Tuesday 16 June 2020

චිත්‍ර - ඬේවිඞ් පේන්ටර්

විෂයය - චිත්‍ර
පාඩම - ඬේවිඞ් පේන්ටර්
ගුරු භාවතා - භාරත ලක්ෂ්මන් රූපසිංහ
පන්තිය පැවැත්වූ දිනය - 2020/06/16
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00-4.00
--------------------------------------------------------



ආයුබෝවන් දරුවනේ

අද අපි විමසා බලන්නේ ශී‍්‍ර ලාංකීය චිත‍්‍ර ශිල්පියෙකු පිළිබඳවයි



ඬේවිඞ් පේන්ටර්

විශිෂ්ට චිත‍්‍ර ශිල්පියකු ලෙස ප‍්‍රසිද්ධියට පත් ඬේවිඞ් පේන්ටර් වර්ෂ 1900 දී උතුරු ඉන්දියාවේ ඇල්මෝරා හි දී ඉංග‍්‍රීසි ජාතික මිෂනාරි පියෙකුට හා සිංහල මවකට දාව උපත ලැබීය.

 ඔහු එංගලන්තයේ රෝයල් ඇකඩමියේ චිත‍්‍ර කලාව පිළිබඳ අධ්‍යාපනය ලබා ඇත.

 යුරෝපීය ශාස්ත‍්‍රාලීය චිත‍්‍ර කලාවේ ස්වභාවිකවාදී චිත‍්‍ර කලා ආභාසය සහිතව ඔහුටම ආවේණික චිත‍්‍ර ශෛලියක් නිර්මාණය කරගෙන ඇත.

  ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පියකු වන ඔහු ලංකා කලා සංගමයට අයත් අද්‍යතන යුගයේ චිත‍්‍ර ශිල්පියකුවේ.

ඬේවිඞ් පේන්ටර්ගේ නිර්මාණ සඳහා වස්තු විෂය වූ තේමා පහතින් දැක්වේ.

-   ප‍්‍රතිරූප

-   භූමි දර්ශන

        -   මානව රූප සම්පිණ්ඩන

-   ත‍්‍රිත්ව දෙව්මැදුරේ බිතු සිතුවම්

ඬේවිඞ් පේන්ටර් චිත‍්‍ර ශිල්පියාගේ නිර්මාණ ශෛලිය හා චිත‍්‍ර මූලිකාංග සංරචන කිරීමේ ලක්ෂණ

÷  ජිවගුණය හා කායික සුන්දරත්වය මැනැවින් පිළිබිඹුවන ලෙස          
   මානව රූප චිත‍්‍රණය කිරීම

÷  චිත‍්‍රයේ ගැඹුර හා පර්යාලෝක ලක්ෂණ නිරූපණය

÷  මිනිස් ඉරියව් ලාලිත්‍යයෙන් හා හැ`ගීම් ප‍්‍රකාශනයෙන් යුතු වීම

÷  ත‍්‍රිමාන ලක්ෂණ සහිත ව දීප්තිමත් වර්ණ මාලාවක් භාවිත  කිරීම

÷  ක‍්‍රිස්තියානි තේමා නිරූපණය කිරීමේ දී යුරෝපීය සංස්කෘතිය හා 
   භූතලය වෙනුවට ශ‍්‍රී ලාංකීය සමාජ පසුබිමක චිත‍්‍රණය කර තිබීම


මෙි තියෙන්නේ ඩේව්ඩ් පේන්ටර් ශිල්පියා විසින් ඇදි සිතුවමක් වන ජයග‍්‍රාහී ලෙස ජෙරුසෙලමට ඇතුළුවීම නැමති සිතුවමයි

ජාතික කලාභවනේ නිත්‍ය ප‍්‍රදර්ශනයට තබා ඇතිි මෙම සිතුවම කැන්වසය මත තෙල් සායම් මාධ්‍යයෙන් කරන ලද නිර්මාණයකි.\

චිත‍්‍රයේ දක්වන මානව රූප ඉරියව් කායික සුන්දරත්වය දක්වන ලාලිත්‍යයෙන් යුතුව චිත‍්‍රණය කර ඇති අතර ඒවා හැ`ගීම් ප‍්‍රකාශනයෙන් යුතුව නිරූපණය කෙරේ.

තලය මත රූප සංරචනය කිරීමේ දී පෙරබිම, මැද බිම හා පසුබිම මත රූප පිහිටවමින් චිත‍්‍රයයේ ගැඹුර හා පර්යාලෝක ලක්ෂණ නිරූපණය කර ඇත.

ත‍්‍රිමාන ලක්ෂණ සහිතව වඩාත් රෝස පැහැයට හුරු දීප්තිමත් වර්ණමාලාවක් භාවිත කර ඇත.

චිත‍්‍රයේ පසුබිම සඳහා දක්වා ඇත්තේ ජෙරුසරම කාන්තාරය වෙනුවට ලාංකීය වියළි කලාපීය කඳු සහිත භූ පරිසරයකි.


මෙම සිතුවම මහනුවර ත‍්‍රිත්ව දෙව්මැදුරේ දැකිය හැකි සිතුවමකි.

 මින් නිරූපණය වන්නේ ජේසුස් වහන්සේ දේශනා කරන ලද උපමා කථාවක අවස්ථාවකි. එනම් යහපත් සමරිතානුවරයා පහරදීමකට ලක්වී තුවාල ලැබූ පුද්ගලයකු හට පිහිටවන ආකාරයයි.

 ජේසුස් වහන්සේගේ කතා පුවත සහිත මහනුවර ත‍්‍රිත්ව දෙව්මැදුරේ බිතු සිතුවම්වල සුවිශේෂත්වය වන්නේ යුරොපීය සංස්කෘතිය හා භූතලය වෙනුවට ශ‍්‍රී ලාංකේය සමාජ පසුබිම නිරූපණය කර තිබීමයි.

  ශ‍්‍රී ලාංකේය මිනිස් රූප, ඇඳුම් පැලඳුම් හා පරිසර ස්වභාවය මෙම චිත‍්‍රයේ කැපී පෙනෙන ලක්ෂණයෝ ය.

 යුරෝපීය ශාස්ත‍්‍රාලීය චිත‍්‍ර කලාවේ සංරචන සිද්ධාන්ත ලක්ෂණ වන ගැඹුර නිරූපණය කරන පර්යාලෝක ලක්ෂණ හා ත‍්‍රිමාන ලක්ෂණ භාවිතය මෙම නිර්මාණවල දැකිය හැකි ය.


ඩේවිඩ් පේන්ටර් විසින් ඇඳි මැඩෝනා සිතුවම ඉහත දැක්වේ

පහත දැක්වෙන්නේ ඩේවිඩ් පේන්ටර් විසින් අඳින ලද සිතුවම් කිහිපයකි





Devid penter ශිල්පය පිළිබඳ රූප සටහන් සහිතව දක්වා ඇති තොරතුරු සටහන් පොතේ පැහැදිලිව ලියාගන්න

මීට අමතරව මම අද ඔයාලට දෙනවා මිනිස් මුහුණක් ඇඳීමේදී අනුගමනය කළ යුතුය ිවිධ ක්‍රමවේද පිළිබඳව රූප සටහන් කිහිපයක්




















මේ රූප සටහන් හොඳින් අධ්‍යයනය කරන්න. නැවත නැවතත් මෙම රූප අඳින්න. එමඟින් ඔබට මිනිස් මුහුණක් නිවැරැදි වැදීමේ ක්‍රම වේදය වටහා ගත හැකිය

සියලු දෙනාටම සුභ දවසක් ආයිබෝවන්

ඉතිහාසය - සාකච්ඡාව

විෂයය - ඉතිහාසය
පාඩම - සාකච්ඡාව
ගුරු භාවතා - ප්‍රසන්න සතරසිංහ
පන්තිය පැවැත්වූ දිනය - 2020/06/16
පන්තිය පැවැත්වූ වේලාව - පෙ.ව. 08.00- 10.00
-------------------------------------------------------------







සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...