Saturday 23 May 2020

විද්‍යාව - බලයක භ්‍රමණ ආචරණය

විෂයය - විද්‍යාව
පාඩම - බලයක භ්‍රමණ ආචරණය
ගුරු භවතා - ජානක පුෂ්ප කුමාර මහතා
දිනය - 2020/05/23
වේලාව - පෙ.ව.8.00 - 10.00 සහ ප.ව. 2.00-4.00
----------------------------------------------------------


සුභ උදෑසනක් වේවා දරුවනේ...🙏🙏🙏

අද ඔයාලගේ විද්‍යාව පාඩම...
දරුවෝ හැමෝම දැන් විද්‍යාව පාඩම සඳහා සූදානම් වෙන්න..අද අපි 11 වෙනි පාඩම ඉගෙනගමු.
 ඔයාලගේ විද්‍යාව පෙළ පොතේ එකොළොස් වැනි පාඩම පෙරලගෙන මුලින්ම ඒ පාඩම හොඳට කියව ගන්න කො.....

ඔයාලට මම පැය භාගයක කාලයක් දෙන්නම් පාඩම කියවගන්න. ඊට පස්සේ මම පාඩම හා සම්බන්ධ වීඩියෝ පටයක් එවන්නම් ඒක බලලා තවදුරටත් පාඩම හොඳින් අවබෝධ කරගන්න.

8.30 වෙද්දි මම වීඩියෝ පටය එවන්නම්.ඒ වෙද්දී ඔයාල පාඩම හොදට කියවල තියෙන්න ඕන.



පාඩමට අදාල මේ වීඩියෝ පටය නරඹා පාඩම වඩාත් හොදින් අවබෝධ කරගැනීමට උත්සාහ කරන්න.

එකොලොස් වන පාඩම පිළිබඳව දරුවන්ට දැන් හොඳින් අවබෝධ වෙන්න ඇති. උදෑසන කාලයට අදාළ විද්‍යාව වැඩකටයුතු මෙතැනින් නිමා කරන අතර සවස් කාලයට අදාල ව්ද්‍යාව වැඩ කටයුතු සඳහා අපි නැවත සවස දෙකට හමුවෙමු.

සුභ සන්ධ්‍යාවක් දරුවනේ. එකොළොස්වන පාඩමට අදාල 11.1අභ්‍යාසය ,11.2 අභ්‍යසය හා මිශ්‍ර අභ්‍යසය දැන් කරන්න පටන්ගන්න.

දරුවන් අභ්‍යාසය සිදුකර අවසන් වූ වහාම ඔබ ලියූ පිළිතුරු මාගේ 0713974590 අංකයට එවන්න. සවස 3.30 වනවිට මම ඔබලාට අභ්‍යාස වලට අඅදාල පිලිතුරු ලබාදෙන්නම්.

අභ්‍යාස සදහා පිලිතුරු ලියන විට ප්‍රශ්න ලිවීම අනිවාර්‍ය වේ.



මේ තියෙන්නෙ දරුවනේ අභ්‍යාස සඳහා පිළිතුරු. ඔයාලා ලියපු පිලිතුරු සමග මේ පිළිතුරු සංසන්දනය කරල බලන්න ඔයාලගේ පිළිතුර නිවැරදිද කියලා



බොහොමයක් දරුවන් අභ්‍යාසය සඳහා පිළිතුරු ලියා මා වෙත එවා තිබුණා. ඒ වගේම දරුවන් බොහොමයක් දෙනා උනන්දුවෙන් උදෑසන සිට මේ දක්වා මා සමග රැඳී සිටියා. ඉතින් දරුවනේ අදට අපි විද්‍යාව පාඩම අවසන් කරමු දරුවෝ හැමෝටම සුභ දවසක්.🙏🙏🙏

සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...