Thursday, 21 May 2020

සංගීතය - සේ ගී සම්ප්‍රදාය

විෂයය - සංගීතය
පාඩම - 
සේ ගී සම්ප්‍රදාය
ගුරු භාවතා - රංග ගුණවර්ධන
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/21
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 5.00-7.00
---------------------------------------------------------



අද සංගීත පාඩම පස්වරු 5.45 ආරම්භ කරනවා.සංගීතය හදාරන දරුවො හැමෝම  පාඩමට සම්බන්ධ වෙන්න.

සුභ සන්ධ්‍යාවක් වේවා දරුවො හැමෝටම අද පාඩමේ නම සේ ගී සම්ප්‍රදායයි.අපි පහුගිය සතියේ අධ්‍යයනය කලේ ගැමි ගී සම්ප්‍රදාය පිලිබඳව.සේ ගී සම්ප්‍රදාය  පාඩමත් ජන සංගීතය කොටසේම සටහන් කර ගන්න.

සේ ගී සම්ප්‍රදාය



ශ්‍රී ලංකාවේ දේශීය ජන ගී සම්ප්‍රදායට ආවේණික වූ සුවිශේෂී සංගීත සම්ප්‍රදායක් ලෙස " සේ ගී සම්ප්‍රදාය" හැදින්විය හැක.විදග්ධ සම්ප්‍රදාය නියෝජනය කරන ගීත සම්ප්‍රදායක් ලෙස සේ ගී සම්ප්‍රදාය හදුන්වයි.භාෂා ශාස්ත්‍රය පිලිබඳ හසල පරිනත දැනුමකින් හෙබි උගත් වියත් පඩිවරුන් විසින් රචිත ගී හා කාව්‍ය සේ ගී නමින් හදුන්වයි.සේ ගී නිශ්චිත කතුවරයෙකු,නිර්මාණකරුවෙකු විසින් රචිත ග්‍රන්ථාරූඪ වී ඇති ගීත සම්ප්‍රදායකි.සේ ගී සම්ප්‍රදාය සහිත්‍යාංගයන්ගෙන් සුපෝෂිත වී ඇත.එනම්,කාව්‍යාලංකරයන්ගෙන්,භාෂා ශාස්ත්‍රයන්ගෙන් හා සාහිත්‍යාංගයන්ගෙන් සමන්විත වූ අපූර්ව වූ සෞන්දර්‍යාත්මක වූ කලා සම්ප්‍රදායකි.සේ ගී තුළ අනන්‍ය වූ විශේෂ ලක්ෂණයක් ලෙස කාව්‍යාලංකරයන් තුළ පිහිටි විවිධ විරිත් (වෘත) හදුනාගත හැක.

සේ ගී සම්ප්‍රදායට අනන්‍ය වූ වෘත (විරිත්) චන්දස්,ව්‍යංග්‍යාර්ථ,ශබ්දාලංකාර,අනුප්‍රාස,උපමා,රූපක,උත්පේක්ෂාලංකාර,අර්ථාලංකාර,එළිසම,ධ්වනිථාර්තයන්ගෙන් සේ ගී නිර්මාණය වී ඇත.සේ ගී සම්ප්‍රදාය තුළ ව්‍යක්ත භාෂා ශෛලියක් දක්නට ඇති අතර ඇතැම් සේ ගී කාව්‍ය තුළ සිංහල සංස්කෘත,ද්‍රවිඩ භාෂාමය ලක්ෂණ අන්තර්ගතව පවතී.සේ ගී තුළ විශේෂයෙන් සංකීර්ණමය භාෂා ලක්ෂණ,කාව්‍යාලංකර හා විදග්ධ භාෂා ලක්ෂණ ගැබ්ව පවතී.

සාහිත්‍යමය හා සංගීතාත්මක ගුණයෙන් ද අනූන වූ සේ ගී නිර්මාණයන් තුළ එක් එක් ගීත සම්ප්‍රදායන්ට අනන්‍ය වූ නාද මාලවන්,නාද රටාවන් හා විශේෂිත වූ සාම්ප්‍රදායික ගායනා ශෛලීන් හදුනාගත හැක.සේ ගී සම්ප්‍රදායට ආවේණික වූ ගී හා පද්‍ය කාව්‍ය කෘති රැසක් හදුනාගත හැක.
* ප්‍රශස්ති ගී
* වන්නම් ගී
* හටන් ගී
* වැලපුම් ගී
* සන්දේශ කාව්‍ය
* සිලෝ කාව්‍ය
* විරිදු
* පද්‍ය සාහිත්‍ය කෘති
ආදී ගී හා කාව්‍ය කෘති සේ ගී සම්ප්‍රදායට අයත් වේ.

පහත දැක්වෙන්නේ ඉහත සදහන් ගීත හා කාව්‍ය කෘති වලට අදාළ වීඩියෝ දර්ශන කිහිපයකි.ඒවා නරඹා රසාස්වාදය කරන්න.












සේ ගී සම්ප්‍රදායට අයත් ගී හා කාව්‍ය කෘති කීපයකට අදාළ ගීත ස්වර ප්‍රස්ථාරයන් පහත පරිදි මෙසේය.



ඉහත ගීතය "සුර රද සමන් සමගින්" යන සැළලිහිණි සංදේශ කව්‍යවෙහි ස්වර ප්‍රස්ථාරයන්ට අනුව ගායනය වේ.






එහෙනම් පුතේ සේ ගී සම්ප්‍රදායට අදාළ ගීත හා කාව්‍ය නිර්මාණන්  හොදින් ප්‍රායෝගික අධ්‍යයනය කර පුරුදු පුහුණු වන්න.සේ ගී පාඩම මින් අවසානයි. හැමදෙනාටම තෙරුවන් සරණයි.
ආයුබෝවන් 🙏

චිත්‍ර - ප‍්‍රශ්නාවලිය


විෂයය - චිත්‍ර
පාඩම - 
ප‍්‍රශ්නාවලිය
ගුරු භාවතා - භාරත ලක්ෂ්මන් රූපසිංහ
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/21
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00-4.00
--------------------------------------------------------


තෙරුවන්සරණයි දරුවනේ


අද මම ඔයාලාට දෙන්නේ ප‍්‍රශ්නාවලියක්. මෙතන ප‍්‍රශ්න 160ක් තියෙනවා. පෙර දැනුම උපයෝගිකරගෙන පිළිතුරු ලියන්න.




 වෙස්  මුහුණු  කර්මාන්තය

1 වෙස් මුහුණු කර්මාන්තය ප‍්‍රචලිත වෙනත් රටවල් මොනවාද?
2 ලංකාවේ වෙස් මුහුණු නිර්මාණය සඳහා බහුලව භාවිතා කරන ලී වර්ගය නම්කරන්න.
3 වෙස් මුහුණු නිර්මාණය සඳහා භාවිතා කරන වෙනත් ලී වර්ග මෙනවාද?
4 වෙස් මුහුණු නිර්මාණයේදී ඒවා වර්ග කෙරේ. එම වර්ග මොනවාද?
5 වෙස්  මුහුණු  නි ර්මාණය ප‍්‍ර ධාන පි යවර නම්කරන්න.
6 වෙස්  මුහුණු  කලාව ප‍්‍රචලිත ප‍්‍රදේශ නම්කරන්න.
7 වෙස් මුහුණු සඳහා භාවිතා කරන දේශීය වර්ණ සාදාගන්නා ආකාරය දක්වන්න.
8 වෙස් මුහුණක මුලින්ම කරන ආලේපය කවර නමකින් හැඳින්වේද? වර්තමානයේ එ් සඳහා භාවිතා කරන්නේ මෙනවාද?
9 වෙස් මුහුණු කපන ශිල්පියා හඳුන්වන නම කුමක්ද?
10 වෙස්  මුහුණුක්  වර්ණ කරන ආකාරය කෙටියෙන්  පහදන් න.
11 වෙස් මුහුණු සමාජ තත්වය/ වයස/ ස්තී‍්‍ර පුරුෂ ආදි චරිත අනුව ඒවාට ආවේනික වර්ණ ඇත. ඒවා නම්කරන්න.
12 ලංකාවේ වෙස් මුහුණු ප‍්‍රදර්ශනයට තබා ඇති රටවල් නම්කරන්න.




සීගිරිය

13 සීගිරි සිතුවම් කුමණ යුගයකට අයත්  වේද?
14 සීගිරි සිතුවම් අයත් වන්නේ  කුමණ සියවසට ද?
15 සීගිරි සිතුවම් සඳහා තේමාව වී ඇත්තේ කුමක් ද?
16 සීගිරි සිතුවම් ඇඳ ඇති ශෛලිය/සම්ප‍්‍රදාය කුමක්ද?
17 සීගිරි සිතුවම් ඇඳීමේ දී භාවිතා කොට ඇති විශේෂ ලක්‍ෂණ මොනවාද?
18 සීගිරි සිතුවම් පිළිබඳ විවිධ මත මොනවාද?
19 සීගිරි ගොඩනගන ලද්දේ  කවර රජෙකු  විසි න්  ද?
20 සීගිරි සිතුවම් කොපමණ සංඛ්‍යාවක් අතීතයේ දකිනට ලැබැබුනේ ද?
21 සීගිරි සිතුවම් කොපමණ සංඛ්‍යාවක් දැනට ඉතිරිව ඇද්ද?
22 සීගිරි සිතුවම්වල භාවිතා කොට ඇති වර්ණ නම් කරන්න.
23 සීගිරි සිතුවම් ඇඳීමට පෙර බිත්තිය සකසා ගෙන ඇත්තේ කෙසේද?
24 සීගිරි සිතුවම් සමාන කමක් දක්වන්නේ ඉන්දියාවේ කුමණ සිතුවම් දම්ප‍්‍රදායකටද?
25 සීගිරිසිතුවම් විකෘති  කිරිමෙන්  පසු  නැවත ප‍්‍රතිසංස්කනය කළේ  කවුරුන්  විසින්  ද?



ඉසුරුමුණිය

26 ශී‍්‍ර ලංකාවේ ඉදිවූ ප‍්‍රථම විහාරස්ථානය ලෙස සැලකෙන ඉසුරුමුණිය කරවුයේ කවුරුන් විසින්ද?
27 ඉසුරුමුණිය දක්නට ලැබෙන් නේ  කිනම් ස්ථානයකද?
28 ඉසුරුමුණිය කැටයම් නම්කරන්න.
29 ඉසුරුමුණිය කැටයම් පල්ලව හා ගුප්ත යන සම්ප‍්‍රදායන්ගේ ආභාසය ලබා ඇත. ඒවා සම්ප‍්‍රදාය අනුව වර්ග කරන්න.
30 ඉසුරුමුණි පෙම්යුවල පිළිබඳ විචාරක මතය කුමක්ද?
31 ඉසුරුමුණිය කැටයම් ඒ අසල ඇති කුමන ස්ථානයක කැටයම් හා සමාන වේද?
32 මිනිසා හා අශ්ව හිස කැටයම පිළිබඳ විචාරක මතය කුමක් ද?
33 දිය නාන ඇත්තු කැටයම ඉන්දියාවේ කවර කැටයමක් සිහිපත් කරයි ද?
34 රජ වාසල කැටයමින්  නිරූපණය වන් නේ  කුමක් ද?
35 ඉසුරුමුණි කැටයම් හි දක්නට ලැබෙන කලාත්මක ලක්‍ෂණ මොනවාද?



 ලාක්‍ෂා කර්මාන්තය

36. ලාක්‍ෂා කෘමියා ලාටු දමන ගස් තුනක් ලියන්න.
37. ලාක්‍ෂා සඳහා ලංකාවේ ප‍්‍රසිද්ධ ස්ථාන 3ක් ලියන්න.
38. ලාක්‍ෂා වලින් අලංකාර කරනු පාරිහාරික භාණ්ඩ 5ක් ලියන්න.
39. ලාකිරි වර්ග කීයක්  තිබේද? ඒවා නම්කරන්න.
40. ලාක්‍ෂා භාණ්ඩ අලංකාර කරන ක‍්‍රම දෙක නම්කරන්න.
41. පට්ටල් ආධාරයෙන් ලාක්‍ෂා සැරසිලි සඳහා යොදාගන්නා නිර්ජීවී මොස්තර 3ක් ලියන්න.
42. ලාක්‍ෂා සඳහා භාවිතා කරන වර්ණ නම් කරන්න.
43. ලාක්‍ෂා කාර්මිකයින් හඳුන්වන්නේ  කවර නමකි න් ද?
44. අතීතයේ ලාක්‍ෂා නිර්මාණකරුවන් සඳහා වෙන් කළ ප‍්‍රදේශය හැඳින්වූ නම කුමක් ද?
45. ලාක්‍ෂා කර්මාන්තය ප‍්‍රචලිත වෙනත්  රටවල්  3ක්  නම්කරන්න.
46. ලාක්‍ෂා නිර්මාණවල දැකිය හැකි සුවිශේෂි ලක්‍ෂණය කුමක්ද?



 පැදුරු කර්මාණ්තය

47. පැදුරු කර්මාණ්තයේ නියැලි සිටියේ කුමන කුලයක අයද?
48. පැදුරු කර්මාණ්තයේ ආරම්භක ස්ථානය වන්නේ කුමණ ප‍්‍රදේශය ද?
49. වර්තමානයේ පැදුරු කර්මාණ්තයේ ආරම්භක ස්ථානය හඳුන්වන්නේ කවර නමකින් ද?
50. දුම්බර පැදුරු (දුම්බර කලාල) සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය මොනවාද?
51. ‘‘පන්නයින් ’’ යනු  කවුරුන් ද?
52. ‘‘කින්නරුන් ’’ යනු  කවුරුන් ද?
53. කින්නර පැදුරු හෙවත්  කින්නර කලාල කොටස්  තුනකට බෙදේ  ඒවා නම්කරන් න.
54. පැදුරු කර්මාණ්තයේ දී පැදුරු වලට අමතරව නිර්මාණය කරනු ලබන වෙනත් පාරිහාරික භාණ්ඩ නම්කරන්න.
55. දුම්බර පැදුරු කර්මාණ්තයේ දී නියඳ කෙඳි සකසාගන්නා ශිල්ප ක‍්‍රම දෙකකි. නම් කරන්න.
56. නියඳ කෙඳ කහපැහැ ගන්වන්නේ  කෙසේ  ද?
57. නියඳ කෙඳි රතු පැහැ ගන්වන්නේ  කෙසේ  ද?
58. පැදුරු කර්මාණ්තයට ආවේනික සාම්ප‍්‍රදායික සැරසිලි මොනවාද?
59. පන් පැදුරු කර්මාණ්තයේ භාවිතා කරනු ලබන මාධ්‍ය මොනවා ද?
60. පන් පැදුරු කර්මාණ්තයේ රතු/ කළු/ කහ/ දම්/ කොළ වර්ණ සාදාගන්නේ කෙසේ ද?
61. පන් පැදුරු කර්මාණ්තයේ නිශ්පාදනය කරනු ලබන භාණ්ඩ මොනවාද?
62. පන් පැදුරු කර්මාණ්තයේ භාවිතා කරනු ලබන මොස්තර රටා නම් කරන්න.
63. පන් පැදුරු කර්මාණ්තය ප‍්‍රචලිත ප‍්‍රදේශ නම්කරන්න.



 බුදු පිළිමවල දක්නට ලැබෙන විශේෂතා

64. බුදු පිළිමවල දක්නට ලැබෙන විවිධ ආසන නම්කරන්න.
65. බුදු පිළිමවල දක්නට ලැබෙන විවිධ මුද්‍රා නම්කරන්න.
66. බුදු පිළිමවල දක්නට ලැබෙන විවිධ ඉරියව් නම්කරන්න.



 අනුරාධපුර යුගයට අයත් බුදු පිළිම - අනුරාධපුරයේ සමාධි බුද්ධ

67. අනුරාධපුරයේ සමාධි බුද්ධ ප‍්‍රතිමාව දක්නට ලැබෙන්නේ කිනම් ස්ථානයක ද?
68. මෙම බුද්ධ ප‍්‍රතිමාව කීවෙනි සියවසට අයත් වේ ද?
69. මෙම බුද්ධ ප‍්‍රතිමාව නිරිමාණය කරන ලද්දේ කවර රජු දවස ද?
70. මෙම බුද්ධ ප‍්‍රතිමාවේ මාධ්‍ය කුමක් ද?
71. මෙම බුද්ධ ප‍්‍රතිමාවේ ආසනය හා මුද්‍රාව නම් කරන්න.
72. මෙම බුද්ධ ප‍්‍රතිමාව නිර්මාණය කිරීමේ දී කවර සම්ප‍්‍රදායක ආභාසය ලැබීඇත්ද?
73. මෙම බුද්ධ ප‍්‍රතිමාව තුළින් දක්නට ලැබෙන සුවිශේෂ ගුණාංග මොනවා ද?



 අවුකන බුද්ධ ප‍්‍රතිමාව

74. අවුකන බුද්ධ ප‍්‍රතිමාව දක්නට ලැබෙන්නේ කිනම් ස්ථානයක ද?
75. මෙම බුද්ධ ප‍්‍රතිමාව කී වෙනි සියවසට අයත් වේ ද?
76. මෙම බුද්ධ ප‍්‍රතිමාව නිර්මාණය කරන ලද්දේ කවර රජු දවස ද?
77. මෙම බුද්ධ ප‍්‍රතිමාවේ මාධ්‍ය කුමක් ද?
78. මෙම බුද්ධ ප‍්‍රතිමාවේ ආසනය හා මුද්‍රාව නම් කරන්න.
79. මෙම බුද්ධ ප‍්‍රතිමාව නිර්මාණය කිරීමේ දී කවර සම්ප‍්‍රදායක ආභාසය ලැබී ඇත්ද?
80. මෙම බුද්ධ ප‍්‍රතිමාව තුළින් දක්නට ලැබෙන සුවිශේෂ ගුණාංග මොනවා ද?
81. මෙම බුද්ධ ප‍්‍රතිමාවේ උස කොපමණ ද?
82. මෙම බුද්ධ ප‍්‍රතිමාවට පසු කාලිනව එක් කළ අංගයක් හිස මත දක්නට ඇත. නම් කරන්න.
83. මෙම බුද්ධ ප‍්‍රතිමාවේ චීවරයේ ස්වභාවය කෙබඳු ද?
84. මෙම බුද්ධ ප‍්‍රතිමාව පිහිටි ගල්  පර්වතයක .................................. උන්නතව නෙලා ඇත. එසේ නෙළු ප‍්‍රතිමා හඳුන් වන විශේෂිත නම කුමක් ද?



 තොලූවිල සමාධි

ප‍්‍රතිමාව

85. තොලූවිල සමාධි බුද්ධ ප‍්‍රතිමාව දක්නට ලැබෙන්නේ කිනම් ස්ථානයක ද?
86. මෙම බුද්ධ ප‍්‍රතිමාව කී වෙනි සියවසට අයත් වේ ද?
87. මෙම බුද්ධ ප‍්‍රතිමාව දැනට දක්නට ඇත්තේ කිනම් ස්ථානයක ද?
88. මෙම බුද්ධ ප‍්‍රතිමාවේ මාධ්‍ය කුමක් ද?
89. මෙම බුද්ධ ප‍්‍රතිමාවේ ආසනය හා මුද්‍රාව නම් කරන්න.
90. මෙම බුද්ධ ප‍්‍රතිමාව තුළින් දක්නට ලැබෙන සුවිශේෂ ගුණාංග මොනවා ද?

නිශ්ශංක ලතා මණ්ඩපය

91. නිශ්ශංක ලතා මණ්ඩපය නිර්මාණය කරවන ලද්දේ කවර රජු විසින් ද?
92. නිශ්ශංක ලතා මණ්ඩපය අයත් වන්නේ කීවෙනි සියවසට ද?
93. නිශ්ශංක ලතා මණ්ඩපය අයත් වන්නේ කුමණ සියවසට ද?
94. නිශ්ශංක ලතා මණ්ඩපය නිර්මාණය කරන ලද්දේ කවර අරමුණක් උදෙසාද?
95. නිශ්ශංක ලතා මණ්ඩපය මධ්‍යයෙහි දක්නට ලැබෙන්නේ කුමක් ද?
96. වාඩිවී වන්දනාවේ යෙදෙන මානව රූප දක්නට ලැබෙන්නේ නිශ්ශංක ලතා මණ්ඩපයේ කවර ස්ථානයක ද?
97. නිශ්ශංක ලතා මණ්ඩපය දිගින් අඩි 34.8 ක් හා පළලින් අඩි 28.8 ක් වන ආයත චතුරශ‍්‍රාකාර වේදිකාව උසි න්  අඩි 4කි . පේ ළි  දෙකට ගල්  කණු  .................. බැගින්  ගල්  කණු  ................. කි . එහි එක්  කනුවක උස අඩි .......................කි .
98. නිශ්ශංක ලතා මණ්ඩපය වට කොට ඇත්තේ කුමකින් ද?
99. නිශ්ශංක ලතා මණ්ඩපයේ ගල් කණුවක හැඩය කෙබඳුද?
100. එම ගල් කණු මත පේකඩ ස්වරූපයෙන් දක්නට ලැබෙන්නේ මොනවාද?
101. එම ගල් කණුවල කුළුණු ශීර්ෂය නිර්මාණය කොට ඇත්තේ කෙසේ ද?
102. ගල්  කණු  8න්  යුත්  මෙම ආයත චතුරශ‍්‍රාකාර ගොඩනැගිල්ල අතීතයේ  .............................. දරා සිටි බවට සාක්‍ෂි ඇත.




පොළොන්නරු වටදාගේ

103. පොළොන්නරු වටදාගේ දක්නට ලැබෙන්නේ කිනම් ස්ථානයක ද?
104. පොළොන්නරු වටදාගේ කරවන ලද්දේ කවර රජු විසින් ද?
105. මෙම ස්ථානයෙන් හමුවන වැදගත් නිර්මාණ මොනවාද?
106. මෙහි  දාගැබ වටා සිව් දිශා ..................... බුද්ධ ප‍්‍රතිමා ..................... කි . ඇඟට ඇළුණු  ...................... එක්  රේඛාවකින්  දක්වා ඇති  අතර හිසකේ  රහිත සිරසෙහි  ............................... දක්වා ඇත.
107. මෙහි සලපතල මළුවෙහි නිර්මාණය කොට ඇති අලංකාර මල් මෝස්තරය කුමක් ද?
108. මෙම වටදාගෙය තුළ සළපතල මළු කීයක් දක්නට ලැබේද?
109. මෙම වටදාගේ තුළට පිවිසීමේ දොරටු 5කි. ඒවා අලංකාර කොට ඇති නිර්මාණාංග මොනවාද?
110. වටදාගෙයක් යනු කුමක්ද? එය හැඳින්වීමට භාවිතා කරන වෙනත් නම් මොනවාද?

පහත වාක්‍යාංශවල අර්ථය පැහැදිලි වනසේ වාක්‍ය බැගින් නිර්මාණය කරන්න.

111. සන්නිදර්ශන චිත‍්‍ර
112. අඛණ්ඩ කථන ක‍්‍රමය
113. නියපොතු  වැඩ
114. මේධිය
115. වෙස්  මුහුණු
116. එග් ටෙම්පරා
117. චිත‍්‍ර වලි  (රූපන චිත‍්‍ර *
118. 43 කණ්ඩායම
119. ටැම්පිට විහාර
120. මඩොල් කුරුපාව
121. පැපිරස්
122. රූපාක්‍ෂර
123. ආනන්ද කුමාරස්වාමි
124. වලිත්ති
125. මකර රුව
126. පංච නාරි ඝඨය
127. පර දුක්ඛ දුක්ඛිත
128. සකපෝ රුව
129. ස්ක‍්‍රයිබ්
130. ගනේශ්වරාචාර්ය
131. තාන්ඩව
132. මිනාර්
133. ටෙම්පරා
134. ඩොරික්
135. බෝධිඝර
136. ග‍්‍රැෆික් චිත‍්‍ර
137. සඳකඩ පහන
138. පතඟි  ලී
139. පේ කඩ
140. විජයොත්පාය
141. වංකගිරිය
142. පන්නයින්
143. නිරූඪ
144. වාහල්කඩ
145. හර්මිකාව
146. තිවංක
147. කොලාජ්
148. නියඳ
149. සාදිලිංගම්
150. දේවතා කොටුව
151. ගජසිංහ
152. නරසිංහ
153. සැරපෙන් ඩියා
154. ඇත්කඳලිහිණියා
155. නරසිංහ
156. මඩොල්කුරුපාව
157. ග‍්‍රැනේට්
158. වෘෂභ කුඤංජරය
159. ක්යාරස්කි්‍යුරෝ
160. ආබද්ධ

සියලුම ප‍්‍රශ්න වලට පිළිතුරු ලියන්න. මම පසුව උත්තර පත‍්‍රය දමනවා.

ශී‍්‍ර ධීරානන්ද විද්‍යායතන පිරිවෙන තැඹිලිගස්මුල්ල - චිත‍්‍ර කලාව - භාරත කුමාර රූපසිංහ

ආයුබෝවන් දරුවනේ

නර්තනය - සතර අභිනය

විෂයය - නර්තනය
පාඩම - සතර අභිනය
ගුරු භාවතා - ආර්.ඩී. හේවාවිතාරණ
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/21
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 1.00-3.00
-------------------------------------------------------





මම දැන් දාන සටහන සටහන් පොතේ ලියාගන්න ...













මම සටහන දාපු විදිහට සටහන් පොතේ සටහන් කර  ගන්න ..

ඔයාලගේ විෂය නිර්දේශයට           අයත් සටහන තමා ඉහත තිබෙන්නේ ...

පහත කෙටි සටහන බලන්නකෝ ....

















මම එවන්නම් වීඩියෝ එකක් .. බලන්නකෝ ...



මොනව හරි ගැටලුවක් ඇත්නම් විමසන්න0719757195 ....

අපි තවත් පාඩමකින් නැවතත් හමුවෙමු ... තෙරුවන් සරණයි !!!

ආයුබෝවන් 🙏🙏🙏

ඉතිහාසය - ශ්‍රී ලංකවේ පැරණි විද්‍යාව හා තාක්ෂණය II

විෂයය - ඉතිහාසය
පාඩම - ශ්‍රී ලංකවේ පැරණි විද්‍යාව හා තාක්ෂණය II
ගුරු භාවතා - ප්‍රසන්න සතරසිංහ
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/21
පන්තිය පැවැත්වූ වේලාව - පෙ.ව. 08.00- 10.00
-------------------------------------------------------------




🔊 Audio 1

🔊 Audio 2

🔊 Audio 3

🔊 Audio 4

🔊 Audio 5

🔊 Audio 6

🔊 Audio 7




Wednesday, 20 May 2020

සිංහල භාෂාව හා සාහිත්‍යය - ගුත්තිල කාව්‍ය VI

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය
පාඩම - ගුත්තිල කාව්‍ය
පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/20
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00- 4.00
------------------------------------------------------------


දරුවනේ අපි සාහිත්‍යය පාඩම පටන් ගමුද...

ඔයාල ලෑස්ති ද



26
වෙසෙසින් = විශේෂයෙන්,  දිගතපුරායා = දස දෙස පැතිරී, යන නද අසමින් = යන්නා වූ වීණා නාදය අසමින්,  තුරුහිස් = ගස් මුදුන්වල, රඳනා = වාසය කරන, ගිරායා = ගිරවුන්,  උමුවෙන් ගත් =  ආශාවෙන් ගත්,  මියුරායා = මිහිරි වූ අඹ, දැමුයෙන් = දැමූ හෙයින්, මියුරායා = මිහිරි වූයේ, වෙණ නද ම ය = වීණා නාදය මය


27
රුති =  සිත්කලු, වනපෙතින් = කැලෑ පෙදෙසින්,    සමුවෝයා = රංචු පිටින්, ඇවිදින් = ඇවිදින්,  නිති = නිරන්තරයෙන්,  මියුරු ඇති = මිහිරි බව ඇති,  වෙණ නද = වීණා නාදයට,  අළ මුවෝයා = අරින ලද මුඛය ඇති, මුවෝ = මුවෝ,  සිතිවිලි නැති = සිතිවිලි නැත්ත වූ, රූ = රූප, විලස = ලෙසින් මිනිසුන් සමුවෝයා = මිනිසුන් හමුව,  තැති නොගනිති = බිය නොවෙති.


28
නොමදේයා = බොහෝ වූ,   සුර නර  සෙන්, =  දෙව්මිනිස්  සේනාව,  නොගොසින් = බැහැර නොයා,  නිබඳේයා  = නිරන්තරයෙන්, සිටි වන සිට = සිටි තැන්වලම සිට ගෙන,  වෙසෙසින් = විශේෂයෙන්, සතොසින් විඳ විඳ = සන්තෝෂයෙන් විඳිමින්, ලොබ නොසිඳේයා = නොසිඳුණු ආශාවෙන්, මෙලෙසින් = මේ ආකාරයෙන්, වෙණ නද = වීණා නාදය, අසන සඳ = අසන කල්හි.


29
පටන් = ප්‍රතමයෙන්,    සුරිඳුන් දුන් = ශක්‍රය දුන්නා වූ,  උපදෙස් = උපදේශයන්, සිහිකොට = මෙනෙහි කොට, ඉටං බෙලෙන් = අධිෂ්ඨාන බලයෙන්,  ගුළි අහස්ට  දැමුවෙන්  = ගුලි අහස්ට දැමූ හෙයින්, තුටන් වඩන = සතුට වඩන,  සුර අඟනෝ = දිව්‍යාංගනාවෝ, නව සියයක් = නව සියයක්, බැස සිට = බැහැලා, නැටුම පටන් ගත්තු = නටන්න  ගත්හ


30
වීණා පද වාදය = වීනා පද වාදනය, නොවරදවා = වරද්දන්නෙ නැති ව, ළඟ ළඟවා = ලං ලං වී, උනුනට = ඔවුන්හට,  වාද කර =  තරඟයට වාද කර,  සුරනරඟන = සුරංගනාවන්ගේ හා නරාංඟනාවන්ගේ, රඟ බේදය = නැටුමේ වෙනස, අඟවා = පෙන්වා, රජ සබය = රාජ සභාව, සෙද = වහා,  පබෝදය කරවා =  ප්‍රබෝධ කරවා.



මේ විචාරය





සිංහල භාෂාව හා සාහිත්‍යය - ආචාර්ය ටී. බී. ජායා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය
පාඩම - 
ආචාර්ය ටී. බී. ජායා
පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/20
පන්තිය පැවැත්වූ වේලාව - පෙ.ව. 8.00- 11.00
------------------------------------------------------------


එහෙනම් කතාව එහුවනේ...අපේ සිංහල පන්තිය පටන් ගමුද...
Audio 1 🔊




ටී. බී. ජායා නමින් හැඳින්වෙන්නේ කවරෙක්ද? ඔහු නමින් අගනුවර එක් ප්‍රසිද්ධ මහා මාර්ගයක් නම්කර තිබෙන්නේ මන්ද? එම නමින්ම සමරු මුද්දරයක් ද නිකුත් කර ඇත්තේ කවරවූ වටිනාකමක් හේතුවෙන්ද?

පසුගිය පෙබරවාරි 4 වැනිදා නිදහසේ 69 වැනි සංවත්සරය සැමරීමේදී සඳහන් කෙරුණු 1948 නිදහස් සටනේ ජාතික විරුවන් අතර ටී. බී. ජායා නාමයද අන්තර්ගත වුණේ කවර අර්ථයකින්ද? ස්වකීය ජන්මයෙන් වසර 127ක් තරම් දිගු කාල පරාසයක් ගතව තිබියදී එළැඹි 2017 වසරේදී පවා ටී. බී. ජායා නාමය සිහිපත් කර මැලේවරු විසින් තම කෘතඥතාවය පුද කරනු ලබන්නට තරම් එම පුද්ගලයා තම වර්ගයාට, රටේ ජනතාවට ඉටුකර ඇත්තේ කවර වූ සේවාවක්ද? වැනි ප්‍රශ්නාවලියක් ජනසමාජය තුළ ගතවූ ජනවාරි හා ගෙවෙමින් පවත්නා පෙබරවාරි මස තුළ ඉස්මතුව දැක්වෙන බවත් කථාබහට ලක්වෙන ආකාරයෙන් දක්නට ඇත. ඒ මන්දැයි විමසා ඊට අදාළ හේතු සොයන ලිපියකි මේ. 

ටී. බී. ජායා යනු ප්‍රථමයෙන්ම තම නිසඟ, ශූර බුද්ධියෙන් සහ කාර්යක්ෂම වූ ක්‍රියා පිළිවෙතකින් අධ්‍යාපනයේ ප්‍රගමනය උදෙසා 20 වැනි ශතවර්ෂයේ මුල් දශක පහ තුළ දැඩි කැපවීමකින් කටයුතු කළ අධ්‍යාපනඥයකු වේ. ඉනික්බිතිව හෙතෙම තම වර්ගයාගේ, තම ආත්මය හැඩ ගස්වා ගත් දැනුම අගයනු ජනතාවගේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ එපමණකට සීමා නොවෙමින් සමස්ත ජනතාවගේ අභිවෘද්ධිය පිණිස නිරන්තරයෙන් ක්‍රියාත්මක වූ පරමාදර්ශී දේශපාලනඥයෙකි. යථෝක්ත ද්විත්ව චරිතයන්හි ක්‍රියාකාරිත්වය ජනතා සුබසිද්ධිය පිණිස බලපෑ ආකාරය විමසනු වටී. 

ටී. බී. ජායා ගලගෙදර නම්වූ කන්ද උඩරට ග්‍රාමයේ දරුවන් සිව් දෙනකුගෙන් යුත් පවුලක දෙවැනි දරුවා ලෙස මෙලොව එළිය දකින්නේ 19 වැනි ශතවර්ෂයේදීය. එසේම ඔහුගේ ජනහිතකාමී අනගි චර්යාව තම සමාජය හමුවේ ක්‍රියාත්මක වන්නේ 20 වැනි ශත වර්ෂයේ ප්‍රථම දශක 6 පුරාය. 

මැලේ ජාතික පොලිස් නිලධාරියකුගේ සහ මැලේ ගෘහණියකගේ අතිජාත පුත්‍රයකු ලෙස හැදුණු වැඩුණු කුඩා ජායා ග්‍රාමීය ප්‍රදේශයන්හිදී ලැබූ ප්‍රාථමික අධ්‍යාපනය වසර තුනකට පමණක් සීමාවිය. එම සුළු කාල සීමාව තුළ පවා කුඩා දරුවකු වූ ජායා තුළින් ප්‍රකට වූයේ ඉගෙනීම උදෙසා ඔහු සතුවූ නිසඟ එමෙන්ම අසාමාන්‍ය දක්ෂතාවයි. තුන්වැනි ශ්‍රේණියේදී මෙන්ම හයවැනි ශ්‍රේණියේදී ද ද්විත්ව සාමාර්ථයන් දෙවරක්ම දිනාගැනීමෙන්ම ඔහු බාලවියේ පටන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ප්‍රකට කළ දක්ෂතාවයේ තරම පැහැදිලි වන්නේය. 

කුඩා අවධියේදී තම නිවසේදීම දක්ෂ ගුරුවරයකු මගින් ඉගෙනුම ඇරඹීම සේම ඉස්ලාම් ගුරුවරයකු වෙතින් අල් -  කුර්හන් ග්‍රන්ථය හැදෑරීමේ ඇරඹුම ඔහු අධ්‍යාපනය විෂයෙහිලා ප්‍රකට කළ සාමාර්ථයට පදනම ලෙස සැලකීම නිරවද්‍යය. ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු ශිෂ්‍යත්වයක් ලැබ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් වීමේ වරම ලැබූ ජායා 1906 දී කේම්බි්‍රජ් කනිෂ්ඨ විභාගයෙන් ද 1907 දී කේම්බි්‍රජ් ජ්‍යෙෂ්ඨ විභාගයෙන්ද සමත්වීම ඔහුගේ අධ්‍යාපනයේ ශක්තිමත් අඩිතාලම වූයේය. තම පාසලේ දීප්තිමත් ශිෂ්‍යයකු වූ ජායා ගණිතය, ලතින් භාෂාව සහ ඉංග්‍රීසි සාහිත්‍ය යන විෂයයන් උදෙසා ත්‍යාග දිනා ගත්තේ මේ අවධියේදීය. 

ප්‍රාථමික අධ්‍යාපනයකින් අනතුරුව තරුණ ජායා විසින් තම ප්‍රථම රැකියාව ලෙස ගුරු වෘත්තිය තෝරා ගනු ලබන්නේ 1910 වසරේදීය. ඒ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ උප ගුරුවරයෙකු ලෙස ගුරු සේවය අරඹමිනි. එම වසරේදීම මොරටුවේ වේල්ස් කුමාර විද්‍යාලයේ ගුරුවරයකු ලෙස පත්වීමක් ලැබ ඔහු අගනුවරට පිවිසෙන්නේ එම විදුහලේ  බටහිර සම්භාව්‍ය සාහිත්‍ය පිළිබඳ ගුරුවරයා ලෙස ඉගැන්වීම උදෙසාය. මෙසේ ගුරු වෘත්තියේ යෙදෙමින්ම තම උසස් අධ්‍යාපනය වෙතද යොමුවූ තරුණ ජායා 1913  වසරේදී ඉංග්‍රීසි, ලතින්, ග්‍රීක භාෂා සහ ඉතිහාසය, ගණිතය විෂයයන් ගෙන් ලන්ඩන් අන්තර්කාලීන විභාගයෙන් සමත් වූයේය. ඉන් ලද උත්තේජනයෙන් උසස් අධ්‍යාපනය උදෙසා තවදුරටත් යොමුවූ ජායා ලතින්, ග්‍රීක භාෂා සහ ඉතිහාසය පිළිබඳ විෂයයන් ගෙන් ලන්ඩන් බී. ඒ. උපාධිය සමත් වූයේ 1916 දීය. 1917 දී හේ බටහිර සාහිත්‍ය හා ඉතිහාසය භාර ගුරුවරයෙකු ලෙස කොළඹ ආනන්ද විද්‍යාලයේ සේවයට අවතීර්ණ වීම ඉතා වැදගත් සංසිද්ධියක් වන්නේ පසුකලෙක දිවයිනේ විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ තම නාමයත් ප්‍රකට කළ ඉතා අගනා ගෝල පිරිසක් බිහිකිරීමට එහිදී ඔහුට හැකිවූ බැවිනි. ශ්‍රී ලංකාවේ  වාමාංශික දේශපාලනයේ 20 වැනි ශත වර්ෂයේ පෙරළිකාර චරිතයක් වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, රොබට් ගුණවර්ධන ඔහුගේ ආනන්දයීය ශිෂ්‍යයෝ වූහ. එසේම කලක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක ධුරය දැරූ බකීර් මාකර්ද ඔහුගේ සමීපතම සිසුවකු විය. පුවත්පත් ලෝකය බැබළවූ දැවැන්ත පුවත්පත් කලාවේදියකු වූ ඩී. බී. ධනපාල, ප්‍රකට අධ්‍යාපන අමාත්‍යරයකු වූ බදියුද්දීන් මහමූද්, වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු වූ අලවි මව්ලානා, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී වැනි විවිධ ක්ෂේත්‍රයන්හි ඉස්මතු වූ ප්‍රබල සිසු පරපුරක් ඔහු වෙතින් අධ්‍යාපනය ලබන්නේ ආනන්ද විදුහල් සෙවණේදීය. 

1921 දී ජායා කොළඹ සහිරා විද්‍යාලයේ  විදුහල්පති ධුරය භාර ගත්තේ යහපත් මැලේ සහ යෝනක සිසු පරපුරක් බිහි කිරීමේ අදිටනිනි. එම අදිටන අනුව කටයුතු කිරීමට පෙරාතුව ඔහුට සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් වගකීමක් සඳහා උරදෙන්නටය. ඒ වනවිට ඉතා ශෝචනීය තත්ත්වයක පැවති  සහිරා විදුහල නගාසිටුවීම එම කාර්යභාරයයි. ඔහු එම විදුහල භාර ගනිද්දී එහිවූ සිසුන් සංඛ්‍යාව 59කට සීමාවී තිබූ අතර ගුරුවරු සංඛ්‍යාව 6 දෙනකු විය. පරණ ගොඩනැගිල්ලකට  පමණක් සීමා වූ  විදුහල සතුව ප්‍රමාණවත් ඩෙස්, බංකු හා අවශ්‍ය අනෙකුත් උපකරණයන්ද නොවීය. ජායා විදුහල්පතිවරයාගේ මගපෙන්වීමෙන් සහ ඇප කැප වීමෙන් නොබෝ කලකින්ම සහිරා විදුහල ශීඝ්‍ර දියණුවක් ලැබූ අතර ඔහු එහි විදුහල් ධුරයෙන්  ඉවත් වෙද්දී එහි සිසුන් ප්‍රමාණය 3500ක් වූ අතර ගුරුවරු 100ක් එම විද්‍යාලයේ සේවය කළෝය. සහිරා සිසුන් ක්‍රීඩා ක්ෂේත්‍රය වෙත යොමු කොට විවිධ ක්‍රීඩාවන්හි නිපුණ සිසු පරපුරක් බිහි කිරීමටද දායක වූ ජායා කොළඹ සහිරාවේ රාත්‍රී පාසලක් ආරම්භ කිරීමේ සුවිශේෂත්වය වන්නේ එය ශ්‍රී ලංකාවේ ප්‍රථම රාත්‍රී පාසල වීමේ හේතුවෙනි. සහිරා විදුහලේ සේවයට අමතරව කොළඹ හමීඩියා විද්‍යාලයේ භාරකාරත්වයද ඉසුලූ ජායා කොළඹ කයිරියා බාලිකා පාසල ඇරඹීම සඳහා ද  තම දායකත්වය සැපයීය. කොළඹ වෙන්හාඞ් ඉංග්‍රීසි පාසලේ භාරකාරත්වය දැරුවේද ටී. බී. ජායා මැතිතුමන් විසිනි.  දෙවැනි ලෝක මහා සංග්‍රාම සමයේ සහිරා සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමේ අවදානම කල්තබා තේරුම් ගනිමින් අලුත්ගම, ගම්පොළ, මාතලේ, පුත්තලම සහ වෑකන්ද සහිරා විද්‍යාල අරඹා ඒවාහිදී අධ්‍යාපනය ලැබීමට එම දරුවන්ට අවකාශ සලසාදීමට මුල් වූයේද ජායා මැතිදුන්ය. අලුත්ගම සහ අඞ්ඩාලචේන මුස්ලිම් ගුරු අභ්‍යාස විද්‍යාල ඇරඹීම සඳහා කටයුතු කළේද එතුමාය. 

1924 දී ටී. බී. ජායා මැතිතුමන් සෘජුවම දේශපාලනයට පිවිසුණේ ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රීධුරයක් ලබමිනි. 1924 සිට 1930 දක්වා දෙවරක් ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කළ එතුමා 1936  සිට 1947  දක්වා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජිකත්වය දැරීය. 1947දී ශ්‍රී ලංකාවට ස්වාධීනත්වය ලබා ගැනීම සඳහා වූ අරගලයේදී පෙරමුණ ගත් ඩී. බී. ජයතිලක, එෆ්. ආර්. සේනානායක, ඩී. එස්. සේනානායක, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, ඊ. ඩබ්ලිව්. පෙරේරා, පොන්නම්බලම් අරුණාචලම්,  පොන්නම්බලම් රාමනාදන් යන දේශමාකක ශ්‍රී ලාංකිකයන් අතර ටී. බී. ජායා ද ප්‍රමුඛතාව දැරූ මැලේ නියමුවකු විය. හේ ශ්‍රී ලංකාවේ ස්වාධීන්තවය සඳහා ඇප කැපවූයේ මැලේ මෙන්ම යෝනක ජාතිකයන්ගෙන් සමන්විත මුසිලිම් පරපුර නියෝජනය කරමිනි. මුස්ලිම්වරු තම දැවෙන ප්‍රශ්න මදකට පසෙකලා ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය වෙනුවෙන් කැපවන බව හෙතෙම අභීතව ප්‍රකාශ කළේ සමස්ත  ප්‍රජාවගේම ගෞරවයට පාත්‍ර වෙමිනි. 

1947 ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම අමාත්‍ය මණ්ඩලයේ කම්කරු සහ සමාජ සේවා අමාත්‍යධුරය සඳහා පත්කරන ලද්දේ ටී. බී. ජායා මැතිතුමන්ය. එසේම ශ්‍රී ලංකාව උදෙසා ජාතික කොඩියක් නිර්මාණය කරනු පිණිස පත්කළ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩරනායක මැතිඳුන්ගේ සභාපතිත්වයෙන් මෙන්ම සුප්‍රකට පුරාවිද්‍යාඥ සෙනරත් පරණවිතානයන්ගේ ලේඛකාධිකාරි ධුරයෙන් යුක්ත කමිටුව නියෝජනය කිරීම උදෙසා එතුමා පත් කරන ලද්දේ අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායකයන් විසිනි. 

එහෙත් අභාග්‍යයකට මෙන් මතුවූ දේශපාලන ලෝකයේ අතිවූ නූල් සූත්තරකාරයන් දෝ 1950 දී ඔහුට 1947 සිට දැරූ කැබිනට් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවූයේ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදිය. ඒ සමගම හෙතෙම පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට පත් කරන ලද්දේය. ඒ 1952 දක්වා ඔහුට තම අමාත්‍යධුරය හෙබවීමේ අවකාශ පවතිද්දීය. 1951 දී පන්ජාබ්  විශ්වවිද්‍යාලය මගින් ජායා මැතිඳුන් හට සාහිත්‍යය පිළිබඳ ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමන ලද අතර පාකිස්තානයේ සිටින විදේශ තානාපතිවරුන්ගේ සභාපතිවරයා  ලෙස හේ පත්විය. පාකිස්තානයේ සම්මාන  පුරවැසිභාවයෙන්ද  මෙම වකවානුනේදී ජායා මහතා පිදුම් ලැබූ නමුත් හේ කාරුණිකව  එය ප්‍රතික්ෂේප කළේය. ජායා මැතිඳුන්ට තම ආදරණීය බිරිඳ 1954 දී අහිමි වන්නේ  පාකිස්තානයේ කරච්චි නුවරදී ඇය හදිසියේ අභාවප්‍රාප්ත වීම හේතුවෙනි.

1960 වසරේ පැවැති මහ මැතිවරණයේදී නැවතත් මන්ත්‍රී ධුරයකට පත්වූ ජායා 1960 මැයි මාසයේදී හජ් වන්දනාවක් සඳහා  පිටත් විය. මක්කමදී ශ්‍රී ලාංකික මුස්ලිම් වන්දනාකරුවන් උදෙසා නේවාසිකාගාරයක් ඉදිකිරීම මෙහෙයවමින් සිටියදී හදිසියේ රෝගාතුර වූ ටී. බී. ජායා 1960 මැයි මස 31 දින මක්කමදී  අභාවප්‍රාප්ත වූයේය. ඔහුගේ දේහය මදීනා නගරයේ ජන්තුල්ඛාත්හිදී නබිනායකතුමාගේ සොහොන පිහිටි පරිශ්‍රයේදීම මිහිදන් කරන ලද්දේ පාකිස්තානයේ සහ සෞදි අරාබියේ  නායකයන්ගේ බුහුමන් මධ්‍යයේය. 

ගුරවරයක, විදුහල්පතිවරයකු, පුළුල් අධ්‍යාපනඥයකු හා පරමාදර්ශී දේශපාලනඥයකු ලෙස මැලේ ජාතියට, ඉස්ලාම් ධර්මයට, සමස්ත ලාංකීය ප්‍රජාවට අනුපමේය සේවයක් කළ ටී. බී. ජායා මැතිතුමන්  එතැන් පිටන් වසර අර්ධ ශතකයක් ඉක්මවා තිබියදී  පවා කෘතවේදී ජනතාවගේ ගරු බුහුමනට පාත්‍ර වන්නේ ඔහු විසින් ඉටු කරන ලද අමිල සේවය හේතුවෙනි.







Tuesday, 19 May 2020

පුරවැසි අධ්‍යයනය - ආර්ථික ක්‍රම හා ආර්ථික සබදතා

විෂයය - පුරවැසි අධ්‍යයනය
පාඩම - ආර්ථික ක්‍රම හා ආර්ථික සබදතා
ගුරු භාවතා - මලිත අතුකෝරල
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/19
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00-4.00
--------------------------------------------------------




සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...