Friday 29 May 2020

විද්‍යාව - බල සමතුලිතතාව

විෂයය - විද්‍යාව
පාඩම - බල සමතුලිතතාව 
ගුරු භවතා - ජානක පුෂ්ප කුමාර මහතා
දිනය - 2020/05/29
වේලාව - පෙ.ව.8.00 - 10.00 සහ ප.ව. 2.00-4.00
----------------------------------------------------------



සුභ උදෑසනක් දරුවනේ.🙏🙏🙏 
අද අපි දොළොස් වැනි පාඩම වන බල සමතුලිතතාව පිලිබඳව ඉගෙනගමු. මම ඔයාලට 8.30 වන විට බල සමතුලිතතාවයට අදාල වීඩියෝ පටයක් එවන්නම්. දැන් ඔයාලා පෙළපොතේ දොළොස්වන පාඩම පෙරළගෙන ඒක හොඳින් කියවගන්න..

දරුවො හැමෝම හොදට පාඩම කියවගන්න ඇති නේද. එහෙනම් දැන් පාඩමට සම්භන්ධ  මේ වීඩියෝ එක බලන්නකෝ..



වීඩියෝ එකේ පාඩම පිළිබදව සම්පූර්න හැදින්වීමක් තියෙනව. ඒක බලල පාඩම හොදින් අවබෝධකරගන්න.

දැන් දරුවෝ හැමෝම පාඩම හොදින් අවබෝධ කරගන්න ඇති අපි. හවස් වරුවේ නැවත හමුවෙලා පාඩමේ අභ්‍යාස ටික කරමු.

සුභ සන්ධ්‍යාවක් වේවා දරුවනේ.🙏🙏🙏 
අපි උදේ වරුවේ බල සමතුලිතතාව පාඩම ඉගෙන ගත්තනේ දැන් අපි ඒ පාඩමේ අභ්‍යාස ටික කරමු.

පාඩමේ ඇති මිශ්‍ර අභ්‍යාසය සිදුකර පිළිතුරු මාගේ පෞද්ගලික අංකයට එවන්න. පසුව මම ඔයාලට උත්තර ටික ලබා දෙන්නම්. දරුවන්ට ගැටලු ඇති තැන් ඉන්පසුව අපි සාකච්ඡා කරමු

දරුවන් බොහොමයක් දෙනා ඉතාම උනන්දුවෙන් පිළිතුරු මා වෙත වමින් පවතිනවා. අනෙකුත් දරුවන් ද හැකි ඉක්මනින් ඔබ ලියූ පිළිතුරු මා වෙත එවන්න.


ඔන්න දරුවනේ මිශ්‍ර අභ්‍යාසය සඳහා පිළිතුරු ටික. ඔයාලගේ පිළිතුරු සමග සංසන්දනය කරලා බලන්න පිළිතුරු නිවැරදිද කියලා. යම් ගැටලු සහිත අවස්ථාවක් ඇත්නම් මාගේ පෞද්ගලික අංකයට අමතන්න.

එහෙමනම් දරුවනේ අදට අපි වැඩ කටයුතු අවසන් කරමු. ආයෙත් ලබන සතියේ හමුවෙමු. සියලු දෙනාටම සුභ දවසක් 🙏🙏🙏

සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...