Thursday 30 April 2020

සිංහල සාහිත්‍යය - ගුත්තිල කාව්‍ය III

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය
පාඩම - ගුත්තිල කාව්‍ය
පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි
පන්තිය පැවැත්වූ දිනය - 2020/04/30
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00- 4.00
---------------------------------------------------------



කෙළෙහි ගුණ සින්දේ = කළ උපකාර සිඳ දැම්මා වූ,  අන්ද මන්දේ = මෝඩ වූ,  
 මූසිල = මූසිලයා ද,  ජයෙහි ලොබ බැන්දේ = දිනීමේ ලෝභයෙන්,   තමා වීණා තත  ද  සින්දේ = ස්වකීය  වීනා අත ද කඩා දැම්මේ ය.

අනුවණ කම් කළේ = මෝඩකම් කළ ( ඒ මූසිල )  ගුරුන් ගුණ සිහි නොකළේ =   ගුරුවරුන්ගේ ගුණ මෙනෙහි නො කළේ ය,  ඉන් = එයින්,   නද නො පතළේ =  වීණා නාදය නො පැතිරිණ,  මුළු දියත =  සියලු ලෝකයේ ම,  අයසමය =  අපකීර්තිය ම,  පතළේ = පැතිරුණේ ය.

දෙවෙනි තුන්වෙනි තත ද = දෙවෙනි තුන්වෙනි තත ද, සතර වැනි පස්වැනි තත = සතරවෙනි  පස්වෙනි තත් ද, සවැනි සත්වැනි තත = හයවෙනි හත්වෙනි තත ද,  මෙසේ අප බෝසත = මේ ආකාරයට අපගේ බෝධිසත්ත්වයන් විසින්, සිඳි සඳ = කැඩූ කල්හි

සපැමිණි = පැමිණ්යා වූ, දිය ගොස = ජය ඝෝෂාව, දිය පළ කෙරෙමින් = ලෝකයෙහි ප්‍රකට කරමින්, ගිය ගිය තැන = යන යන තැන,  රන් මුතු මිණි ඉස්වා = රන් මුතු මැණික් විසුරුවමින්, ගිය ගිය දිය නද = පිටත්ව ගියා වූ ජයඝෝෂාව, මිණි ගෙන එන මෙන් =        ( නැමති) මැණික් ගෙන එන්නා සේ, වෙණ නද = වීණා නාදය, සිය සිය ගුණයෙන් =           සිය සිය ගුණයෙන්, නික්මිණි = වීණා නාදය නිකුත් විය.

පිය සන් නොව = පියාපත් සැලීමක් නැතිව, බිඟු දැල් රැඳි කොපුලී = මී මැසි සමූහයා රැඳි කොපුල් ඇති, වෙණ නදට ම = වීණා නාදයට ම, කුහුලී = කුතුහලය, අවසන් නොව = අවසන් නොවන, සන්සුන් මද = මද සිඳී ගොස්, නොසැලී = නොසෙල් වී, පියොවින් = සාමාන්‍ය ස්වභාවයෙන්, සිටි ගජ සෙන් = සිටියා වූ ඇත් සේනා, සිතියම් ගජ සිරි = සිතියම්වල ඇතුන්ගේ ස්වභවය, කියෙලී = ප්‍රකාශ කළේ ය.










සිංහල භාෂාව හා සාහිත්‍යය - විශේෂාංග ලිපි

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය
පාඩම - විශේෂාංග ලිපි
පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි
පන්තිය පැවැත්වූ දිනය - 2020/04/30
පන්තිය පැවැත්වූ වේලාව - පෙ.ව. 8.00- 10.00
------------------------------------------------------------




















සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...