Sunday 21 June 2020

සිංහල භාෂාව හා සාහිත්‍යය - හනා හීය පානා අඩහැරෙන් දැනේ II

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය
පාඩම - හනා හීය පානා අඩහැරෙන් දැනේ 
පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි
පන්තිය පැවැත්වූ දිනය - 2020/06/21
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00- 4.00
------------------------------------------------------------




දරුවනේ හවස පාඩම පටන් ගමුද ????


මේක බලන්න


උත්තර ලියා මට එවන්න

කාට හරි පෙනෙන්නේ නැත්නම් මට කියන්න

සිංහල භාෂාව හා සාහිත්‍යය - 16 පාඩම

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය
පාඩම - 16 පාඩම
පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි
පන්තිය පැවැත්වූ දිනය - 2020/06/21
පන්තිය පැවැත්වූ වේලාව - පෙ.ව. 8.00- 11.00
------------------------------------------------------------




බුද්ධ චරිතයට සම්බන්ධව සිංහලෙන් රචනා වී ඇති අමාවතුර නම්, ග්‍රන්ථ නාමය ශ්‍රවණය වන විට අසන්නාගේත්, පාඨකයාගේත් සවන්වලට දැනෙන්නේ අපූර්ව වින්ඳනයකි. රසයකි. සැනසිල්ලකි. අක්ෂර කලාව නොදත් අයෙකු වුවද, එම මහගු නාමය ඇසීමට දක්වන්නේ මහත් රැචිකත්වයකි.

පැරැණි මුතුන් මිත්තෝ එහි අන්තර්ගත ධර්ම කරුණු කියවීමෙන් හා ඇසීමෙන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව අසීමිත ශ්‍රද්ධා භක්තියක් ඇතිකර ගත්තාක් මෙන්ම, ධර්මය සම්බන්ධයෙන් ද, විශේෂ දැනීමක් ඇතිකර ගත්හ. අද්‍යතනයේ වුවද, සිංහල භාෂාවදත් බොහෝ දෙනෙක් ග්‍රන්ථාභ්‍යන්තරයට නොගොස්, ග්‍රන්ථ නාමය ඇසීමෙන්ම කිසියම් රැචියක් උපදවා ගනිති. උගත් ලෝකයේ ද පැරැණි උසස් සාහිත්‍ය කෘතීන් පිළිබඳ හැඳින්වීමේ දී අමාවතුර පෙරට ගැනීමට කිසිවෙකුත් පසුබට නොවෙති. සිංහලයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතා අදහස් දක්වමින් පුරාතන සිංහලයේ ආදිතම ගද්‍ය කතා කාව්‍ය කෘතිය ලෙස හඳුන්ව යි. අද්‍යතනයේ අමාවතුර යන නම එම කෘතිය සඳහා ව්‍යවහාර වුවත්, පැරැණි කාලයේ අමාවතුරු යන නමින් ද ප්‍රචලිත වී තිබේ. බුද්ධ චරිතය වස්තු විෂය කොට ඇති මෙහි අමා යනු අමෘතයට නමකි. නිවන හැඳින්වීමට ද අමෘතය යන වචනය යෙදී ඇත. ජලයට වැටුණ යමක් මුහුදට පමුණුවන්නාසේ සත්ත්වයා ධර්මය නමැති ඕඝයෙන් නිර්වාණය නැමැති අමෘතයට පමුණුවන අර්ථයෙන්ද අමාවතුර යන නාමය ව්‍යවහාර කොට ඇති බැවි පෙනේ.

ධර්මයෙහි ඇති මිහිර අමාවතුර යන නමින් හඳුන්වනු ලබන බව ද, ඇතැමුන්ගේ මතයයි. එහි ඇති වචනයක් වාක්‍යයක් පාසාම මිහිර දැනේ. විවිධ රසයන් ගලා එයි. ඒ අනුව සෑම කතාවකින්ම මිහිර ගලාගෙන එන බැවින් අමාවතුර යන නාමය එම ග්‍රන්ථයට ලබා දී තිබේ. සත්ත්වයා අමාමහ නිවනට පමුණුවන බැවින් ද , අමාවතුර යන නාමය ව්‍යවහාර විය. එම ග්‍රන්ථය රචනා කිරීමට මූලික හේතුව හෙවත් නිමිත්ත වන්නේ බුදුපියාණන් වහන්සේගේ නව අරහාදී ගුණ කදම්බයන්ගෙන් මදක් විස්තර කිරීම බව සමස්ත ග්‍රන්ථය තුළින් පෙනේ. පුරුෂයන් දමනය කිරීම බුද්ධ චරිතයේ ඉතා කැපී පෙනෙන ගුණාංගයකි. ඒ අනුව පුරිසදම්ම සාරතී ගුණය ඉස්මතුකර පෙන්වීම කතුවරයාගේ මූලික අරමුණ වූ බව පෙනේ. ඒ බව ග්‍රන්ථාරම්භයේ දැක්වෙන නවගුණ හැම ගියත් නොපිළිවෙලින් පුරිසදම්ම සාරතී යන පදය ගෙන අප බුදුන් පෙරුම්පුරා බුදුවැ දෙව්රම් වෙහෙර පිළිගෙන එහි වෙසෙමින් තුන් ලෙව්හි සැරිසැරෑ විෂම පුරුෂයන් දමා අමාමහ නිවන් පැමිණවූ තෙක් නොවියත් හුදී ජනන් සඳහා සියබසින් මා විසින් සැකවින් දක්වනු ලැබේ. යන ඡේදයෙන්ද, ග්‍රන්ථ රචනයට හේතුව හොඳින් පැහැදිලි වේ.

පැරැණි ග්‍රන්ථ කරුවන් පිළිබඳව සඳහන් කරන විට ප්‍රධාන පෙළේ නමක් වශයෙන් ගුරුළුගෝමී යන නාමය ඉතිහාස ගත වී තිබේ.වර්තමානයේ ද හෙළදිව මහාග්‍රන්ථ කරුවන් ඔවුන්ගේ නිල ලාංඡනය වශයෙන් භාවිත කරන්නේ ද ගුරුළුගෝමින්ගේ ඡායාවයි. එසේ චිරත් ප්‍රසිද්ධ වූ ගුරුළුගෝමි මහා පඬිවරයාණන් අමාවතුරෙහි කර්තෘත්වය උසුලයි. ගුරුළුගැමි යන නාමයද ඔහුටම පරියාය නාමයක් ලෙස යොදා තිබේ. ගැමි යනු පැරැණි තනතුරු නාමයක් ලෙසින්ද, සැළකේ. ගැමි යන උපාධිනාමයටද සරිලන පරිදි පුරිස දම්ම සාරතී ගුණය කියවෙන අමාවතුර කෘතිය කළබව කෝදාගොඩ ඤාණාලෝක හිමියන්ගේ අදහසයි. ගෝමී සහ ගැමි යන වචන දෙකින්ම මහෝපාසක යන නාමාර්ථය ගෙනදෙන බවද,කෝදාගොඩ හිමියන් ප්‍රකාශ කර තිබේ. මෙහි ගුරුළු යනු පැරැණි ගමක හෝ ගෝත්‍රයක නමක් විය හැකි බව ද උන්වහන්සේ විශ්වාස කරති. ගුරුළුගෝමී පඬිවරයා මෙරට කෙනෙකු නොව කලිඟු රටින් පැමිණි කාලිංගයකු බව ද, ඇතැම්හු ප්‍රකාශ කරතත් එය කිසිසේත්ම යුක්ති යුක්ත නොවන බවත්, ඔහු මෙරටම සිංහල ව්‍යක්ත විශාරද උපාසක පඬිවරයෙකු බවත්, කෝදාගොඩ නාහිමියන්ගේ මතය වී තිබේ.

අනුරාධපුර පොළොන්නරු දඹදෙණි යන රාජ්‍ය යුගයේ ප්‍රසිද්ධ පඬිවරුන්ගේ නාමාවලියේ ගුරුළුගෝමින්ගේ නම සඳහන් වී තිබේ. අනුරාධපුර දඹදෙණි අතර කාලය තුළ ඔහු වාසය කළ බවට කිසිම සැකයක් නැති තබව පෙනේ .රත්මලානේ ධර්මාරාම නා හිමියන් සඳහන් කරන්නේ දඹදෙණිය රජ කළ දෙවන පරාක්‍රමබාහු රජතුමාට පෙර එසේම ඔහුට සමිප කාලයේ ගුරුළුගෝමීන් විසූ බවයි. බුද්ධ වර්ෂයෙන් 17, 18 යන ශතවර්ෂ අතර කාලයේ මොහුගේ ජීවත්වීම සිදු වූ බව ධර්මාරාම හිමියන් වැඩිදුරටත් විශ්වාස කරයි. එනම් ක්‍රි.වර්ෂ 1114න් පසු කාලයයි. විශේෂයෙන් බුද්ධ වර්ෂ 18 වන සියවසේ ක්‍රි. වර්ෂ 1153 දී රජ කළ මහ පැරකුම්බා රජතුමාගේ පඬිමිණිවැලෙහි රජමිණ නමින් ගුරුළුගෝමී වියතාණන් වැජඹෙන්නට ඇතැයි කෝදාගොඩ ඤාාණාලෝක නා හිමියෝ ප්‍රකාශ කරති. පොදුවේ සලකන විට බොහෝ විචාරකයෝ පොළොන්නරු යුගයේ අමාවතුර රචනා වූ බව පිළිගැනෙති.

මේක කියවන්න....11 ටත් ඕනි වෙනවා....


හා...දැන් බුත්සරණ


විද්‍යා චක්‍රවර්තී
                  දඹදෙණි රාජ්‍ය සමයේ ලංකාවේ ජීවත් වූ විශිෂ්ඨ පඬිරුවනක් ලෙස විද්‍යා චක්‍රවර්තී හැඳින්විය හැකිය.

                 අනෙකුත් බොහෝ ලේඛකයන් කළේ සංස්කෘත හා පාලි ග්‍රන්ථ ඇසුරෙන් පොත පත ලිවීමයි. එහෙත් විද්‍යා චක්‍රවර්තීන් සිංහල භාෂාවටත් සිංහල සාහිත්‍යටත් අගනා සේවයක් සිදු වන ලෙස නවමු මඟක යමින් ස්වාධීන කෘතියක් පරිද්දෙන් " බුත් සරණ" කෘතිය රචනා කළේය.


            පෙර ලේඛකයන්ට වඩා සාහිත්‍ය ගුණය " බුත්සරණ" කෘතියට ඇතුළත් කිරීමත්, නොයෙකුත් උපමා ඇතුළත් කිරීමත් නිසා අසීමිත බුදු බැතිය සිතෙහි දරාගෙන " බුත්සරණ" රචනා කර ඇති වග පැහැදිලිය. මෙයට අමතරව මොහු " දහම් සරණ" සහ " සඟ සරණ" යනුවෙන් කෘති දෙකක්ද රචනා කර තිබේ.

බුද්ධ චරිතයෙහි විවිධ අවස්ථාවන් විචිත්‍ර ලෙස හා අවස්ථාවෝචිත ලෙස ඉදිරිපත් කරන විද්‍යා චක්‍රවර්තීන් නාලාගිරි දමනය, තීර්ථක දමනය, අංගුලිමාල දමනය, ජටිල දමනය හා ආලවක දමනය සිය පාඨක මනසෙහි චිත්තරූප මැවෙන ලෙසත් බුදු රජාණන් වහන්සේ කෙරෙහි අපමණ භක්තියක් ඇති වන ලෙසත් විස්තර කර තිබේ. මෙහිදී එකම ශෛලියක් අනුගමනය නොකර විවිධ රචනා ශෛලීන් අනුගමනය කර තිබේ.

                උදාහරණ ලෙස,
     " තවද ඒ ස්වාමි දරුවාණන් වහන්සේ සදත් විල් තෙරෙහි සිටි නුගරුකකැයි සිතමි"

    " උන් වහන්සේ වදාළ සද්ධර්මය සිහිල් සෙවණකැයි සිතමි."

    " තවද මාගේ ස්වාමි දරුවාණන් වහන්සේ මහා වෛද්‍යයාණන් කෙනෙකැයි සිතමි"

   " උන්වහන්සේ වදාළ සද්ධර්මය ආයුර්වේදය මන්ත්‍රයෙකැයි සිතමි."

    " ස්වාමි දරුවාණන් වහන්සේ හස්ත්‍යාචාර්ය කෙනෙකැයි සිතමි."

                   බුත්සරණ පුරාම තිබෙන මෙවැනි උපමාවන් දෙස බලන කළ විද්‍යා චක්‍රවර්තීන්ගේ භාෂා කෞශල්‍යය මොනවට පැහැදිලි වේ.


දැන් පූජාවලිය ....



දඹදෙණි රාජ්‍ය සමයේ පරාක්‍රමබාහු රජුගේ හා ඔහුගේ පුතුන් වූ හතරවෙනි විජයබාහු සහ පළමුවැනි බුවනෙකබාහු යන රාජ්‍ය නායකයින් සිටි කාලය තුළ මයුරපාද හිමියෝ වැඩ වාසය කළහ.


                මයුරපාද හිමියන් ලියූ පූජාවලිය බෞද්ධ පාඨකයින්ගේ චිත්ත සන්තානය තුළ අමතක නොවන ග්‍රන්ථයකි. පූජාවලිය ලිවීමට දෙවෙනි පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමාගේ ඇමති මඩුල්ලේ සිටි ප්‍රධානියා වූ දේව පතිරාජ මහාමාත්‍ය, මයුරපාද හිමියන්ට ආරාධනා කළ වග පූජාවලියෙහි සඳහන් වේ.

                මයුරපාද හිමියන් පූජාවලිය හැරුණු විට "යෝගාර්ණවය"   "ථූපවංශය"   " යෝග රත්නාවලිය" යන කෘතීන් රචනා කළ බව ඉතිහාස ග්‍රන්ථ වල සඳහන් වේ.

              මයුරපාද හිමියන්ගේ යෙදුම්, ගැලපීම් හා වර්ණනයන් සහ කුසලතාවන් "පූජාවලිය" කෘතිය තුළින් දක්නට ලැබේ. සරල සුන්දර භාෂා ශෛලියක් අනුගමනය කරමින් පූජාවලිය රචනා කර තිබේ.


ඕනි ම නම් මේකත් කියවන්න ...


හොඳයි දැන් 141 පිටුවේ...අවබෝධය හා ලිඛිත අභ්‍යාස කරන්න

මට එවන්න ....



සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...