විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය
පාඩම - 14 පාඩම
පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි
පන්තිය පැවැත්වූ දිනය - 2020/06/01
පන්තිය පැවැත්වූ වේලාව - පෙ.ව. 8.00- 11.00 ප.ව. 2.00-4.00
------------------------------------------------------------
දරුවනේ හෙට සිංහල නේද .....
හුණු වටයේ කතව කියවන් එන්න .....
109 -124 දක්වා
දරුවනේ මේ ගීතය අහල තියෙනවා ද.....
1
දරුවනේ මොහුව අදුරනව ද
මොහු තමයි ජර්මනියේ විසූ ප්‍රසිද්ධ නාට්‍යකරුවෙක් වන බර්ටෝල්ට් බ්රෙෂ්ට්
යුරෝපය කියන්නේ ලෝක සාහිත්‍යට ඉතාම වටිනා නිර්මාණ, සිහිවටන හා පුද්ගලයින් දායාද කළ මහාද්වීපයක්. ඉනුත් වේදිකා නාට්‍ය කලාව විශේෂ තැනක් ගන්නවා. කිතු උපතට පෙර කාලයේ සිට ග්‍රීසිය සහ රෝමයේ ඊස්කිලස් හා සොෆොක්ලීස් වැන්නවුන් වගේම 16 වනි සියවසේ විලියම් ෂේක්ස්පියර් දක්වාම කලින් කලට විවිධ නිර්මාපකයන් යුරෝපයෙන් බිහි වුණා. ඉන් පසුවද එම දාමය නොබිඳිමින් ජෝර්ජ් බර්නාඩ් ශෝ වැන්නවුන් බිහි වන්නේ ලෝක වේදිකා නාට්ය සාහිත්‍යයේ යුරෝපීය ලකුණ ඉදිරියට ගෙන යමින්.
මොවුන් අතරින් 20 වන සියවසට අයත් වන බර්ටෝල් බ්‍රෙෂ්ට් ගේ නම ඉතිහාසයේ ලියැවී තියෙන්නේ රන් අකුරින්. මියගොස් බොහෝ කලක් ගෙවුණත් අදටත් ඔහුගේ නිර්මාණ සක්‍රීයව ලෝකයේ විවිධ භාෂාවලට පරිවර්තනය, අනුවාදනය වී වේදිකා ගත වෙමින් තිබීම ඔහුගේ නිර්මාණශීලී විශිෂ්ටත්වයට නිදසුන් සපයනවා. හෙන්රි ජයසේන මහතා ගේ හුණු වටයත්, ජන කරළිය නාට්‍ය කණ්ඩායම රංග ගත කරන ‘වට ඔළුවෝ හා උල් ඔළුවෝ’ නාට්‍යත් වර්තමානයේ ඔබට සිංහල බසින්ම නැරඹිය හැකි බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය නිර්මාණවල පරිවර්තන. අද අපි ඔබ වෙත ගෙන එන්නේ ඒ විශිෂ්ට නිර්මාපකයාගේ ජීවන තතු යි.
උපත ජූලි 6, 1931
ගම්පහ, ශ්‍රී ලංකාව
මිය යාම නොවැම්බර 11, 2009
කළුබෝවිල - ශ්‍රී ලංකාව
ජාතිකත්වය ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනය ලොරෙන්ස් විද්‍යාලය ගම්පහ හා නාලන්දා විද්‍යාලය කොළඹ
රැකියාව චිත්‍රපට නළු සහ
වේදිකා නළු
කලත්‍රයා(යන්) මානෙල් ජයසේන
ඔහුගේ නාට්‍ය මොනවාද දන්නවද .....
නාට්‍ය නිර්මාණ
මනමාලයෝ - පරිවර්තන (1953)
වැදගත්කම - පරිවර්තන(1954),
ඇත්ත කුමක්ද? - පරිවර්තන (1955)
පව්කාරයෝ -ස්වත්‍රන්ත්‍ර (1959)
ජනේලය -ස්වත්‍රන්ත්‍ර (1962)
කුවේණි -ස්වත්‍රන්ත්‍ර (1962)
තවත් උදෑසනක් - ස්වත්‍රන්ත්‍ර (1946)
මනරංජන වැඩවර්ජන - ස්වත්‍රන්ත්‍ර (1965)
අහස් මාළිගා - පරිවර්තන(1966)
හුණු වටයේ කථාව -පරිවර්තන (1967)
අපට පුතේ මගක් නැතේ -ස්වත්‍රන්ත්‍ර(1968)
දිරිය මව සහ ඇගේ දරුවෝ-පරිවර්තන (1972)
මකරා - පරිවර්තන(1973)
සරන සියොත් සේ පුතුනි හඹා යන -ස්වත්‍රන්ත්‍ර (1975)
සිරිසඟබෝ - (ජෝන් ද සිල්වාගේ සිරිසඟබෝ නූර්ති පිටපත යළි නිශ්පාදනය )
ජයතු ලංකා - 1983
‘දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු‘ වේ. එය එසේම වේ දැයි බැලීමට අපි කාන්තා දිනයේ ටවර් හෝල් රඟහලට ගියෙමු.
හුරුපුරුදු මුහුණු රැසක රැඳි සුපසන් සිනාවෙන් ටවර් රඟහල පිරී තිබෙනු පෙනිණි. ඒ බොහොමයක් දෙනා පැමිණ සිටියේ තම දරුමුණුපුරන්ද කැටුවය. අතීතයේ රට පුරා මෙවැනි වේදිකා රැසක රඟ දැක්වූ නාට්‍යයක ගෞරවණීය පාත්‍ර වර්ගයා වූ ඔවුහු ඒ අභිමානය නිහතමානීව විඳ ගන්නට පැමිණ සිටියහ.
සීනු තුනක් නාද විය. තිරය මදක් විවර වෙද්දී මහා ජන ඝෝෂාවක් ඇසිණි. අවලාද කියන මහලු මිනිසෙක් වටකරගත් පිරිසකි. ඔහු දිසාපති හාමුදුරුවන්ට පෙත්සමක් බාර දීමට අවශ්‍ය බව කියයි. එය වළක්වාලන පිරිස අතරින් ඉදිරියට එන පූරක මෙහි සිදුවන විශේෂ කරුණ ඔහුට දැනුම් දෙයි.
“මේ සීයේ මෙතන පෙත්සම් දෙන තැනක් නෙවෙයි. අද මේ අය මෙතැනට රැස් වෙලා ඉන්නේ, මීට අවුරුදු 50ට කලින් ඒ කියන්නේ 1967 මාර්තු 8 වැනිදා වේදිකා ගත කරලා අද වෙනතුරු නොකඩවා දර්ශන 4800ක් ප්‍රදර්ශනය කළ ‘හුණු වටෙයේ කතාව‘ කියන වේදිකා නාට්‍යයේ ස්වර්ණ ජයන්ති උලෙළ සමරන්න.“
‘හුණුවටයට 50යි‘ කියනවාත් සමඟම ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ මියුරු සංගීත හඬ සර්පිනාවේ සර පුවරු අතරින් මතු විය. අඩසිය වසක් පුරා හුණුවටයේ කතාවෙන් මොහොතකටවත් වෙන් නොවූ ප්‍රවීණ නළු නිමල් ජයසිංහ ගායන වෘන්දය සමඟ මෙසේ ගායනය ඇරැඹූවේය.
“ඈත එක් යුගයක ලෙයින් නැහැවුණු සමයක කවුකාස්කි නගරයක සාපලත් නගරයයි නම් වූ... විසුවා යුව රාජයෙක්...“
ඒ හුණුවටයේ කතාවේ ඇරැඹුමයි. ජර්මන් ජාතික විප්ලවීය නාට්‍යෙව්දියකු වූ බර්ටෝල් බ්‍රෙෂ්ට් ගේ ‘ද කොකේසියන් චෝක් සර්කල්‘ නම් පෙළ හුණු වටයේ කතාව ලෙස සිංහලට පරිවර්තනය කොට නිෂ්පාදනය කළේ මෙරට සිටි ප්‍රවීණ නාට්‍යවේදියකු හා රංගධරයකු වූ හෙන්රි ජයසේනයන්ය. අසඩක්, ගෘෘෂා වැනි නම් එලෙසම භාවිත වුවත් එය කෙතරම් අපට සමීප වූවාද කීවහොත් හෙන්රි ජයසේනගේ හුණුවටයේ කතාවට බර්ටෝල් බ්‍රෙෂ්ට් ගේ සම්බන්ධයක් ඇති බව පවා ප්‍රේක්ෂකයන්ට අමතක වන තරම් විය. මුල් නිෂ්පාදනයේදී හෙන්රි ජයසේනයන් තැබූ සටහනක් කියවීමේදී එයට හේතුව පැහැදිලි විය.
“බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ ‘කොකේසියානු හුණුවටය‘ නැමැති නාට්‍යයට පදනම වූයේ අවුරුදු හයසියයකටත් වඩා පැරැණි චීන නාට්‍යයක් බැව් කියැවේ. එයට වස්තු වූ කථාව, උමංදාවෙහි එන මහෞෂධ කුමරුන් විසඳූ ‘දරු ප්‍රශ්නය‘ කතාවට සමාන වූ බැව් සිතීමට ඉඩ තිබේ. එය බණ පොත් කියවා ඇති, බණ අසා පුරුදු ඇති, මෙරට කවුරුන් වුවද දන්නා කථාවකි...බ්‍රෙෂ්ට් සිය නාට්‍ය කිහිපයකටම වස්තු බීජ සොයාගෙන ඇත්තේ අපරදිගින් නොව පෙරදිගිනි. ඔහුගේ රචනා විලාසය හා ඔහුගේ නිෂ්පාදන හා රංග ක්‍රම උපක්‍රම ආදියද පෙරදිග සම්ප්‍රදායට නැඹුරු වූ ඒවාය. පොතේ ගුරු, ගායක පිරිස, නැටුම්, සංගීතය, බෙර වාදනය ආදී පෙරදිග නාට්‍ය සම්ප්‍රදායනට හුුරු අංග බ්‍රෙෂ්ට්ගේ නාට්‍යවල බහුලය.“
මේ ගීතයත් අහන්නකෝ
වේදිකා නාට්‍යයක් පටන් ගන්නෙ කොහොමද දන්නවද දරුවනේ ....
දැන් පාඩමත් එක්ක එකතු වෙලා ඉන්න අය ලයික් කරන්න
දරුවනේ අපි හවස පඩම පටන් ගමුද .....
අද වෙනදා වගේ සාහිත්‍යය පාඩම නෙවෙයි අද .....
ඒත් සාහිත්‍යය පාඩමක් ම තමයි...උදේ පඩමේ ඉතිරි කොටස.....
යමු නේද පාඩමට.....
කෝ...පඩමත් එක්ක එකතු වෙලා ඉන්න අය ලයික් එකක් දාන්න... (මේ සටහන ලියා ගන්න......)