Tuesday 9 June 2020

සිංහල භාෂාව හා සාහිත්‍යය - හානා හීය පානා අඬහැරෙන් දැනේ....

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය
පාඩම - හානා හීය පානා අඬහැරෙන් දැනේ....
පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි
පන්තිය පැවැත්වූ දිනය - 2020/06/09
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00- 4.00
------------------------------------------------------------


දරුවනේ එහෙනම් හවස පාඩම පටන් ගමුද....ඔය නිශාන්ත සර්ටත් මතක් වෙලෑ නොවැ...

කෝ කවුද ඉන්නේ

අද පඩමට කලින් මේක අහමු නේද දරුවනේ ....



මේක ඇහුනාම මොනවාද මතක් උනේ

ජන කවි...අඬහැරය...වගේ එවා නේද ....

අද සාහිත්‍යය පොතේ 03 වැනි පාඩම

මොකක්ද ඒ.....

හානා හීය පානා අඬහැරෙන් දැනේ....

මේක බලන්න .....



මේක හොදට බලන්න

ඊට පස්සේ මේ සටහන සාහිත්‍යය සටහන් පොතේ ලියා ගන්න.....



දැන් මේ ටික කියවන්න









කවි ටික තේරුම් එක්කම දැන ගත්ත නොවැ...

ක්‍රියාකාරකමකුත් කරමු නේද ....





උත්තර ලියල මගේ ගිණුමට එවන්න

දරුවනේ අපි පාඩම අවසන් කරමු නේද

තෙරුවන් සරණයි හැමෝටම ...

සිංහල භාෂාව හා සාහිත්‍යය - 15 පාඩම

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය
පාඩම - 15 පාඩම
පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි
පන්තිය පැවැත්වූ දිනය - 2020/06/09
පන්තිය පැවැත්වූ වේලාව - පෙ.ව. 8.00- 11.00
------------------------------------------------------------




පුරාණ වෙස්සන්තර ජාතක කාව්‍යය තරම් ජනාදරයට පාත්‍ර වූ වෙනත් කාව්‍යයක් අපට නැත. ‘සසඳාවත’, ‘මුවදෙව්දාවත’, ‘කව්සිළුමිණ’ වැනි ජාතක කාව්‍යය පොදු ජනයා අතර ප්‍රිය නො වී ය. ඒවා උගතුන්ට පමණක් සීමා විය. එමෙන් ම, කාව්‍යශේඛරය වැනි ජාතක මහා කාව්‍යය ද පොදු ජනයා අතර සම්භාවනාවට පාත්‍ර නො වී ය. එය ද උගතුන් අතර ම රැඳුනි. වියතුන් අතින් රචනා වූ සඳකිඳුරුදා කව හා ගුත්තිල කාව්‍යය වැනි ජාතක කාව්‍යය පොදු ජනයා අතර සමීප වුව ද පොදු ජනයා බෙහෙමින් වැළඳ ගන්නේ පුරාණ වෙස්සන්තර ජාතක කාව්‍යය යි. ඒ නිසා මෙය සිය දහස් වරක් පමණ මුද්‍රණය වූ පොතයි. අතීතයේ ලක්දිව කෙනෙක් මිය ගිය විට එම නිවසේ දින හතක් මේ ජාතක කාව්‍යය ගායනා කොට නිවැසියන්ගේ ශෝකය තුනී කර ගත් අයුරු ප්‍රසිද්ධ කාරණයකි.

වෙස්සන්තර ජාතකය ජාතක පොතේ අවසාන ජාතකය වන 547 වැන්නයි. අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව පළමු බන්ධු සංග්‍රහ පිණිස කිඹුල්වත් පුරයට වැඩිදා සවස යමා මහ පෙළහර දක්වා නොයෙක් දේශනාවන්ගෙන් ධර්ම ප්‍රවාහය කරන කල්හි සුද්ධෝදන මහ රජතුමා සහ යසෝදරා දේවී ප්‍රධාන පිරිසට වෙස්සන්තර ජාතකය දේශනා කළ බව සම්බුදු සිරිතේ දැක්වේ. මෙසේ පොළොන්නරු යුගයේ සිට අද දක්වා ම වෙස්සන්තර ජාතකය සිංහල පාඨකයනට කියවන්නටත්, සිංහල ශ්‍රාවකයාට අසන්නටත් ලැබී තිබේ. එය කවියෙන් ද කීමට, ඇසීමට අවස්ථාව උදා වී තිබේ. ආරම්භයේ සිට ම සිංහල කවියට වස්තු වූයේ බුද්ධ චරිතය නොව ජාතක කතාවන් සමඟ ආ බෝසත් සිරිත යි. බුදුගුණ වැඩීම ප්‍රධාන පරමාර්ථය වූ බැවින් බුදු සිරිතත්, බෝසත් සිරිතත් අතර දැඩි වෙනසක් අපේ සිංහල කවීන් නුදුටු සේ ය. එනිසා සිංහල කවියේ ආරම්භයේ සිට ම ජාතක කථා වස්තු සිංහල කවියාට වස්තු විෂය විය.

පොළොන්නරු යුගයේ සිට දඹදෙණි යුගය තෙක් ජාතක කථා කවියට නැගුණේ ගීයෙනි. ගම්පොළ යුගයේ දී එළිසම කාව්‍යය බිහිවීමත් සමඟ ම ජාතක කථා සිව්පදයට නැගීම ඇරඹිණි. ජාතක කථා රාශියක් මහනුවර – මාතර යුගයේ දී ජනකවියන් අතින් රචනා වී තිබේ. පුරාණ වෙස්සන්තර ජාතක කාව්‍යය ද අයත් වන්නේ මේ යුගයට ය. මේ යුගයේ දී මුල් බැසගත් ජාතක කථා කවියට නැගීමේ ජන කවියාගේ ගමන් මඟ උද්දීපනය කළ කෘතියක් ලෙස වෙස්සන්තර ජාතක කාව්‍යය හඳුනාගත හැකි ය. මෙහි කෘති අවිනිශ්චිත ය.

පන්සිය පනස් ජාතක පොතේ අවසාන ජාතක කථාව වන දාන පාරමිතාව කැටිගැන්වෙන වෙස්සන්තර ජාතකය කියවන්නන්ගේ හා අසන්නන්ගේ සිත ශාන්ත රසයෙන් කරුණා රසයෙන් මෙන් ම මෛත්‍රියෙන් ද ශෝකයෙන් ද පුරවා දමන්නකි.


දරුවනේ දැන් කවි පන්තිය අහමු නේ ද ......



මේ ටික දෙපරක් වත් අහන්න

දැන් තේරුම ලියා ගන්න...ක්‍රියාකාරකම් පොතේ.....





පෙළ පොතේ 134-135 පිටුවල ( අවබෝධය, ලිඛිත අභ්‍යාස ) කරන්න..









සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...