Monday 11 May 2020

විද්‍යාව - රසායනික බන්දන III

විෂයය - විද්‍යාව
පාඩම - රසායනික බන්දන III 
ගුරු භවතා - ජානක පුෂ්ප කුමාර මහතා
දිනය - 2020/05/11
වේලාව - පෙ.ව.8.00 - 10.00 සහ ප.ව. 2.00-4.00
----------------------------------------------------------

දරුවෝ හැමෝටම සුභ උදෑසනක්.

අද ඔයාලගේ විද්‍යාව පාඩම. අද අපි රසායනික බන්ධන පාඩමේ අවසාන කොටස ඉගෙනගමු.
 රසායනික බන්ධන පාඩම අවසාන කොටසට අදාළ වීඩියෝ පටයක් මම ඔයාලට ලබාදෙන්නම්. එම වීඩියෝව නරඹා අපි පෙළ පොතේ ඇති අභ්‍යාසයේ ඉතුරු කොටස කරමු.
උදෑසන 8 - 10 කාලයට අදාළව වීඩියෝ පටය නැරඹීම සහ අභ්‍යාසය සදහා පිළිතුරු ලිවීම සිදු කරමු.
 සවස 2-4 අතර කාලය තුළ අපි තුන්වන පාඩමට අදාල ‍ප්‍රශ්ණ පත්‍රයක් සඳහා පිළිතුරු ලියමු.

පාඩමට අදාල වීඩියෝ පටය නැරඹීම සඳහා මෙම link එක භාවිත කරන්න




පාඩම සම්බන්ධයෙන් හෝ අභ්‍යාසය සම්බන්ධයෙන් දරුවන්ට යම් ගැටළුවක් ඇත්නම් උදෑසන 08.30 න් පසුව මාගේ 0713974590 අංකයෙන් ඇති පෞද්ගලික ගිණුම හා සම්බන්ධ වන්න.
    (ජානක සර්)

Audio 1 🔊

Audio 2 🔊

උදෑසන 9.30 වනවිට අභ්‍යාසයෙහි 8 ,9 ,10 ප්‍රශ්න සඳහා පිළිතුරු මා ඔබට ලබාදෙන්නම්. ඊට පෙර ඔබ ලියූ පිළිතුරු පත් මා වෙත යොමු කරන්න.

ඔන්න දරුවනේ 8, 9 ,10 ප්‍රශ්ණ සඳහා පිළිතුරු ටික



එහෙනම් දරුවනේ උදෑසන විද්‍යයාව සඳහා වෙන් වූ කාලය අවසන් ව ඇති බැවින් අපි නැවත සවස දෙකට හමුවෙමු. එහිදී මා ඔබට විද්‍යාව පොතේ තුන්වන පාඩමට අදාල ප්‍රශ්න පත්‍රයක් ලබා දෙන බැවින් එම පාඩම හොඳින් අධ්‍යයනය කර සවස දෙක වන විට නැවත මා හා සම්බන්ධවන්න.

සුභ සන්ධ්‍යාවක් දරුවනේ...

 මම හිතනවා ඔයාලා තුන්වෙනි පාඩම හොදින් අධ්‍යනය කරන්න ඇති කියලා. ඉතින් දරුවනේ දැන් ඔයාලා  මම දෙන ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු ලියන්න පටන් ගන්න.
 ප්‍රශ්න පත්‍රයේ යම් ගැටළුවක් ඇත්නම් මාගේ පෞද්ගලික ගිණුම මගින් දන්වන්න.
පිළිතුරු ලියා අවසන් වූ විට ඔබගේ පිළිතුරු පත් මා හට ලැබීමට සලස්වන්න.

Note 1 📚

අද දවසේ විද්‍යාව පාඩම සඳහා දරුවන් බොහෝමයක් ඉතා උනන්දුවෙන් සහභාගී වූ අතර ඉදිරි දින වලදීත් විද්‍යාලයේ කටයුතු සඳහා උනන්දුවෙන් සහභාගී වන්න. අද දිනට නියමිත විද්‍යාව පාඩමේ වැඩ කටයුතු මෙතැනින් නිමාවන අතර ඔබ සැමට තෙරුවන් සරණයි.

( ජානක සර්)

සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...