Thursday 21 May 2020

චිත්‍ර - ප‍්‍රශ්නාවලිය


විෂයය - චිත්‍ර
පාඩම - 
ප‍්‍රශ්නාවලිය
ගුරු භාවතා - භාරත ලක්ෂ්මන් රූපසිංහ
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/21
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00-4.00
--------------------------------------------------------


තෙරුවන්සරණයි දරුවනේ


අද මම ඔයාලාට දෙන්නේ ප‍්‍රශ්නාවලියක්. මෙතන ප‍්‍රශ්න 160ක් තියෙනවා. පෙර දැනුම උපයෝගිකරගෙන පිළිතුරු ලියන්න.




 වෙස්  මුහුණු  කර්මාන්තය

1 වෙස් මුහුණු කර්මාන්තය ප‍්‍රචලිත වෙනත් රටවල් මොනවාද?
2 ලංකාවේ වෙස් මුහුණු නිර්මාණය සඳහා බහුලව භාවිතා කරන ලී වර්ගය නම්කරන්න.
3 වෙස් මුහුණු නිර්මාණය සඳහා භාවිතා කරන වෙනත් ලී වර්ග මෙනවාද?
4 වෙස් මුහුණු නිර්මාණයේදී ඒවා වර්ග කෙරේ. එම වර්ග මොනවාද?
5 වෙස්  මුහුණු  නි ර්මාණය ප‍්‍ර ධාන පි යවර නම්කරන්න.
6 වෙස්  මුහුණු  කලාව ප‍්‍රචලිත ප‍්‍රදේශ නම්කරන්න.
7 වෙස් මුහුණු සඳහා භාවිතා කරන දේශීය වර්ණ සාදාගන්නා ආකාරය දක්වන්න.
8 වෙස් මුහුණක මුලින්ම කරන ආලේපය කවර නමකින් හැඳින්වේද? වර්තමානයේ එ් සඳහා භාවිතා කරන්නේ මෙනවාද?
9 වෙස් මුහුණු කපන ශිල්පියා හඳුන්වන නම කුමක්ද?
10 වෙස්  මුහුණුක්  වර්ණ කරන ආකාරය කෙටියෙන්  පහදන් න.
11 වෙස් මුහුණු සමාජ තත්වය/ වයස/ ස්තී‍්‍ර පුරුෂ ආදි චරිත අනුව ඒවාට ආවේනික වර්ණ ඇත. ඒවා නම්කරන්න.
12 ලංකාවේ වෙස් මුහුණු ප‍්‍රදර්ශනයට තබා ඇති රටවල් නම්කරන්න.




සීගිරිය

13 සීගිරි සිතුවම් කුමණ යුගයකට අයත්  වේද?
14 සීගිරි සිතුවම් අයත් වන්නේ  කුමණ සියවසට ද?
15 සීගිරි සිතුවම් සඳහා තේමාව වී ඇත්තේ කුමක් ද?
16 සීගිරි සිතුවම් ඇඳ ඇති ශෛලිය/සම්ප‍්‍රදාය කුමක්ද?
17 සීගිරි සිතුවම් ඇඳීමේ දී භාවිතා කොට ඇති විශේෂ ලක්‍ෂණ මොනවාද?
18 සීගිරි සිතුවම් පිළිබඳ විවිධ මත මොනවාද?
19 සීගිරි ගොඩනගන ලද්දේ  කවර රජෙකු  විසි න්  ද?
20 සීගිරි සිතුවම් කොපමණ සංඛ්‍යාවක් අතීතයේ දකිනට ලැබැබුනේ ද?
21 සීගිරි සිතුවම් කොපමණ සංඛ්‍යාවක් දැනට ඉතිරිව ඇද්ද?
22 සීගිරි සිතුවම්වල භාවිතා කොට ඇති වර්ණ නම් කරන්න.
23 සීගිරි සිතුවම් ඇඳීමට පෙර බිත්තිය සකසා ගෙන ඇත්තේ කෙසේද?
24 සීගිරි සිතුවම් සමාන කමක් දක්වන්නේ ඉන්දියාවේ කුමණ සිතුවම් දම්ප‍්‍රදායකටද?
25 සීගිරිසිතුවම් විකෘති  කිරිමෙන්  පසු  නැවත ප‍්‍රතිසංස්කනය කළේ  කවුරුන්  විසින්  ද?



ඉසුරුමුණිය

26 ශී‍්‍ර ලංකාවේ ඉදිවූ ප‍්‍රථම විහාරස්ථානය ලෙස සැලකෙන ඉසුරුමුණිය කරවුයේ කවුරුන් විසින්ද?
27 ඉසුරුමුණිය දක්නට ලැබෙන් නේ  කිනම් ස්ථානයකද?
28 ඉසුරුමුණිය කැටයම් නම්කරන්න.
29 ඉසුරුමුණිය කැටයම් පල්ලව හා ගුප්ත යන සම්ප‍්‍රදායන්ගේ ආභාසය ලබා ඇත. ඒවා සම්ප‍්‍රදාය අනුව වර්ග කරන්න.
30 ඉසුරුමුණි පෙම්යුවල පිළිබඳ විචාරක මතය කුමක්ද?
31 ඉසුරුමුණිය කැටයම් ඒ අසල ඇති කුමන ස්ථානයක කැටයම් හා සමාන වේද?
32 මිනිසා හා අශ්ව හිස කැටයම පිළිබඳ විචාරක මතය කුමක් ද?
33 දිය නාන ඇත්තු කැටයම ඉන්දියාවේ කවර කැටයමක් සිහිපත් කරයි ද?
34 රජ වාසල කැටයමින්  නිරූපණය වන් නේ  කුමක් ද?
35 ඉසුරුමුණි කැටයම් හි දක්නට ලැබෙන කලාත්මක ලක්‍ෂණ මොනවාද?



 ලාක්‍ෂා කර්මාන්තය

36. ලාක්‍ෂා කෘමියා ලාටු දමන ගස් තුනක් ලියන්න.
37. ලාක්‍ෂා සඳහා ලංකාවේ ප‍්‍රසිද්ධ ස්ථාන 3ක් ලියන්න.
38. ලාක්‍ෂා වලින් අලංකාර කරනු පාරිහාරික භාණ්ඩ 5ක් ලියන්න.
39. ලාකිරි වර්ග කීයක්  තිබේද? ඒවා නම්කරන්න.
40. ලාක්‍ෂා භාණ්ඩ අලංකාර කරන ක‍්‍රම දෙක නම්කරන්න.
41. පට්ටල් ආධාරයෙන් ලාක්‍ෂා සැරසිලි සඳහා යොදාගන්නා නිර්ජීවී මොස්තර 3ක් ලියන්න.
42. ලාක්‍ෂා සඳහා භාවිතා කරන වර්ණ නම් කරන්න.
43. ලාක්‍ෂා කාර්මිකයින් හඳුන්වන්නේ  කවර නමකි න් ද?
44. අතීතයේ ලාක්‍ෂා නිර්මාණකරුවන් සඳහා වෙන් කළ ප‍්‍රදේශය හැඳින්වූ නම කුමක් ද?
45. ලාක්‍ෂා කර්මාන්තය ප‍්‍රචලිත වෙනත්  රටවල්  3ක්  නම්කරන්න.
46. ලාක්‍ෂා නිර්මාණවල දැකිය හැකි සුවිශේෂි ලක්‍ෂණය කුමක්ද?



 පැදුරු කර්මාණ්තය

47. පැදුරු කර්මාණ්තයේ නියැලි සිටියේ කුමන කුලයක අයද?
48. පැදුරු කර්මාණ්තයේ ආරම්භක ස්ථානය වන්නේ කුමණ ප‍්‍රදේශය ද?
49. වර්තමානයේ පැදුරු කර්මාණ්තයේ ආරම්භක ස්ථානය හඳුන්වන්නේ කවර නමකින් ද?
50. දුම්බර පැදුරු (දුම්බර කලාල) සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය මොනවාද?
51. ‘‘පන්නයින් ’’ යනු  කවුරුන් ද?
52. ‘‘කින්නරුන් ’’ යනු  කවුරුන් ද?
53. කින්නර පැදුරු හෙවත්  කින්නර කලාල කොටස්  තුනකට බෙදේ  ඒවා නම්කරන් න.
54. පැදුරු කර්මාණ්තයේ දී පැදුරු වලට අමතරව නිර්මාණය කරනු ලබන වෙනත් පාරිහාරික භාණ්ඩ නම්කරන්න.
55. දුම්බර පැදුරු කර්මාණ්තයේ දී නියඳ කෙඳි සකසාගන්නා ශිල්ප ක‍්‍රම දෙකකි. නම් කරන්න.
56. නියඳ කෙඳ කහපැහැ ගන්වන්නේ  කෙසේ  ද?
57. නියඳ කෙඳි රතු පැහැ ගන්වන්නේ  කෙසේ  ද?
58. පැදුරු කර්මාණ්තයට ආවේනික සාම්ප‍්‍රදායික සැරසිලි මොනවාද?
59. පන් පැදුරු කර්මාණ්තයේ භාවිතා කරනු ලබන මාධ්‍ය මොනවා ද?
60. පන් පැදුරු කර්මාණ්තයේ රතු/ කළු/ කහ/ දම්/ කොළ වර්ණ සාදාගන්නේ කෙසේ ද?
61. පන් පැදුරු කර්මාණ්තයේ නිශ්පාදනය කරනු ලබන භාණ්ඩ මොනවාද?
62. පන් පැදුරු කර්මාණ්තයේ භාවිතා කරනු ලබන මොස්තර රටා නම් කරන්න.
63. පන් පැදුරු කර්මාණ්තය ප‍්‍රචලිත ප‍්‍රදේශ නම්කරන්න.



 බුදු පිළිමවල දක්නට ලැබෙන විශේෂතා

64. බුදු පිළිමවල දක්නට ලැබෙන විවිධ ආසන නම්කරන්න.
65. බුදු පිළිමවල දක්නට ලැබෙන විවිධ මුද්‍රා නම්කරන්න.
66. බුදු පිළිමවල දක්නට ලැබෙන විවිධ ඉරියව් නම්කරන්න.



 අනුරාධපුර යුගයට අයත් බුදු පිළිම - අනුරාධපුරයේ සමාධි බුද්ධ

67. අනුරාධපුරයේ සමාධි බුද්ධ ප‍්‍රතිමාව දක්නට ලැබෙන්නේ කිනම් ස්ථානයක ද?
68. මෙම බුද්ධ ප‍්‍රතිමාව කීවෙනි සියවසට අයත් වේ ද?
69. මෙම බුද්ධ ප‍්‍රතිමාව නිරිමාණය කරන ලද්දේ කවර රජු දවස ද?
70. මෙම බුද්ධ ප‍්‍රතිමාවේ මාධ්‍ය කුමක් ද?
71. මෙම බුද්ධ ප‍්‍රතිමාවේ ආසනය හා මුද්‍රාව නම් කරන්න.
72. මෙම බුද්ධ ප‍්‍රතිමාව නිර්මාණය කිරීමේ දී කවර සම්ප‍්‍රදායක ආභාසය ලැබීඇත්ද?
73. මෙම බුද්ධ ප‍්‍රතිමාව තුළින් දක්නට ලැබෙන සුවිශේෂ ගුණාංග මොනවා ද?



 අවුකන බුද්ධ ප‍්‍රතිමාව

74. අවුකන බුද්ධ ප‍්‍රතිමාව දක්නට ලැබෙන්නේ කිනම් ස්ථානයක ද?
75. මෙම බුද්ධ ප‍්‍රතිමාව කී වෙනි සියවසට අයත් වේ ද?
76. මෙම බුද්ධ ප‍්‍රතිමාව නිර්මාණය කරන ලද්දේ කවර රජු දවස ද?
77. මෙම බුද්ධ ප‍්‍රතිමාවේ මාධ්‍ය කුමක් ද?
78. මෙම බුද්ධ ප‍්‍රතිමාවේ ආසනය හා මුද්‍රාව නම් කරන්න.
79. මෙම බුද්ධ ප‍්‍රතිමාව නිර්මාණය කිරීමේ දී කවර සම්ප‍්‍රදායක ආභාසය ලැබී ඇත්ද?
80. මෙම බුද්ධ ප‍්‍රතිමාව තුළින් දක්නට ලැබෙන සුවිශේෂ ගුණාංග මොනවා ද?
81. මෙම බුද්ධ ප‍්‍රතිමාවේ උස කොපමණ ද?
82. මෙම බුද්ධ ප‍්‍රතිමාවට පසු කාලිනව එක් කළ අංගයක් හිස මත දක්නට ඇත. නම් කරන්න.
83. මෙම බුද්ධ ප‍්‍රතිමාවේ චීවරයේ ස්වභාවය කෙබඳු ද?
84. මෙම බුද්ධ ප‍්‍රතිමාව පිහිටි ගල්  පර්වතයක .................................. උන්නතව නෙලා ඇත. එසේ නෙළු ප‍්‍රතිමා හඳුන් වන විශේෂිත නම කුමක් ද?



 තොලූවිල සමාධි

ප‍්‍රතිමාව

85. තොලූවිල සමාධි බුද්ධ ප‍්‍රතිමාව දක්නට ලැබෙන්නේ කිනම් ස්ථානයක ද?
86. මෙම බුද්ධ ප‍්‍රතිමාව කී වෙනි සියවසට අයත් වේ ද?
87. මෙම බුද්ධ ප‍්‍රතිමාව දැනට දක්නට ඇත්තේ කිනම් ස්ථානයක ද?
88. මෙම බුද්ධ ප‍්‍රතිමාවේ මාධ්‍ය කුමක් ද?
89. මෙම බුද්ධ ප‍්‍රතිමාවේ ආසනය හා මුද්‍රාව නම් කරන්න.
90. මෙම බුද්ධ ප‍්‍රතිමාව තුළින් දක්නට ලැබෙන සුවිශේෂ ගුණාංග මොනවා ද?

නිශ්ශංක ලතා මණ්ඩපය

91. නිශ්ශංක ලතා මණ්ඩපය නිර්මාණය කරවන ලද්දේ කවර රජු විසින් ද?
92. නිශ්ශංක ලතා මණ්ඩපය අයත් වන්නේ කීවෙනි සියවසට ද?
93. නිශ්ශංක ලතා මණ්ඩපය අයත් වන්නේ කුමණ සියවසට ද?
94. නිශ්ශංක ලතා මණ්ඩපය නිර්මාණය කරන ලද්දේ කවර අරමුණක් උදෙසාද?
95. නිශ්ශංක ලතා මණ්ඩපය මධ්‍යයෙහි දක්නට ලැබෙන්නේ කුමක් ද?
96. වාඩිවී වන්දනාවේ යෙදෙන මානව රූප දක්නට ලැබෙන්නේ නිශ්ශංක ලතා මණ්ඩපයේ කවර ස්ථානයක ද?
97. නිශ්ශංක ලතා මණ්ඩපය දිගින් අඩි 34.8 ක් හා පළලින් අඩි 28.8 ක් වන ආයත චතුරශ‍්‍රාකාර වේදිකාව උසි න්  අඩි 4කි . පේ ළි  දෙකට ගල්  කණු  .................. බැගින්  ගල්  කණු  ................. කි . එහි එක්  කනුවක උස අඩි .......................කි .
98. නිශ්ශංක ලතා මණ්ඩපය වට කොට ඇත්තේ කුමකින් ද?
99. නිශ්ශංක ලතා මණ්ඩපයේ ගල් කණුවක හැඩය කෙබඳුද?
100. එම ගල් කණු මත පේකඩ ස්වරූපයෙන් දක්නට ලැබෙන්නේ මොනවාද?
101. එම ගල් කණුවල කුළුණු ශීර්ෂය නිර්මාණය කොට ඇත්තේ කෙසේ ද?
102. ගල්  කණු  8න්  යුත්  මෙම ආයත චතුරශ‍්‍රාකාර ගොඩනැගිල්ල අතීතයේ  .............................. දරා සිටි බවට සාක්‍ෂි ඇත.




පොළොන්නරු වටදාගේ

103. පොළොන්නරු වටදාගේ දක්නට ලැබෙන්නේ කිනම් ස්ථානයක ද?
104. පොළොන්නරු වටදාගේ කරවන ලද්දේ කවර රජු විසින් ද?
105. මෙම ස්ථානයෙන් හමුවන වැදගත් නිර්මාණ මොනවාද?
106. මෙහි  දාගැබ වටා සිව් දිශා ..................... බුද්ධ ප‍්‍රතිමා ..................... කි . ඇඟට ඇළුණු  ...................... එක්  රේඛාවකින්  දක්වා ඇති  අතර හිසකේ  රහිත සිරසෙහි  ............................... දක්වා ඇත.
107. මෙහි සලපතල මළුවෙහි නිර්මාණය කොට ඇති අලංකාර මල් මෝස්තරය කුමක් ද?
108. මෙම වටදාගෙය තුළ සළපතල මළු කීයක් දක්නට ලැබේද?
109. මෙම වටදාගේ තුළට පිවිසීමේ දොරටු 5කි. ඒවා අලංකාර කොට ඇති නිර්මාණාංග මොනවාද?
110. වටදාගෙයක් යනු කුමක්ද? එය හැඳින්වීමට භාවිතා කරන වෙනත් නම් මොනවාද?

පහත වාක්‍යාංශවල අර්ථය පැහැදිලි වනසේ වාක්‍ය බැගින් නිර්මාණය කරන්න.

111. සන්නිදර්ශන චිත‍්‍ර
112. අඛණ්ඩ කථන ක‍්‍රමය
113. නියපොතු  වැඩ
114. මේධිය
115. වෙස්  මුහුණු
116. එග් ටෙම්පරා
117. චිත‍්‍ර වලි  (රූපන චිත‍්‍ර *
118. 43 කණ්ඩායම
119. ටැම්පිට විහාර
120. මඩොල් කුරුපාව
121. පැපිරස්
122. රූපාක්‍ෂර
123. ආනන්ද කුමාරස්වාමි
124. වලිත්ති
125. මකර රුව
126. පංච නාරි ඝඨය
127. පර දුක්ඛ දුක්ඛිත
128. සකපෝ රුව
129. ස්ක‍්‍රයිබ්
130. ගනේශ්වරාචාර්ය
131. තාන්ඩව
132. මිනාර්
133. ටෙම්පරා
134. ඩොරික්
135. බෝධිඝර
136. ග‍්‍රැෆික් චිත‍්‍ර
137. සඳකඩ පහන
138. පතඟි  ලී
139. පේ කඩ
140. විජයොත්පාය
141. වංකගිරිය
142. පන්නයින්
143. නිරූඪ
144. වාහල්කඩ
145. හර්මිකාව
146. තිවංක
147. කොලාජ්
148. නියඳ
149. සාදිලිංගම්
150. දේවතා කොටුව
151. ගජසිංහ
152. නරසිංහ
153. සැරපෙන් ඩියා
154. ඇත්කඳලිහිණියා
155. නරසිංහ
156. මඩොල්කුරුපාව
157. ග‍්‍රැනේට්
158. වෘෂභ කුඤංජරය
159. ක්යාරස්කි්‍යුරෝ
160. ආබද්ධ

සියලුම ප‍්‍රශ්න වලට පිළිතුරු ලියන්න. මම පසුව උත්තර පත‍්‍රය දමනවා.

ශී‍්‍ර ධීරානන්ද විද්‍යායතන පිරිවෙන තැඹිලිගස්මුල්ල - චිත‍්‍ර කලාව - භාරත කුමාර රූපසිංහ

ආයුබෝවන් දරුවනේ

No comments:

Post a Comment

සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...