විෂයය - සංගීතය
පාඩම - කපිරිඤ්ඤා සංගීත සම්ප්රදාය
ගුරු භාවතා - රංග ගුණවර්ධන
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/09
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 3.00-5.00
---------------------------------------------------------
10 ශ්‍රේණියේ දරුවො හැමෝටම සුභ සන්ධ්‍යාවක් වේවා. අපි දැන් සංගීත පාඩමට සූදානම් වෙමු.
මෙම පාඩම ව්‍යවහාරික සංගීතය කොටසේ සටහන් කරගන්න.
කපිරිඤ්ඤා සංගීත සම්ප්රදාය
ක්‍රි.ව.1505 දී පෘතුගීසින් විසින් ශ්‍රී ලංකාව යටත් විජිතයක් බවට පත් කර ගනිමින් පෘතුගීසින්ගේ ආධිපත්‍යය මෙරට බල පැවැත්වුනි.පෘතුගීසින්ගේ බලය ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ පුරා ව්‍යාප්ත වීම සිදුවිය.පෘතුගීසින්ගේ වහල් මෙහෙයට පැමිණි "කාපිරි" ජනයා අතර ප්‍රචලිත වූ ගීත සම්ප්රදායක් ලෙස කපිරිඤ්ඤා සංගීතය හැදින්විය හැක.පෘතුගීසින්ගේ යුධමය කටයුතු සදහා සේවය කල කාපිරි ජනතාව ඔවුන්ගේ විනෝදාස්වාදය සදහා මෙම කපිරිඤ්ඤා ගීත ගායනා කරන ලදී.පසුකාලීනව කාපිරි ජනතාව සහ පෘතුගීසින් ද සිංහල ගැමි ජනයාද ඒකරාශි වී කපිරිඤ්ඤා සංගීතය ගීත සම්ප්රදායක් ලෙස ලාංකීය ව්‍යවහාරික සංගීතය තුළ නිර්මාණය විය.මෙම ගීත ස්පාඤ්ඤ භාෂාවෙන් රචනා වී නිර්මාණය වූ ගීත ශෛලියකි.කපිරිඤ්ඤා ගීත වල සංගීතමය ලක්ෂණ පිළිබඳ අවධානය යොමු කිරීමේදී එම ගීත වල වේග රිද්මය බෙහෙවින් ඇසුරු කිරීම ඊට අනන්‍ය වූ විශේෂත්වයකි.පෙරදිග සංගීත ක්රමයේ කෙම්ටෝ තාලය මත එනම්,බටහිර සංගීත ක්‍රමයට අනුව 6/8 Rhythm ගී තනු නිර්මාණය වී ඇත.
මෙම ගීත වල භාෂා ශෛලිය ඉතා සරල වන අතර ගී පද මාලාවන් විවිධ තේමාවන් මත නිර්මාණය වී ඇත.කපිරිඤ්ඤා ගී තනු සරල හා රසවත් නාද මාලාවන්ගෙන් නිර්මාණ ය වී ඇත.එහිදී විශේෂ යෙන් සීමිතව ස්වර පරාසයක් තුළ ගී තනු නිර්මාණය වී ඇත.ගීතයක් ආරම්භ වී අවසානය කරා එළඹෙත් ම එහි රිද්මය ක්‍රමයෙන් වැඩිවන ආකාරයක් මෙහි දැකිය හැකි වීමද විශේෂ ලක්ෂණයකි.
කපිරිඤ්ඤා සංගීතය සදහා යොදා ගත් සංගීත වාද්‍ය භාණ්ඩ අතර වියෝලා,වයලින්,රබන්,බැංජො,ගිටාර්,මැන්ඩලින්,බොංගො,ටැම්බරින් ආදී වාද්‍ය භාණ්ඩයන් ප්‍රධාන වශයෙන් දැක්විය හැක.කපිරිඤ්ඤා ගීත ගයන විට උපදින ඒ හා බද්ධ වූ නර්තන විශේෂයක් ලෙස "බයිලා" නර්තන සම්ප්රදාය හැදින්විය හැක.බාල,තරුණ,මහලු,ගැහැනු,පිරිමි සියලු දෙනාට පොදුවේ රසවිදිය හැකි,නර්තනයෙහි යෙදිය හැකි අතිශයින්ම විනෝදාත්මක ගීත විශේෂයක් ලෙස කපිරිඤ්ඤා ගීත හැදින්විය හැක.මෙම බයිලා,කපිරිඤ්ඤා,නැටුම් ,ගැයුම් හා මංගල උත්සව හා විවිධ ප්‍රිය සම්භාෂණ අවස්ථා වලදී යොදා ගනු ලැබූ අතර එම ගීත ශ්‍රී ලාංකිකයන් අතර බෙහෙවින් ජනාදරයට ද පාත්‍ර විය.කපිරිඤ්ඤා ගීත සම්ප්රදාය ආශ්රයෙන් කපිරිඤ්ඤා සංගීත ශෛලියට අනුකූලව ලාංකීය ව්‍යවහාරික සංගීතය තුළ සරල ගී නිර්මාණ රැසක් බිහිවී ඇත.
කපිරිඤ්ඤා සංගීතය ආභාසයෙන් නිර්මාණය වූ ගීත කීපයක් මෙසේය.
1.මහා මෙරක් ලෙසට...
2.මී වදයකී ජීවිතේ...
3.මාගේ පැලෙ අදුර නසන්න...
4.රස ආහර කවලා...
5.අයරින් ජොසපින් රොසලින්...
6.යමන් බන්ඩො වෙසක් බලන්ඩ...
7.නෝනා මගෙ නර්ස් නෝනා...
8.මම ටැක්සි කාරයා...
කපිරිඤ්ඤා සංගීත සම්ප්‍රදායෙන් නිර්මාණය වූ ගීත බොහොමයක් ගායනා කල ගායන ශිල්පීන් ලෙස සී.ටී.ප්‍රනාන්දු මහතා සහ එම්.එස් ප්‍රනාන්දු මහතා යන දෙපළ ගෞරවාදරයට පාත්‍ර වෙයි.ලාංකීය ගීත කලාව පෝෂණය කිරීමෙහිලා කපිරිඤ්ඤා සංගීත සම්ප්‍රදායෙන් ලැබූ පිටුවහල අතිමහත්ය.
ස්පාඤ්ඤ භාෂාවෙන් රචිත කපිරිඤ්ඤා ගීතයක්
පහත සදහන් ප්‍රශ්න වලට පාඩම හොදින් අධ්‍යයනය කර පිළිතුරු ලියා දක්වන්න.
හොදයි පුතේ එහෙනම් අදට පාඩම අවසන්.
හැමෝටම තෙරුවන් සරණයි.
ආයුබෝවන් 🙏