Sunday 31 May 2020

පුරවැසි අධ්‍යයනය - ආර්ථික ක්‍රම හා ආර්ථික සබදතා

විෂයය - පුරවැසි අධ්‍යයනය
පාඩම - ආර්ථික ක්‍රම හා ආර්ථික සබදතා II
ගුරු භාවතා - මලිත අතුකෝරල
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/31
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00-4.00
--------------------------------------------------------













English - Listening Activities

Subject - English
Lesson - Listening Activities
Teacher - Chamira Welivitigoda
Date - 2020/05/31
Time - 8.00 a.m.-10.00 a.m.
----------------------------------


Good Morning, children..












Underline the word stressd.






Underline the word stressed and add the suitable punctuation mark.


O.k. children that's it for today, have a good day.....

Saturday 30 May 2020

ගණිතය - ප්‍රශ්න පත්‍රය

විෂයය - ගණිතය
පාඩම - ප්‍රශ්න පත්‍රය
ගුරු භාවතා - චාමර අමරසිංහ
දිනය - 2020/05/30
වේලාව - පෙ.ව. 8.00 - 11.00 සහ ප.ව. 2.00 - 4.00
----------------------------------------------------------




හැමෝටම සුභ උදෑසනක් වේවා !!!
🙏🙏🙏

පුතාලා එහෙනම්  අද ගණිත පාඩම පටන් ගමු නේද ?

මම අද හිතුවා ඔයාලා එක්ක ඉගෙන ගත්ත පාඩම්වලින් පුනරීක්ෂණ අභ්‍යාස කරන්න.

අ.පො.ස සා. පෙළ විභාගයට අදාලව,
10 ශේණියේ දැනට ඔබ ආවරණය කර ඇති පරිමිතිය , 
වර්ගමූලය ,
භාග ,
පාඩම්වලින් 1975 සිට ප්‍රශ්න සැකසී ඇති ආකාරය බලන්න . 
දැන් ඒවාට පිළිතුරු ලියන්න .


ඒ සදහා 8 - 10 දක්වා කාලය යොදා ගන්න.

පෙ.ව 10 න් පසු ඔබේ පිළිතුරු මාගේ පෞද්ගලික ගිණුමට යොමු කරන්න.


පිළිතුරු නිවැරදි දැයි බලන්න .

ගැටලුවක් වෙතොත් කථා කරන්න .

Friday 29 May 2020

විද්‍යාව - බල සමතුලිතතාව

විෂයය - විද්‍යාව
පාඩම - බල සමතුලිතතාව 
ගුරු භවතා - ජානක පුෂ්ප කුමාර මහතා
දිනය - 2020/05/29
වේලාව - පෙ.ව.8.00 - 10.00 සහ ප.ව. 2.00-4.00
----------------------------------------------------------



සුභ උදෑසනක් දරුවනේ.🙏🙏🙏 
අද අපි දොළොස් වැනි පාඩම වන බල සමතුලිතතාව පිලිබඳව ඉගෙනගමු. මම ඔයාලට 8.30 වන විට බල සමතුලිතතාවයට අදාල වීඩියෝ පටයක් එවන්නම්. දැන් ඔයාලා පෙළපොතේ දොළොස්වන පාඩම පෙරළගෙන ඒක හොඳින් කියවගන්න..

දරුවො හැමෝම හොදට පාඩම කියවගන්න ඇති නේද. එහෙනම් දැන් පාඩමට සම්භන්ධ  මේ වීඩියෝ එක බලන්නකෝ..



වීඩියෝ එකේ පාඩම පිළිබදව සම්පූර්න හැදින්වීමක් තියෙනව. ඒක බලල පාඩම හොදින් අවබෝධකරගන්න.

දැන් දරුවෝ හැමෝම පාඩම හොදින් අවබෝධ කරගන්න ඇති අපි. හවස් වරුවේ නැවත හමුවෙලා පාඩමේ අභ්‍යාස ටික කරමු.

සුභ සන්ධ්‍යාවක් වේවා දරුවනේ.🙏🙏🙏 
අපි උදේ වරුවේ බල සමතුලිතතාව පාඩම ඉගෙන ගත්තනේ දැන් අපි ඒ පාඩමේ අභ්‍යාස ටික කරමු.

පාඩමේ ඇති මිශ්‍ර අභ්‍යාසය සිදුකර පිළිතුරු මාගේ පෞද්ගලික අංකයට එවන්න. පසුව මම ඔයාලට උත්තර ටික ලබා දෙන්නම්. දරුවන්ට ගැටලු ඇති තැන් ඉන්පසුව අපි සාකච්ඡා කරමු

දරුවන් බොහොමයක් දෙනා ඉතාම උනන්දුවෙන් පිළිතුරු මා වෙත වමින් පවතිනවා. අනෙකුත් දරුවන් ද හැකි ඉක්මනින් ඔබ ලියූ පිළිතුරු මා වෙත එවන්න.


ඔන්න දරුවනේ මිශ්‍ර අභ්‍යාසය සඳහා පිළිතුරු ටික. ඔයාලගේ පිළිතුරු සමග සංසන්දනය කරලා බලන්න පිළිතුරු නිවැරදිද කියලා. යම් ගැටලු සහිත අවස්ථාවක් ඇත්නම් මාගේ පෞද්ගලික අංකයට අමතන්න.

එහෙමනම් දරුවනේ අදට අපි වැඩ කටයුතු අවසන් කරමු. ආයෙත් ලබන සතියේ හමුවෙමු. සියලු දෙනාටම සුභ දවසක් 🙏🙏🙏

Thursday 28 May 2020

කෘෂි හා ආහාර තාක්ෂණය - බිම් සැකසීම

විෂයය - කෘෂි හා ආහාර තාක්ෂණය
පාඩම - බිම් සැකසීම
ගුරු භාවතා - සංජිව රුවන්පුරගේ
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/28
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00-4.00
-------------------------------------------------------





කෘෂි හා ආහාරතාක්ෂණය පිලිතුර 0710310806 යොමු කරන්න









සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය - ප්‍රශ්න

විෂයය - සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
පාඩම - ප්‍රශ්න 

ගුරු භාවතා - ප්‍රදීප් නිශ්ශංක
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/28
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00-4.00

--------------------------------------------------------


සෞඛ්‍ය කරන අපේ පුතාලා හැමෝම පහත ප්රශ්න වලට පිළිතුරු ලියන්න.
01. ශාක මය ආහාර පමණක් ගන්නා අය තම පෝෂණ අවශ්‍ය තා සපුරා ගැනීමේ දී අවධානය යොමු කළ යුතු කරුණු මොනවාද?
02. වයස අවුරුදු 5 ට අඩු දරුවන් සඳහා ප්රධාන ආහාර වට්ටෝරුවක් සකස් කරන්න.
03.අතීතයේ සිට පැවත එන පෝෂදායි පිසිනලද දේශීය ආහාර වර්ග මොනවද?
04.ස්වාභාවික ආහාර වර්ණක මොනවද?
05. ගෙවතු වගාවේ වාසි මොනවද?
06.ආහාර සම්බන්ධ ඇති දුර්මත මොනවද?
07.ආහාර විෂවීම වැළැක්වීම ට ගත හැකි ක්රියා මාර්ග මොනවද?
08.ආහාර දූෂ්‍ය වන ආකාර මොනවද?

පිළිතුරු 0711430650 ට එවන්න.

Wednesday 27 May 2020

බුද්ධධර්මය - කර්මය සහ එහි ප්‍රභේද

විෂයය - බුද්ධධර්මය
පාඩම - කර්මය සහ එහි ප්‍රභේද
ගුරු භාවතා - නිශාන්ත ලාල් රණසිංහ
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/28
පන්තිය පැවැත්වූ වේලාව - පෙ.ව. 8.00-10.00
-----------------------------------------------------------

Tuesday 26 May 2020

සංගීතය - පැරණි නාඩගම් ගී අනුසාරයෙන් නිර්මාණය වූ නව නාට්‍ය ගී

විෂයය - සංගීතය
පාඩම - 
පැරණි නාඩගම් ගී අනුසාරයෙන් නිර්මාණය වූ නව නාට්‍ය ගී
ගුරු භාවතා - රංග ගුණවර්ධන
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/27
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 5.00-7.00
---------------------------------------------------------



සුභ සන්ධ්‍යාවක් වේවා 10 ශ්‍රේණියේ සංගීතය හදාරන දරුවො හැමෝටම

අපි දැන් අදට නියමිත පාඩම ආරම්භ කරමු.

අද පාඩම ව්‍යවහාරික සංගීතය කොටසේ සටහන් කර ගන්න.

පැරණි නාඩගම් ගී අනුසාරයෙන් නිර්මාණය වූ නව නාට්‍ය ගී

ලාංකේය ගැමි නාට්‍ය සම්ප්‍රදයන් අතර නාඩගම් නාට්‍ය කලාව සුවිශේෂී වූ ප්‍රබල රංග සම්ප්‍රදායක් ලෙස හැදින්වීමට පිළිවන.නාඩගම් නාට්‍ය සම්ප්‍රදාය නාට්‍ය ඉතිහාසය තුළ වැදගත් වූ සන්ධිස්ථානයක් ලෙස සදහන් කළ හැක.සොකරි,කෝළම් යන ජන නාට්‍ය ශෛලියෙන් ඇරඹි දේශීය ගැමි නාට්‍ය කලාව නාඩගම් හා නූර්ති සම්ප්‍රදායන්ගෙන් තව තවත් පෝෂණය වී දේශීය "නව නාට්‍ය සම්ප්‍රදායට" අවතීර්ණ විය.

ක්‍රි.ව. 1956 දී මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් විසින් රචිත මනමේ නාට්‍ය නිර්මාණය වීමත් සමග ලාංකේය නව නාට්‍ය කලාවේ සමාරම්භය සනිටුහන් විය.


දේශීය නාට්‍ය කලාව නව   මගකට යොමු කරමින් නව නාට්‍ය කලාවේ පියා ලෙස සැලකෙන්නේ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ය.එතුමා දේශීය නාට්‍ය කලාව නව මගකට යොමු කරමින් නව නාට්‍ය සම්ප්‍රදායට නව අරුතක් හා නව යුගයක් උදා කරවීය.ශ්‍රී ලාංකිකයන්ට ද නැවුම් අත්දැකීමක් වූ නව නාට්‍ය සම්ප්‍රදාය තාත්වික නාට්‍ය,ශෛලීගත නාට්‍ය,අර්ධ ශෛලීගත නාට්‍ය හා මුද්‍රා නාට්‍ය වශයෙන් ප්‍රභේද කොට දැක්විය හැක.එකී නාට්‍ය ප්‍රභේදයන් හරහා විවිධ ශෛලියෙන් ගොඩ නැගුණු නාට්‍ය නිර්මාණ කෘති යුගයෙන් යුගයට දශක ගණනාවක් පුරා සහෘද හදවත් අමන්දානන්දයටත්,
රසික ජන මනස ආකර්ශනය කර ගැනීමටත් සමත් විය.

මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ මනමේ,සිංහබාහු යන සුවිශිෂ්ට නාට්‍ය නිර්මාණ කෘති සදහා මූලික පදනම හා ආභාසය ලබා ඇත්තේ ඉපැරැණි නාඩගම් නාට්‍ය සම්ප්‍රදායෙනි.එදිරිවීර සරත්චන්ද්‍රයන් පැරණි නාඩගම් නාට්‍ය කලාවේ නාට්‍ය ශෛලිය,රංග ශෛලිය,නාට්‍ය සංගීතය,නාට්‍යමය මූලිකාංග,ශිල්පාංග හා මූලධර්මයන් පර්‍යේෂනාත්මකව අධ්‍යයනය කර දේශීය නව නාට්‍ය සම්ප්‍රදාන් ගොඩනැංවීමට එතුමාගේ ස්වකීය ප්‍රතිභා පූර්ණ කලා කෞශල්‍යයත් සිවිෂද පරිකල්පන ශක්තියත් මෙහෙයවා ක්‍රියා කළ බව මනාව විද්‍යාමාන වේ.එතුමන් ස්වකීය ප්‍රතිභා කලා කෞශල්‍යය තුළින් නාඩගම්,නූර්ති නාට්‍ය සම්ප්‍රදායන් අභිබවා දේශීය අනන්‍යතාව මතු කර දැක්වීමට සිය නිර්මාණාත්මක කෞශල්‍යය විදහා පෑමට  " නව නාට්‍ය කලාව" තුළින් සමත් වූ බව ප්‍රත්‍යක්ෂ වන සාධකයකි.

ඉපැරැණි නාඩගම් නාට්‍ය සංගීතය ඇසුරින් නූතන නව නාට්‍ය කලාවේ නාට්‍ය කෘති සදහා විශේෂයෙන් මනමේ හා සිංහබාහු නාට්‍ය කෘති වල නාට්‍ය ගීත බොහොමයක නාඩගම් ගී තනු,රිද්මයන් හා නාද රටාවන් ගැබ්ව පවතී.නාඩගම් නාට්‍ය ගීත වල ගමන් තාල,දෙබස් සංවාද වල සංගීතාංග,ගායන වාදන ශෛලීන්,විවිධ සංගීතමය,නර්තනමය හා නාට්‍යමය අංගයන් හා ශිල්පීය ක්‍රම නූතන නව නාට්‍ය සංගීතය තුළින් ගෙන හැර පෑමට සරත්චන්ද්‍රයන් දැක්වූ නාට්‍යමය ප්‍රතිභාවත් සංගීත කලා පරිඥානයත් අතිමහත්ය.

පහත දැක්වෙන්නේ එතුමන් විසින් රචිත මනමේ නාට්‍ය කෘතිය සදහා නිර්මාණය වූ නව නාට්‍ය ගී කිහිපයකි.නරඹා රසාස්වාදය කරන්න.






පැරණි නාඩගම් නාට්‍ය වල ගී තනු පාරම්පරිකව පැවතුණු නිසා ශිල්පීන්ගේ අභාවයත් සමගම ගී තනු අප්‍රචලිත විය.මෙසේ නාඩගම් රංග සම්ප්‍රදායෙහි ගී තනු,ගායන වාදන අංග යන සංගීතාත්මක මූලාශ්‍ර අභාවයට යාමට නොදී පාරම්පරික ශිල්පීන්ගෙන් ලබා ගෙන සංරක්ෂණය කොට නව නාට්‍ය සංගීතය රසාලිප්ත කලාංගයක් බවට පත් කිරීමට එතුමා දැඩි පරිශ්‍රමයක් ගත් බව විද්වතුන්ගේ මතය වේ.නව නාට්‍ය කලාව වූ කලී නාට්‍ය සහිත්‍යායේත්,පැරණි නාඩගම් නාට්‍ය සංගීතයේත් අපූර්වවූත්,විචිත්‍රවූත් සෞන්දර්‍යාත්මක සුසංයෝගයක් ලෙස එතුමා සාධක මානව විදහා දැක්වීය.සිංහල නාට්‍ය වංශයේ අමරණීය කෘතීන් ලෙස මනමේ හා සිංහබාහු නව නාට්‍ය කෘති අගය කළ හැක.

* නූතන මනමේ,සිංහබාහු නව නාට්‍ය ගීත සදහා ඉපැරැණි නාඩගම් ගී වල ආභාසය ලැබී ඇති අයුරු  පහත ගීත ලැයිස්තුව අධ්‍යයනය කිරීමෙන් එය ප්‍රත්‍යශ වේ.


* මනමේ,සිංහබාහු නව නාට්‍ය ගීත වලට අදාළ ගී පද මාලාවන් හ ස්වර ප්‍රස්ථාරයන් මෙසේය.











එහෙනම් පුතේ පැරණි නාඩගම් ගී අනුසාරයෙන් නිර්මාණය වූ නව නාට්‍ය ගී පාඩම මින් අවසානයි. සියලු දෙනාම ඉහත සටහන හා දී ඇති ගීත ඇතුළත් වීඩියෝ පට  හොදින් අධ්‍යයනය කර රසාස්වාදය කරන්න. ඊළඟ දිනයේදී විභාග ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලිවීමට සූදානම් වන්න.
හැමදෙනාටම තෙරුවන් සරණයි.
ආයුබෝවන් 🙏

නර්තනය - කලා කෘතියක රස මිහිර පවසමු

විෂයය - නර්තනය
පාඩම - කලා කෘතියක රස මිහිර පවසමු
ගුරු භාවතා - ආර්.ඩී. හේවාවිතාරණ
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/27
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 1.00-3.00
-------------------------------------------------------







ඔයාලට අද කරදිය මුද්‍රා නාට්‍යය හා කූඹි කතාව මුද්‍රා නාට්‍යය යන කලා කෘති දෙක පිළිබද අද්‍යනයක් කිරීමට තමා තිබෙන්නේ ... සියල්ලටම ප්‍රතමයෙන් කලා කෘතියක් යනු කුමක්ද කියල හදුනා ගනිමු ..👍


මුලින්ම හිතන්න යමක් .. හොදින් හිතන්න ...🤔



ඔයාල මොකක්ද හිතන්නෙ මේ ගැන ..



පුතේ මෙමෙ නිර්වචනය පිළිබද විමසමු ..👉



දැන් ඔයාල රසිකයා කියන්නෙ කවුද කියල දන්නවා..👍



ඔයාල ඒකත් දන්නවා ..👉



නිර්මාණාත්මක  බව කියන්නෙ මෙකට  👉



ඉහත කරුණු පිළිබද සිතන්න .. නිර්වචනය පිළිබද තේරුම් යයි.. ඔයාලට ..👍

කලා කෘතියක ඉහත කරුණු සියල්ලක්ම තියනවා ..


ඔයාල පිළිගන්නවා නේද ??👍



සරලව සිතන්න ..🤔



ඉහත නිර්වචනය ජාත්‍යන්තරයේ පිලිගන්නා මතයක් ..




මම හිතනවා තේරුම් යයි කියල ..👍



ඉහත කරුණ ගැන ටිකක් හිතන්න ..🤔

ඉහත කරුණ ගැන ටිකක් හිතන්න ..🤔

Audio 1 🔊



මම කියනවටම පිළිගන්න එපා .. තර්කානුකූලව හිතන්න ..👉



ආලෝකයකරණ ,ශබ්ද පරිපාලනය ,අංග රචනය ,රංග රචනය ,වේදිකා පරිපාලනය   යන ආදී සියලුම දේ තුළ විද්‍යාව අන්තර්ගත වී තියනවා ..



සතත අභ්‍යාසය මගින් තමා ශිල්පයක් ප්‍රගුනකල යුතු වන්නේ.. නර්තන විශය තුළ නම් මූලික හරඹ ,අනෙකුත් නර්තන අංග ප්‍රගුන කල යුතුමයි . එතකොට තමා නර්තන ශිල්පීන් වන්නේ ..


ඔයාලට මහන්සිද?? එහෙනම් මේක රසවිදින්නකෝ..




ඔන්න ඕක තමා යතාර්ථය ..  මෙන්න මේවාට තමා කියන්නෙ කලා කෘති කියල ..

පුතේ මේ පාඩමේ දෙවන කොටස තවත් දවසකින් කියන්නෙ .. ඔක්කොම එක දවසට කරන්න ගියොත් අගයක් නෑනේ .. විභාගයට ඕනෑම ටික තවත් දවසකින් බලාපොරොත්තු වන්න.. අද පාඩම ජීවිතයට ..හා ඉදිරියට කරන කොටසේ ප්‍රවේශය වේ..

දැන් හොද කලා කෘතියක රස මිහිර විදිමු..





ඉහත කලා කෘති නරඹා ඉලග දවසට පාඩමට සූදානමින් සිටින්න ...

අදට මම නවතින්නම්.. ඔයාලට තෙරුවන් සරණයි !!!  ආයුබෝවන් 🙏

සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...