Tuesday 26 May 2020

සංගීතය - පැරණි නාඩගම් ගී අනුසාරයෙන් නිර්මාණය වූ නව නාට්‍ය ගී

විෂයය - සංගීතය
පාඩම - 
පැරණි නාඩගම් ගී අනුසාරයෙන් නිර්මාණය වූ නව නාට්‍ය ගී
ගුරු භාවතා - රංග ගුණවර්ධන
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/27
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 5.00-7.00
---------------------------------------------------------



සුභ සන්ධ්‍යාවක් වේවා 10 ශ්‍රේණියේ සංගීතය හදාරන දරුවො හැමෝටම

අපි දැන් අදට නියමිත පාඩම ආරම්භ කරමු.

අද පාඩම ව්‍යවහාරික සංගීතය කොටසේ සටහන් කර ගන්න.

පැරණි නාඩගම් ගී අනුසාරයෙන් නිර්මාණය වූ නව නාට්‍ය ගී

ලාංකේය ගැමි නාට්‍ය සම්ප්‍රදයන් අතර නාඩගම් නාට්‍ය කලාව සුවිශේෂී වූ ප්‍රබල රංග සම්ප්‍රදායක් ලෙස හැදින්වීමට පිළිවන.නාඩගම් නාට්‍ය සම්ප්‍රදාය නාට්‍ය ඉතිහාසය තුළ වැදගත් වූ සන්ධිස්ථානයක් ලෙස සදහන් කළ හැක.සොකරි,කෝළම් යන ජන නාට්‍ය ශෛලියෙන් ඇරඹි දේශීය ගැමි නාට්‍ය කලාව නාඩගම් හා නූර්ති සම්ප්‍රදායන්ගෙන් තව තවත් පෝෂණය වී දේශීය "නව නාට්‍ය සම්ප්‍රදායට" අවතීර්ණ විය.

ක්‍රි.ව. 1956 දී මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් විසින් රචිත මනමේ නාට්‍ය නිර්මාණය වීමත් සමග ලාංකේය නව නාට්‍ය කලාවේ සමාරම්භය සනිටුහන් විය.


දේශීය නාට්‍ය කලාව නව   මගකට යොමු කරමින් නව නාට්‍ය කලාවේ පියා ලෙස සැලකෙන්නේ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ය.එතුමා දේශීය නාට්‍ය කලාව නව මගකට යොමු කරමින් නව නාට්‍ය සම්ප්‍රදායට නව අරුතක් හා නව යුගයක් උදා කරවීය.ශ්‍රී ලාංකිකයන්ට ද නැවුම් අත්දැකීමක් වූ නව නාට්‍ය සම්ප්‍රදාය තාත්වික නාට්‍ය,ශෛලීගත නාට්‍ය,අර්ධ ශෛලීගත නාට්‍ය හා මුද්‍රා නාට්‍ය වශයෙන් ප්‍රභේද කොට දැක්විය හැක.එකී නාට්‍ය ප්‍රභේදයන් හරහා විවිධ ශෛලියෙන් ගොඩ නැගුණු නාට්‍ය නිර්මාණ කෘති යුගයෙන් යුගයට දශක ගණනාවක් පුරා සහෘද හදවත් අමන්දානන්දයටත්,
රසික ජන මනස ආකර්ශනය කර ගැනීමටත් සමත් විය.

මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ මනමේ,සිංහබාහු යන සුවිශිෂ්ට නාට්‍ය නිර්මාණ කෘති සදහා මූලික පදනම හා ආභාසය ලබා ඇත්තේ ඉපැරැණි නාඩගම් නාට්‍ය සම්ප්‍රදායෙනි.එදිරිවීර සරත්චන්ද්‍රයන් පැරණි නාඩගම් නාට්‍ය කලාවේ නාට්‍ය ශෛලිය,රංග ශෛලිය,නාට්‍ය සංගීතය,නාට්‍යමය මූලිකාංග,ශිල්පාංග හා මූලධර්මයන් පර්‍යේෂනාත්මකව අධ්‍යයනය කර දේශීය නව නාට්‍ය සම්ප්‍රදාන් ගොඩනැංවීමට එතුමාගේ ස්වකීය ප්‍රතිභා පූර්ණ කලා කෞශල්‍යයත් සිවිෂද පරිකල්පන ශක්තියත් මෙහෙයවා ක්‍රියා කළ බව මනාව විද්‍යාමාන වේ.එතුමන් ස්වකීය ප්‍රතිභා කලා කෞශල්‍යය තුළින් නාඩගම්,නූර්ති නාට්‍ය සම්ප්‍රදායන් අභිබවා දේශීය අනන්‍යතාව මතු කර දැක්වීමට සිය නිර්මාණාත්මක කෞශල්‍යය විදහා පෑමට  " නව නාට්‍ය කලාව" තුළින් සමත් වූ බව ප්‍රත්‍යක්ෂ වන සාධකයකි.

ඉපැරැණි නාඩගම් නාට්‍ය සංගීතය ඇසුරින් නූතන නව නාට්‍ය කලාවේ නාට්‍ය කෘති සදහා විශේෂයෙන් මනමේ හා සිංහබාහු නාට්‍ය කෘති වල නාට්‍ය ගීත බොහොමයක නාඩගම් ගී තනු,රිද්මයන් හා නාද රටාවන් ගැබ්ව පවතී.නාඩගම් නාට්‍ය ගීත වල ගමන් තාල,දෙබස් සංවාද වල සංගීතාංග,ගායන වාදන ශෛලීන්,විවිධ සංගීතමය,නර්තනමය හා නාට්‍යමය අංගයන් හා ශිල්පීය ක්‍රම නූතන නව නාට්‍ය සංගීතය තුළින් ගෙන හැර පෑමට සරත්චන්ද්‍රයන් දැක්වූ නාට්‍යමය ප්‍රතිභාවත් සංගීත කලා පරිඥානයත් අතිමහත්ය.

පහත දැක්වෙන්නේ එතුමන් විසින් රචිත මනමේ නාට්‍ය කෘතිය සදහා නිර්මාණය වූ නව නාට්‍ය ගී කිහිපයකි.නරඹා රසාස්වාදය කරන්න.






පැරණි නාඩගම් නාට්‍ය වල ගී තනු පාරම්පරිකව පැවතුණු නිසා ශිල්පීන්ගේ අභාවයත් සමගම ගී තනු අප්‍රචලිත විය.මෙසේ නාඩගම් රංග සම්ප්‍රදායෙහි ගී තනු,ගායන වාදන අංග යන සංගීතාත්මක මූලාශ්‍ර අභාවයට යාමට නොදී පාරම්පරික ශිල්පීන්ගෙන් ලබා ගෙන සංරක්ෂණය කොට නව නාට්‍ය සංගීතය රසාලිප්ත කලාංගයක් බවට පත් කිරීමට එතුමා දැඩි පරිශ්‍රමයක් ගත් බව විද්වතුන්ගේ මතය වේ.නව නාට්‍ය කලාව වූ කලී නාට්‍ය සහිත්‍යායේත්,පැරණි නාඩගම් නාට්‍ය සංගීතයේත් අපූර්වවූත්,විචිත්‍රවූත් සෞන්දර්‍යාත්මක සුසංයෝගයක් ලෙස එතුමා සාධක මානව විදහා දැක්වීය.සිංහල නාට්‍ය වංශයේ අමරණීය කෘතීන් ලෙස මනමේ හා සිංහබාහු නව නාට්‍ය කෘති අගය කළ හැක.

* නූතන මනමේ,සිංහබාහු නව නාට්‍ය ගීත සදහා ඉපැරැණි නාඩගම් ගී වල ආභාසය ලැබී ඇති අයුරු  පහත ගීත ලැයිස්තුව අධ්‍යයනය කිරීමෙන් එය ප්‍රත්‍යශ වේ.


* මනමේ,සිංහබාහු නව නාට්‍ය ගීත වලට අදාළ ගී පද මාලාවන් හ ස්වර ප්‍රස්ථාරයන් මෙසේය.











එහෙනම් පුතේ පැරණි නාඩගම් ගී අනුසාරයෙන් නිර්මාණය වූ නව නාට්‍ය ගී පාඩම මින් අවසානයි. සියලු දෙනාම ඉහත සටහන හා දී ඇති ගීත ඇතුළත් වීඩියෝ පට  හොදින් අධ්‍යයනය කර රසාස්වාදය කරන්න. ඊළඟ දිනයේදී විභාග ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලිවීමට සූදානම් වන්න.
හැමදෙනාටම තෙරුවන් සරණයි.
ආයුබෝවන් 🙏

නර්තනය - කලා කෘතියක රස මිහිර පවසමු

විෂයය - නර්තනය
පාඩම - කලා කෘතියක රස මිහිර පවසමු
ගුරු භාවතා - ආර්.ඩී. හේවාවිතාරණ
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/27
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 1.00-3.00
-------------------------------------------------------







ඔයාලට අද කරදිය මුද්‍රා නාට්‍යය හා කූඹි කතාව මුද්‍රා නාට්‍යය යන කලා කෘති දෙක පිළිබද අද්‍යනයක් කිරීමට තමා තිබෙන්නේ ... සියල්ලටම ප්‍රතමයෙන් කලා කෘතියක් යනු කුමක්ද කියල හදුනා ගනිමු ..👍


මුලින්ම හිතන්න යමක් .. හොදින් හිතන්න ...🤔



ඔයාල මොකක්ද හිතන්නෙ මේ ගැන ..



පුතේ මෙමෙ නිර්වචනය පිළිබද විමසමු ..👉



දැන් ඔයාල රසිකයා කියන්නෙ කවුද කියල දන්නවා..👍



ඔයාල ඒකත් දන්නවා ..👉



නිර්මාණාත්මක  බව කියන්නෙ මෙකට  👉



ඉහත කරුණු පිළිබද සිතන්න .. නිර්වචනය පිළිබද තේරුම් යයි.. ඔයාලට ..👍

කලා කෘතියක ඉහත කරුණු සියල්ලක්ම තියනවා ..


ඔයාල පිළිගන්නවා නේද ??👍



සරලව සිතන්න ..🤔



ඉහත නිර්වචනය ජාත්‍යන්තරයේ පිලිගන්නා මතයක් ..




මම හිතනවා තේරුම් යයි කියල ..👍



ඉහත කරුණ ගැන ටිකක් හිතන්න ..🤔

ඉහත කරුණ ගැන ටිකක් හිතන්න ..🤔

Audio 1 🔊



මම කියනවටම පිළිගන්න එපා .. තර්කානුකූලව හිතන්න ..👉



ආලෝකයකරණ ,ශබ්ද පරිපාලනය ,අංග රචනය ,රංග රචනය ,වේදිකා පරිපාලනය   යන ආදී සියලුම දේ තුළ විද්‍යාව අන්තර්ගත වී තියනවා ..



සතත අභ්‍යාසය මගින් තමා ශිල්පයක් ප්‍රගුනකල යුතු වන්නේ.. නර්තන විශය තුළ නම් මූලික හරඹ ,අනෙකුත් නර්තන අංග ප්‍රගුන කල යුතුමයි . එතකොට තමා නර්තන ශිල්පීන් වන්නේ ..


ඔයාලට මහන්සිද?? එහෙනම් මේක රසවිදින්නකෝ..




ඔන්න ඕක තමා යතාර්ථය ..  මෙන්න මේවාට තමා කියන්නෙ කලා කෘති කියල ..

පුතේ මේ පාඩමේ දෙවන කොටස තවත් දවසකින් කියන්නෙ .. ඔක්කොම එක දවසට කරන්න ගියොත් අගයක් නෑනේ .. විභාගයට ඕනෑම ටික තවත් දවසකින් බලාපොරොත්තු වන්න.. අද පාඩම ජීවිතයට ..හා ඉදිරියට කරන කොටසේ ප්‍රවේශය වේ..

දැන් හොද කලා කෘතියක රස මිහිර විදිමු..





ඉහත කලා කෘති නරඹා ඉලග දවසට පාඩමට සූදානමින් සිටින්න ...

අදට මම නවතින්නම්.. ඔයාලට තෙරුවන් සරණයි !!!  ආයුබෝවන් 🙏

චිත්‍ර - ජෝර්ජ් කීට්

විෂයය - චිත්‍ර
පාඩම - 
ජෝර්ජ් කීට්
ගුරු භාවතා - භාරත ලක්ෂ්මන් රූපසිංහ
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/27
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00-4.00
--------------------------------------------------------




ආයුබෝවන් දරුවනේ අද අපි කොටි ලිඛිත පාඩමකට යොමුවෙමු.

ජෝර්ජ් කීට් - 10 ශ්‍රේණිය (2 වන වාරය - චිත්‍ර)


ජෝර්ජ් කීට්

කීට් ක්‍රි.ව. 1901 අප්‍රේල් 17 වන දින මහනුවර අම්පිටියේ ආසියාවේ විශිෂ්ට චිත්‍ර ශිල්පියකු වශයෙන් ප්‍රසිද්ධියට පත් ජෝර්ජ් දී සිංහල බර්ගර් පවුලක උපත ලැබී ය. මහනුවර ත්‍රිත්ව විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා ඇත. ඔහු 43 කණ්ඩායමට අයත් චිත්‍ර  ශිල්පියකු වන අතර ගෝතමී විහාරයේ බිතුසිතුවම් ද නිර්මාණය කර ඇත.

නූතන යුගයේ ප්‍රවීණ චිත්‍ර ශිල්පියකු වන ඔහු තම සිතුවම් නිර්මාණවලට හින්දු කලා ආභාසය හා යුරෝපයේ පැබ්ලෝ පිකාසෝගේ ඝනිකවාදී චිත්‍ර ශෛලියේ කලා ආභාසය සහිත ව ඔහුටම ආවේණික චිත්‍ර ශෛලියක් නිර්මාණය කරගැනීම දැකිය හැකි ය.


මේ තියෙන්නේ ඔ්බ්රි කොලට් විසින් අදිනු ලැබු 43 කණ්ඩායම දැක්වෙන චිත‍්‍රය


මේ තියෙන්නේ 43 කණ්ඩායමේ ශිල්පීන් (නම ඉංග‍්‍රීසියෙන් දක්වා ඇත)

කොළඹ - බොරැුල්ල ගෝතමී විහාරයේ බෞද්ධ සිතුවම් ඇඳීම වර්ෂ 1939 - 1940 කාලය තුළ සිදුවිය.

ගෝතමී විහාරයේ බිතු සිතුවම් චිත‍්‍රාවලියක් සේ ඇඳ ඇති අතර එහි දැකිය හැකි සුවිශේෂී අවස්ථා කිහිපයක් පහත දැක්වේ. 

මහමායා දේවිය දුටු සිහිනය
-   සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය
සරණ මංගල්‍ය
නළ`ගනන්ගේ විකාර දැකීම
 සතර පෙර නිමිති දැකීම
 මාරපරාජය


බොරැල්ල ගෝතමී විහාරය




මෙම සිතුවම් සෙ.මී. 192 ක් පමණ උස්වූ බිත්තියක ජීව ප‍්‍රමාණයෙන් ඇඳ ඇත.

ජෝර්ජ් කීට් ශිල්පියා සිතුවම් නිර්මාණයේ දී  රේඛාවට ප‍්‍රධාන තැනක් ලබා දී ඇති අතර එම රේඛා සෘජු රේඛා, කෙටි රේඛා, වක‍්‍ර රේඛා වශයෙන් හ`දුනාගත හැකි ය.

නිතැතින් ම ගලායන ජීවමය ගුණයෙන් යුතු රේඛාවෙන් රූපවල පිරුණු බව මනා ව ඉස්මතු කර ඇත.

රතු, සුදු, දුඹුරු, කහ, නිල්, කොළ යන වර්ණ භාවිත කරමින් සියුම් ලෙස ත‍්‍රිමාන ලක්‍ෂණ මතු කර ඇත.

මෙම සිතුවම් වියළි බදාමයේ අ`දින ලද බිතුසිතුවම් ක‍්‍රමය වන ප්‍රෙස්කෝ සිකෝ ශිල්ප ක‍්‍රමයට නිර්මාණය කර ඇත.


මාරපරාජය


මාරපරාජය

මාරපරාජය සිතුවමේ විවිධ අවස්ථා


මාරපරාජය සිතුවමේ විවිධ අවස්ථා


මාරපරාජය

 ගෝතමී විහාරයේ සිතුවම් අතර සුවිශේෂී සිතුවමක් ලෙස සැලකෙන ‘මාර පරාජය’ හින්දු කලා ලක්ෂණ හා පිකාසෝගේ ඝනිකවාදී ශෛලීය ලක්ෂණ ආභාසය කර ගත් නිර්මාණයකි.

 ඝනිකවාදී හැඩතල භාවිත කිරීමෙන් මාරසේනාවේ මුහුණුවල රුදුරු භයංකර විලාසය මැනවින් ඉස්මතු කර ඇත.

 මාර පිරිසට දුඹුරු, අඵ, කඵ වැනි අඳුරු වර්ණත් බුදුන්වහන්සේ සඳහා අඳුරු කහ, ලා දුඹුරු වැනි වර්ණත් යොදා ගනිමින් ත‍්‍රිමාන ලක්‍ෂණ සහිත ව සිතුවම වර්ණවත් කර ඇත.

 රූප වටා පරිපූර්ණත්වය හා නිමාව පෙන්වන නිර්මාණශීලී රේඛාකරණය ඔහුට ම ආවේණික වූවකි.


නායිකා චිත‍්‍ර

ජෝර්ජ් කීට් ශිල්පියා විසින් නායිකා චිත‍්‍ර ගණනාවක් ඇඳ ඇත.

 මෙම සිතුවම් තෙල් සායම් මාධ්‍යයෙන් කැන්වස් මත කරන ලද චිත‍්‍ර නිර්මාණයන් ය.

 නායිකා සිතුවම් අනුරාගී බවින් යුතු ප‍්‍රකාශනයන් වන අතර ඒ බව දැක්වීම සඳහා පුඵල් ඇස් හා පුඵල් දෙතොල් නිරූපණය කර ඇත.

නිර්මාණයේ අලංකරණය මෙන්ම ප‍්‍රකාශන ශක්තිය තීව‍්‍ර කිරීම සඳහා ද රේඛාකරණය මැනවින් භාවිත කර ඇත.

 මෙම කලා නිර්මාණ සඳහා ආභාස වශයෙන් බටහිර ඝනිකවාදී කලා ලක්ෂණ මෙන් ම හින්දු දර්ශනයේ තන්ත‍්‍රයාන ලක්ෂණ ද ලැබී ඇතැයි විචාරක මතයයි.

 අදුරු වර්ණ මෙන්ම පැහැදිලි දීප්තිමත් වර්ණ එකට සංකලනය කර වර්ණවත් කර තිබීම මෙම නායිකා සිතුවම්වලින් දැකිය හැකි ය.

පහත දැක්වෙන්නේ ඔහු විසින් නිර්මාණය කරන ලද විවිධ සිතුවම් කිහිපයකි






දරුවෝ සියලුම දෙනා සටහන පැහැදිලිව නිරවුල්ව රූපසටහන සහිතව ලියාගන්න.


දරුවෝ සියලුම දෙනා පහත අභ්‍යාසයේ නිරතවන්න. තෙරුවන් සරණයි

සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...