක්වාජය දෙකඩ කර තබ්ලාව වර්ථමාන තත්ත්වයට නිර්මාණය කළ බව භාරතීය සංගීත ඉතිහාසයෙහි සදහන් වෙයි.

තබ්ලාවේ ව්‍යුහය  හා පිහිටීම පිලිබඳ  අවධානය යොමු  කිරීමේදී එහි ප්‍රධාන වශයෙන්  යුගල දෙකකින්  සමන්විත වූ අවනද්ධ  තාල වාද්‍ය භාණ්ඩයකි.තබ්ලාවේ වම් කොටස බායාව ලෙසත් එහි දකුණු  කොටස දායාව ලෙසත්  හදුන්වයි .මෙම  යුගලයෙන් වෙන් වෙන්  වශයෙන්  උපදින අවනද්ධාක්ෂර  පවතී.තබ්ලාවේ ව්‍යුහය  හා පිහිටීම  එහි ස්වරූපය  අනුව එහි මූලිකාංගයන් මෙසේය.



මීළඟට අපි බායාව පිලිබඳ ප්‍රථමයෙන් හදුනා ගනිමු.
බායාව,බායං,ඩග්ගා යන නාමයන්ගෙන් හැදින්වෙන අතර මෙහි කද කොටස රවුම් හැඩති ලෝහමය නිමාවකින් යුතු වෙයි.මෙහි මුහුණත දායාවට සාපේක්ෂව විශාලත්වයෙන් වැඩිය.බායාවෙහි මූලිකාංගයන් පහත රූප සටහන තුළින් අධ්‍යයනය කරමු.


බායවෙන් උපදින අවනද්ධාක්ෂර මෙසේය.
* කත්
* කි
* ක
* ගෙ,ඝි,ග,ගී

ඉහත අවනද්ධ අක්ෂරයන් බායාවෙන් උපදවා ගන්න් ආකාරය මෙසේය.

* කත්
වම් අතෙහි ඇගිලි සියල්ල ලං කර අල්ල සමගම ස්‍යාහි මතුපිටට ගැසීමෙන් "කත්" අක්ෂරය උපදී.

* කි,ක
වම් අතෙහි අත්ල නොවුස්සා අල්ල ස්‍යාහි කොටසෙහි නොගෑවී ඇගිලි වලින් පමණක් ස්‍යාහි මතට පහත් කිරීමෙන් මෙම අක්ෂර උපදී.

* ගෙ,ඝි,ග
වම් අතෙහි මැද ඇගිල්ල හෝ දබර ඇගිල්ලෙන් ස්‍යාහි කොටස හා චාන්ටි කොටස අතර ඇති "ලව" කොටසට ගැසීම මගින් මෙම අක්ෂර උපදවා ගත හැක.



දායාව (දකුණු  කොටස )

දායාව ,දායං,දහනා,තබ්ලා යන නමින් හදුන්වයි.දායාවෙහි කද කොටස  දැවයෙන්  නිමවා ඇති අතර විශේෂයෙන් කොහොඹ,ඇහැළ,කොස්,ආදී දැව වලින්  තනා ගනු ලබන මෙම කද ඇතුලතින් හාරා මතුපිටින්  සමකින් ආවරණය  කර ඇත.

දායාවෙහි  මූලිකාංගයන් පහත රූප  සටහනින් අධ්‍යයනය කරමු.


දායාවෙන් උපදින අවනද්ධාක්ෂර මෙසේය.
* න,නා
* ට
* තුන් 
* ති,තෙ
* රි,රෙ
* ත,තා,තිං

දායාවෙහි අවනද්ධ  අක්ෂරයන් උපදින  ස්ථානයන් මෙසේය.

* න,නා,තා
දකුණතෙහි දබර ඇගිල්ලෙන් දායාවේ චාන්ටි කොටස මත ගැසීමෙන් මෙම අක්ෂර උපදී.

* ති,තෙ
දායාවේ ස්‍යාහි කොටස මැදට මැද ඇගිල්ල සහ වෙදගිල්ලෙන් එකවර ගැසීමෙන් මෙම අක්ෂර උපදී.

* ට 
දබර ඇගිල්ලෙන් ස්‍යාහි මැදට ගැසීමෙන් එම අක්ෂරය උපදී.

* රි,රෙ
මෙම අක්ෂර 2 හි හඩ ද උපදවා ගන්නේ දයාවේ ස්‍යාහි මැද කොටසට දබර ඇගිල්ලෙන් ගැසීමෙනි.

* තුං
දකුණතෙහි දබර ඇගිල්ල,මැදගිල්ල,වෙදැගිල්ල,සුළැගිල්ල යන ඇගිලි එකවර දායවේ ස්‍යාහි මැදට හඩ විහිදුවමින් ගැසීම මගින් මෙම අක්ෂරය උපදී.

* තිං
දබරගිල්ලෙන් දායාවේ චාන්ටි කොටස සහ ස්‍යාහි කොටස අතර ඇති ලව කොටසට හඩ විහිදී යන අයුරින් ගැසීම මගින්  මෙම අක්ෂරය උපදී.



මීළඟට  අපි දායාව  සහ බායාව  යන  කොටස් දෙකින්ම  උපදින අවනද්ධාක්ෂර  හදුනා ගනිමු.

දායාව  සහ බායාව  යන දෙකින්ම  උපදින අවනද්ධාක්ෂර මෙසේය.

* ධා
*ධින්,ධිං
*ධෙ,ධෙත්
*ධි  
යන අක්ෂර බායාවෙන් හා දායාවෙන් උපදී.

* ධා
දායාවේ චාන්ටියේ නා හෝ තා අක්ෂරය උපදවාගනු ලබන ස්ථානයත් බායාවේ ගි හෝ ඝෙ අක්ෂරය උපදවාගනු ලබන ස්ථානයත් එකවර හැඩවීමෙන් "ධා" අක්ෂරය උපදී.

* ධිං,ධින්
බායාවෙහි ගි හෝ ඝෙ අක්ෂරය උපදවාගනු ලබන ස්ථානයත් දායාවේ චාන්ටිය හා ස්‍යාහි අතර මැද ඇති ලව කොටසත් එකවර හැඩවීමෙන් "ධිං" අක්ෂරය උපදී.

* ධෙ,ධෙත්
බායාවෙහි චොටා ලව කොටසෙහි උපදවා ගනු ලබන ගි හෝ ඝෙ අක්ෂරයත් දායාවේ දකුණතෙහි මැදගිල්ල හා වෙදැගිල්ල එකවර ස්‍යාහි මත ගැසීමෙන් උපදවා ගනු ලබන ති හෝ තෙ යන අක්ෂරයත් වැයූ පරිදි එකවර හඩනැංවීමෙන් මෙම අක්ෂර උපදී.

* ධි
බායාවේ චොටා ලව කොටසෙහි උපදවා ගනු ලබන ගි හෝ ඝෙ අක්ෂරයත් දායාවේ චාන්ටියෙහි නා හෝ තා අක්ෂරය ආසන්නයේ එහි ලව කොටසෙහි උපදවාගනු ලබන "තිං" අක්ෂරයත් එකවර හඩ නැංවීමෙන් ධි අක්ෂරය උපදී.












ඉහත පාඩම හොදින් අධ්‍යයනය කර පහත සදහන් වගුව සම්පූර්ණ කරන්න.


හොදයි පුතේ තබ්ලාවෙන් උපදින අවනද්ධාක්ෂර පාඩම මින් අවසානයි.මෙහි අපැහැදිලි තැන් ඇත්නම් මා වෙත යොමු කරන්න.
හැමදෙනාටම තෙරුවන් සරණයි.
ආයුබෝවන් 🙏

චිත්‍ර - පාරම්පරික සිංහල සැරසිලි

විෂයය - චිත්‍ර
පාඩම - 
පාරම්පරික සිංහල සැරසිලි
ගුරු භාවතා - භාරත ලක්ෂ්මන් රූපසිංහ
පන්තිය පැවැත්වූ දිනය - 2020/06/02
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00-4.00
--------------------------------------------------------



ආයුබෝවන් දරුවනේ

අද අපි සුදානම් වෙන්නේ "පාරම්පරික සිංහල සැරසිලි" පාඩම ට පිවිසෙන්නට




































මේ පාඩම හා සම්බන්ධ කරුණු හොඳින් අධ්‍යනය කොට සටහන් පොතේ  රූප සටහන් සහිතව ලියන්න
මේ පාඩම හා සම්බන්ධ කරුණු ඉතා වැදගත්
මේ ආශ්‍රිතව ඇති චිත්‍ර ප්‍රායෝගික පරීක්‍ෂණ සදහා ද අවශ්‍ය වන නිසා රූප නිවැරදිව අදින්න
තෙරුවන් සරණයි. 🙏


සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...