Friday 15 May 2020

සංගීතය - ශ්‍රී ලංකාවේ ජන ගී වර්ගීකරණය

විෂයය - සංගීතය
පාඩම - 
ශ්‍රී ලංකාවේ ජන ගී වර්ගීකරණය
ගුරු භාවතා - රංග ගුණවර්ධන
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/15
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 3.00-5.00
---------------------------------------------------------


අද 10 ශ්‍රේණියේ සංගීතය හදාරන දරුවො පස්වරු 5ට සංගීත පාඩමට සම්බන්ධ වෙන්න.

සුභ සන්ධ්‍යාවක් වේවා දරුවො හැමෝටම

දෙවන වාරයට නියමිත ශ්‍රී ලංකාවේ ජන ගී වර්ගීකරණයට අදාළව පාඩම අධ්‍යයනය කරමු.
මේ පාඩමට අදාළ සටහන් ජන සංගීතය කොටසේ සටහන් කරගන්න.

ශ්‍රී ලංකාවේ ජන ගී වර්ගීකරණය

ලෝකයේ සෑම රටකටම,ජාතියකටම, ජන සමාජයකටම හාව්ගෝත්‍රයකටම උරුම වූ සංගීත සම්ප්‍රදාන් පවතී.එම සංගීත සම්ප්‍රදායන් අතර කිසියම් රටක,දේශයක ජීවත් වන ජනයාගේ සංසංස්කෘතිකමය අනන්‍යතාව පිළිබිඹු කරන ජන සංගීත සම්ප්‍රදායන් පවතී.ශ්‍රී ලාංකේය අනන්‍යතාව විද්‍යමාන වන සිංහල සංස්කෘතිය හා බැදුණු දේශීය සංගීත සම්ප්‍රදායක් ලෙස සිංහල "ජන සංගීතය" හැදින්විය  හැක.

ශ්‍රී ලාංකිකයන්ටම ආවේණික වූ ජනශෘතිය හා බැදුණු හෙළ ගී සම්ප්‍රදායක් වූ සිංහල ජන සංගීතය අනාදිමත් කාලයක සිට අතීත මුතුන්මිත්තන්ගෙන් අපට උරුම වූ සංසංස්කෘතිකමය දායාදයකි.

සිංහල ජන ගී සම්ප්‍රදාය පිලිබඳ විවිධ විද්වතුන් හා සංගීතඥයින් විසින් දීර්ඝ කාලීනව පර්යේෂණ සිදුකරමින් දේශීය සංගීතය පිලිබඳ විවිධ තොරතුරු හා අදහස් මතවාද ඉදිරිපත් කර ඇත.දේශීය ජන සංගීතය වනාහි අතීත ලාංකේය ජනයාගෙන් හැදී වැඩී පෝෂණය වී අකන්ඩව පැවත එන සාම්ප්‍රදායික ගී විශේෂයක් ලෙස අර්ථ දැක්විය හැක.

ලාංකේය ජන සංගීතය පිලිබඳ පුළුල්ව පර්යේෂණයන් සිදු කර තොරතුරු ගවේෂණය කරමින් ශාස්ත්‍රීය කෘතියක් මගින් සුපැහැදිලි,නිරවුල් ශාස්ත්‍රීය තොරතුරු ඉදිරිපත් කල විද්වතෙකු ලෙස ඩබ්.ඩී.මකුළොලුව සූරීන්ට ගෞරවනී ස්ථානයක් හිමි වේ.එතුමා විසින් ක්‍රි.ව.1962 දී රචිත "හෙළ ගී මග" ශාස්ත්‍රීය කෘතියෙහි ඉතා විධිමත්ව ශ්‍රී ලංකාවේ ජන ගී වර්ගීකරණය පිලිබඳ මූලික සිද්ධාන්ත ඇතුළත් කර තිබේ.

එම ජන ගී වර්ගීකරණය පහත පරිදි මෙසේය.



** ගැමි ගී

අතීත ගැමි ජනයා විසින් ගැමි ජීවන අත්දැකීම් පාදක කරගනිමින් මුක පරම්පරා ගත්ව පැවත එන සාම්ප්‍රදායික ගී ගායනා විශේෂයක් ලෙස ගැමි ගී නිර්වචනය කල හැක.ගැමියා යනු විධිමත් අධ්‍යයනයක් නොලද ග්‍රාමීය ජන සමාජය තුළ අව්‍යාජ ගැමි චින්තනය තුළින් සහජ බුද්ධිය සමග ස්වකීය කලා කෞශල්‍යය එළි දැක්වූ ජන කොට්ඨාසයකි.

විවිධ අවස්ථාවන්හි දී ඔවුන් ගැමි ජීවන අත්දැකීම් ඇසුරින් තම දිවි පෙවෙතෙහි විවිධ අවස්ථා කාව්‍යාත්මකව,මුකපරම්පරා ගතව පැවත එන්නේ ඔවුන් තුළ තිබූ ස්මරණ ශක්තියේ ප්‍රබලතාවය නිසාය.ගැමි ගී නිර්මාණය වීමට බලපෑ හේතු සාධක ත්‍රිත්වයක් පවතී.
1.ගැමියාගේ විවිධ ජීවන වෘත්තීන් පදනම් කරගනිමින් ගොඩනැගුණු ගී - මෙහෙ ගී
2. ඇදහිලි හා විස්වාසයන් මත පදනම්ව ගොඩනැගුණු ගී - ඇදහිලි ගී
3. සමාජීය අවශ්‍යතා හා විනෝදාස්වාදය මත පදනම්ව ගොඩනැගුණු ගී - සමාජීය ගී

මීළඟට ගැමි ගී යටතේ මෙහෙ ගී,බැති ගී හා සමාජීය ගී පිලිබඳව අධ්‍යයනය කරමු.

ඉහත ගැමි ගී නිර්මාණය වීමට බලපෑ හේතු සාධකයන් යටතේ විවිධ ජීවන වෘත්තීන් මත මෙහෙ ගී නිර්මාණය වන බවත්,ඇදහිලි විස්වාසයන් මත බැති ගී (තුන් සරණේ ගී) නිර්මාණය වන බවත්,සමාජීය අවශ්‍යතාව මත කෙළි ගී හා දරු නැලවිලි ගී නිර්මාණය වන බව ද හදුනාගත හැක.

ආඝාතාත්මක බැති ගී

බැති ගී යනු ඇදහිලි හා විස්වාසයන් මත ගොඩනැගුණු ගායනා විශේෂයකි.මෙම ගී තුන් සරණේ ගී නමින් ද හදුන්වයි.ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරමින් ගැමියන් අතින් නිර්මාණය වූ ගී විශේෂයක් ලෙස තුන් සරණේ ගී හැදින්විය හැක.මෙම ගී "ආඝාතාත්මක ගී" ඝනයට අයත් වේ. ආඝාතාත්මක යනු නිශ්චිත තාල රූපයක් මත ගායනා කල හැකි පැදි විශේෂයකි.නිශ්චිත මාත්‍රා ගණනකට අනුව බෙදා වෙන් කල හැකි ගී විශේෂයක් ලෙස ආඝාතාත්මක ගී හැදින්විය හැක.එහි තාලය නිශ්චිතව නොනවත්වා පවත්වාගෙන යා හැක.
ආඝාතාත්මක බැති ගී ඝනයට අයත් තුන් සරණේ ගීයක් හා ඊට අදාළ ගීත ස්වර ප්‍රස්ථාරය පහත පරිදි මෙසේය.



ආඝාතාත්මක කෙළි ගී

අතීත ගැමි ජනයා ගැමි ක්‍රීඩාවල නිරත වෙමින් ගායනා කල ගී විශේෂයක් ලෙස කෙළි ගී හැදින්විය හැක.මෙම කෙළි ගී විනෝදාස්වාදය සදහා ගැමි ජනයා සාමූහිකත්වයෙන් හා සහජීවනයෙන් යුතුව විවිධ කෙළි ක්‍රීඩාවල යෙදෙමින් කවි ගායනා කල බව පෙනේ.එම කෙළි ක්‍රීඩා අතර මේවර කෙළිය,ඔලිද කෙළිය,එළුවන් කෑම 🐐,කළගෙඩි,ලී කෙළි,අං කෙළි හා පොල් කෙලි ආදී ක්‍රීඩා විශේෂයෙන් දැක්විය හැක.මෙම ගී තාලානුකූලව,රිද්මයානුකූලව ගායනා වූ බැවින් ආඝාතාත්මක ගී ඝනයට අයත් වේ.එක් එක් කෙළි ක්‍රීඩාවට අනන්‍ය වූ රිද්මයක් මතුකර ගැනීමට ගැමියා සමත් වූ බව කෙළි ගී තුළින් විද්‍යාමාන වේ.



අනාඝාතාත්මක මෙහෙ ගී



+ගැල් කවි හෙවත් කරත්ත කවි+




+ පැල් කවි +



+ පාරු කවි+




+ පතල් කවි +





ජන ගී වර්ගීකරණය පාඩම මින් අවසානයි.පාඩම නිවැරැදි ව සටහන් කර ගනිමින් හොදින් අධ්‍යයනය කරන්න. ඊළඟ දිනයේදී සේ ගී සම්ප්‍රදා පිලිබඳ පාඩමෙන් නැවත හමුවෙමු. සියලු දෙනාට තෙරුවන් සරණයි.
ආයුබෝවන් 🙏

නර්තනය - අංග රචනය

විෂයය - නර්තනය
පාඩම - අංග රචනය 

ගුරු භාවතා - ආර්.ඩී. හේවාවිතාරණ
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/15
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 1.00-3.00
-------------------------------------------------------






මේක බලන්නකෝ  අංග රචනය කියන වචනය නුහුරු උනාට වැඩේ තේරෙයි හරියටම

මම හිතනවා ඔයාල විඩියෝ  එක බලන්න ඇති කියලා.

මෙන්න මේක තමා අංග රචනය කියන්නෙ මෙකට පොඩි නිර්වචනයක් තියනවා අපි බලමු මොකක්ද කියල





අපි මේ කොටස් 2 සරලව  තේරුම් ගමු

අපි ඉස්සල්ල සරල අංග රචනය කියන්නෙ මොකක්ද බලමු මම දැන් දාන විඩියෝ එකේ තියෙන්නෙ ඔයාල කැමතිම භාෂාවෙන් 😄😄 භාෂාව  වැඩක් නෑ මේක බලල තේරුම් ගන්න

ඔයාලට දැන්නම් හරියටම සරල අංග රචනය කියන එක තේරුම් යන්න ඇති. අපි විභාගය අරමුණු කරගන්න නිසා සරල අංග රචනය කියන්නෙ මොකක්ද කියල ඇහුවොතින් පිළිතුරක් සකස් කර ගමු.




ඒවගේම පුතේ ප්‍රාසංගික කලා අංගයක් ඉදිරිපත් කරන ශිපියෙකුගේ මුහුණේ ත්‍රිමාණ බව මතු කරල පෙන්වන්න.. නිරූපණය ශිල්පියගෙ ප්‍රාසංගික බව වැඩි කිරීමට. චරිතය ඉස්මතු කර පෙන්වන්න. සරල අංග රචනය උපයෝගී   වෙනවා.

ඊලඟට අපි බලමු චරිතාංග අංග රචනය කියන්නෙ මොකක්ද කියල








චරිතාංග අංග රචනයටත් පොඩි නිර්වචනයක් තියනවා


කලින් විඩියෝ එක වගේම පින්තූර ටික බැලුවහම ඉහත කිව්ව කරුණ මැනවින් තේරුම් යන්න ඇති කියල මම හිතනවා.

අපි මේ කතා කරන මාතෘකාවට ලොකු ඉතිහාසයක් තියනවා.


මොකටද මේ අංග රචනය අවශ්‍ය වෙන්නෙ කියල දන්නවද


නාට්‍යක වගේම සියලුම ප්‍රාසංගික කලාවල යෙදෙන්නන්ට අංග රචනය අවශ්‍ය වන්නේ ඉහත කරුණු නිසාමයි.

අංග රචනය කියන එකේදී  මුහුණ ප්‍රධාන වෙනව මොකද මනුෂ්‍යක් අදුර ගන්නෙ මුහුණ බලලනෙ


අංග රචනයක් කරන එක ලේසි පහසු වැඩක් නෙමේ ඒකට ලොකු පුහුනුවක් ඕනේ

අංග රචනයක් කරන්න අවශ්‍ය දේවල් බලන්නකෝ





























ඔයාලගෙ අතිරේක කියවීම් පොතෙත් පොඩි සටහනක් තියනව ඒකත් කියයවගන්නකෝ




1.අංග රචනය යනු කුමක්ද?
2.අංග රචනයේ කොටස්  හදුන්වන්න?
3.අංග රචනයක් සදහා අවශ්‍ය උපකරණ කිහිපයක් නම් කරන්න?
4.අංග රචනයේ  වැදගත්කම අගයන්න ?
5.වඩිග පටුන නර්තයේදී අංග රචනයෙන් ලැබෙන පිටු වහල අගයන්න?

මේ වැඩ ටිකත් කරන්න

ඔයාලට පාඩම තේරුම් ඇති කියල මම හිතනවා මොනව හරි ගැටලුවක් තියනවා නම් මාව අමතන්න 0719757195

අදට මම නතර වෙනවා .
නැවත හමුවෙමු .
සුභ සැන්දෑවක් .

ආයුබෝවන් 🙏

සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...