Tuesday, 26 May 2020

නර්තනය - කලා කෘතියක රස මිහිර පවසමු

විෂයය - නර්තනය
පාඩම - කලා කෘතියක රස මිහිර පවසමු
ගුරු භාවතා - ආර්.ඩී. හේවාවිතාරණ
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/27
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 1.00-3.00
-------------------------------------------------------







ඔයාලට අද කරදිය මුද්‍රා නාට්‍යය හා කූඹි කතාව මුද්‍රා නාට්‍යය යන කලා කෘති දෙක පිළිබද අද්‍යනයක් කිරීමට තමා තිබෙන්නේ ... සියල්ලටම ප්‍රතමයෙන් කලා කෘතියක් යනු කුමක්ද කියල හදුනා ගනිමු ..👍


මුලින්ම හිතන්න යමක් .. හොදින් හිතන්න ...🤔



ඔයාල මොකක්ද හිතන්නෙ මේ ගැන ..



පුතේ මෙමෙ නිර්වචනය පිළිබද විමසමු ..👉



දැන් ඔයාල රසිකයා කියන්නෙ කවුද කියල දන්නවා..👍



ඔයාල ඒකත් දන්නවා ..👉



නිර්මාණාත්මක  බව කියන්නෙ මෙකට  👉



ඉහත කරුණු පිළිබද සිතන්න .. නිර්වචනය පිළිබද තේරුම් යයි.. ඔයාලට ..👍

කලා කෘතියක ඉහත කරුණු සියල්ලක්ම තියනවා ..


ඔයාල පිළිගන්නවා නේද ??👍



සරලව සිතන්න ..🤔



ඉහත නිර්වචනය ජාත්‍යන්තරයේ පිලිගන්නා මතයක් ..




මම හිතනවා තේරුම් යයි කියල ..👍



ඉහත කරුණ ගැන ටිකක් හිතන්න ..🤔

ඉහත කරුණ ගැන ටිකක් හිතන්න ..🤔

Audio 1 🔊



මම කියනවටම පිළිගන්න එපා .. තර්කානුකූලව හිතන්න ..👉



ආලෝකයකරණ ,ශබ්ද පරිපාලනය ,අංග රචනය ,රංග රචනය ,වේදිකා පරිපාලනය   යන ආදී සියලුම දේ තුළ විද්‍යාව අන්තර්ගත වී තියනවා ..



සතත අභ්‍යාසය මගින් තමා ශිල්පයක් ප්‍රගුනකල යුතු වන්නේ.. නර්තන විශය තුළ නම් මූලික හරඹ ,අනෙකුත් නර්තන අංග ප්‍රගුන කල යුතුමයි . එතකොට තමා නර්තන ශිල්පීන් වන්නේ ..


ඔයාලට මහන්සිද?? එහෙනම් මේක රසවිදින්නකෝ..




ඔන්න ඕක තමා යතාර්ථය ..  මෙන්න මේවාට තමා කියන්නෙ කලා කෘති කියල ..

පුතේ මේ පාඩමේ දෙවන කොටස තවත් දවසකින් කියන්නෙ .. ඔක්කොම එක දවසට කරන්න ගියොත් අගයක් නෑනේ .. විභාගයට ඕනෑම ටික තවත් දවසකින් බලාපොරොත්තු වන්න.. අද පාඩම ජීවිතයට ..හා ඉදිරියට කරන කොටසේ ප්‍රවේශය වේ..

දැන් හොද කලා කෘතියක රස මිහිර විදිමු..





ඉහත කලා කෘති නරඹා ඉලග දවසට පාඩමට සූදානමින් සිටින්න ...

අදට මම නවතින්නම්.. ඔයාලට තෙරුවන් සරණයි !!!  ආයුබෝවන් 🙏

චිත්‍ර - ජෝර්ජ් කීට්

විෂයය - චිත්‍ර
පාඩම - 
ජෝර්ජ් කීට්
ගුරු භාවතා - භාරත ලක්ෂ්මන් රූපසිංහ
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/27
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00-4.00
--------------------------------------------------------




ආයුබෝවන් දරුවනේ අද අපි කොටි ලිඛිත පාඩමකට යොමුවෙමු.

ජෝර්ජ් කීට් - 10 ශ්‍රේණිය (2 වන වාරය - චිත්‍ර)


ජෝර්ජ් කීට්

කීට් ක්‍රි.ව. 1901 අප්‍රේල් 17 වන දින මහනුවර අම්පිටියේ ආසියාවේ විශිෂ්ට චිත්‍ර ශිල්පියකු වශයෙන් ප්‍රසිද්ධියට පත් ජෝර්ජ් දී සිංහල බර්ගර් පවුලක උපත ලැබී ය. මහනුවර ත්‍රිත්ව විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා ඇත. ඔහු 43 කණ්ඩායමට අයත් චිත්‍ර  ශිල්පියකු වන අතර ගෝතමී විහාරයේ බිතුසිතුවම් ද නිර්මාණය කර ඇත.

නූතන යුගයේ ප්‍රවීණ චිත්‍ර ශිල්පියකු වන ඔහු තම සිතුවම් නිර්මාණවලට හින්දු කලා ආභාසය හා යුරෝපයේ පැබ්ලෝ පිකාසෝගේ ඝනිකවාදී චිත්‍ර ශෛලියේ කලා ආභාසය සහිත ව ඔහුටම ආවේණික චිත්‍ර ශෛලියක් නිර්මාණය කරගැනීම දැකිය හැකි ය.


මේ තියෙන්නේ ඔ්බ්රි කොලට් විසින් අදිනු ලැබු 43 කණ්ඩායම දැක්වෙන චිත‍්‍රය


මේ තියෙන්නේ 43 කණ්ඩායමේ ශිල්පීන් (නම ඉංග‍්‍රීසියෙන් දක්වා ඇත)

කොළඹ - බොරැුල්ල ගෝතමී විහාරයේ බෞද්ධ සිතුවම් ඇඳීම වර්ෂ 1939 - 1940 කාලය තුළ සිදුවිය.

ගෝතමී විහාරයේ බිතු සිතුවම් චිත‍්‍රාවලියක් සේ ඇඳ ඇති අතර එහි දැකිය හැකි සුවිශේෂී අවස්ථා කිහිපයක් පහත දැක්වේ. 

මහමායා දේවිය දුටු සිහිනය
-   සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය
සරණ මංගල්‍ය
නළ`ගනන්ගේ විකාර දැකීම
 සතර පෙර නිමිති දැකීම
 මාරපරාජය


බොරැල්ල ගෝතමී විහාරය




මෙම සිතුවම් සෙ.මී. 192 ක් පමණ උස්වූ බිත්තියක ජීව ප‍්‍රමාණයෙන් ඇඳ ඇත.

ජෝර්ජ් කීට් ශිල්පියා සිතුවම් නිර්මාණයේ දී  රේඛාවට ප‍්‍රධාන තැනක් ලබා දී ඇති අතර එම රේඛා සෘජු රේඛා, කෙටි රේඛා, වක‍්‍ර රේඛා වශයෙන් හ`දුනාගත හැකි ය.

නිතැතින් ම ගලායන ජීවමය ගුණයෙන් යුතු රේඛාවෙන් රූපවල පිරුණු බව මනා ව ඉස්මතු කර ඇත.

රතු, සුදු, දුඹුරු, කහ, නිල්, කොළ යන වර්ණ භාවිත කරමින් සියුම් ලෙස ත‍්‍රිමාන ලක්‍ෂණ මතු කර ඇත.

මෙම සිතුවම් වියළි බදාමයේ අ`දින ලද බිතුසිතුවම් ක‍්‍රමය වන ප්‍රෙස්කෝ සිකෝ ශිල්ප ක‍්‍රමයට නිර්මාණය කර ඇත.


මාරපරාජය


මාරපරාජය

මාරපරාජය සිතුවමේ විවිධ අවස්ථා


මාරපරාජය සිතුවමේ විවිධ අවස්ථා


මාරපරාජය

 ගෝතමී විහාරයේ සිතුවම් අතර සුවිශේෂී සිතුවමක් ලෙස සැලකෙන ‘මාර පරාජය’ හින්දු කලා ලක්ෂණ හා පිකාසෝගේ ඝනිකවාදී ශෛලීය ලක්ෂණ ආභාසය කර ගත් නිර්මාණයකි.

 ඝනිකවාදී හැඩතල භාවිත කිරීමෙන් මාරසේනාවේ මුහුණුවල රුදුරු භයංකර විලාසය මැනවින් ඉස්මතු කර ඇත.

 මාර පිරිසට දුඹුරු, අඵ, කඵ වැනි අඳුරු වර්ණත් බුදුන්වහන්සේ සඳහා අඳුරු කහ, ලා දුඹුරු වැනි වර්ණත් යොදා ගනිමින් ත‍්‍රිමාන ලක්‍ෂණ සහිත ව සිතුවම වර්ණවත් කර ඇත.

 රූප වටා පරිපූර්ණත්වය හා නිමාව පෙන්වන නිර්මාණශීලී රේඛාකරණය ඔහුට ම ආවේණික වූවකි.


නායිකා චිත‍්‍ර

ජෝර්ජ් කීට් ශිල්පියා විසින් නායිකා චිත‍්‍ර ගණනාවක් ඇඳ ඇත.

 මෙම සිතුවම් තෙල් සායම් මාධ්‍යයෙන් කැන්වස් මත කරන ලද චිත‍්‍ර නිර්මාණයන් ය.

 නායිකා සිතුවම් අනුරාගී බවින් යුතු ප‍්‍රකාශනයන් වන අතර ඒ බව දැක්වීම සඳහා පුඵල් ඇස් හා පුඵල් දෙතොල් නිරූපණය කර ඇත.

නිර්මාණයේ අලංකරණය මෙන්ම ප‍්‍රකාශන ශක්තිය තීව‍්‍ර කිරීම සඳහා ද රේඛාකරණය මැනවින් භාවිත කර ඇත.

 මෙම කලා නිර්මාණ සඳහා ආභාස වශයෙන් බටහිර ඝනිකවාදී කලා ලක්ෂණ මෙන් ම හින්දු දර්ශනයේ තන්ත‍්‍රයාන ලක්ෂණ ද ලැබී ඇතැයි විචාරක මතයයි.

 අදුරු වර්ණ මෙන්ම පැහැදිලි දීප්තිමත් වර්ණ එකට සංකලනය කර වර්ණවත් කර තිබීම මෙම නායිකා සිතුවම්වලින් දැකිය හැකි ය.

පහත දැක්වෙන්නේ ඔහු විසින් නිර්මාණය කරන ලද විවිධ සිතුවම් කිහිපයකි






දරුවෝ සියලුම දෙනා සටහන පැහැදිලිව නිරවුල්ව රූපසටහන සහිතව ලියාගන්න.


දරුවෝ සියලුම දෙනා පහත අභ්‍යාසයේ නිරතවන්න. තෙරුවන් සරණයි

Monday, 25 May 2020

සිංහල භාෂාව හා සාහිත්‍යය - ගුත්තිල කාව්‍ය vii

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය
පාඩම - ගුත්තිල කාව්‍ය
පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/26
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00- 4.00
------------------------------------------------------------






31
සුර විලසි = දිව්‍ය ස්ත්‍රීන්,  යට ඇසීන් = ඇස් යටින්,  ලන = හෙලන,  බැල්මෙන් = බැල්මෙන්, වෙසෙසින් = විශේෂයෙන්,  දන මන් = ජනයාගේ හිත,  එකසී = ඒකාන්තයෙන්ම,  මත්කර = මත්කරලා,  අහසින් බැස = ආකාශයෙන් බැස, ‍රඟ ගත් = රංගනය පැවැත්වූ, රඟ = ආකාරය, කෙලෙසී = කෙසේද,  විදුලිය සිය දහසී = විදුලිය සිය දහස් ගණනින්,   දිසි මෙන් විය = වූවාක් මෙන් විය.


32
කකුසුම සරාගේ = අනංගයාගේ,  දිමුතු = දීප්තිමත් වූ,  යසස් වන් = කීර්තිය වැනිවූ,  නුමුතු = අඩු නොවූ,  සුවඳ මල් = සුවඳැති මල්,  සර අග = හිස් මුදුන්,  පැළඳ = පැළඳගෙන,  රඟන = නටන්නා වූ, සුරඟන රඟ ලාගේ  = දිව්‍යාංගනාවන්ගේ නැටුම් විලාසය,  දකිතු  = දැක්ක හොත්,  කාගේ සිත = කාගේ සිත් වුවද,  කෙලෙස්ක උමුතු නොවේද = කෙසේනම් මුතු නොවන්න ද


33
රූ රැසේ =න්රූප රාශියක්, අඳිනා ලෙසේ = අඳිනා ආකාරයෙන්,  විදුලිය පබා = විදුලිය ප්‍රභාව ඇති,  අත් ලෙලදිදී = අත් ලෙළ දවමින්,  රන් රසේ = රන් හා රසදිය,  එක්වන ලෙසේ = එක් වන ආකාරයෙන්,  වෙණ නාදනූ = වීණා නාදයට,  අනුව පා තබ තබා = පාද තබමින්,  කම්පසේ දෙන = අනංගයා විසින් දෙන,  සර ලෙසේ = ඊතල වගේ,  නෙතගින් = ඇස් අගින්,  සභා දෙස බල බලා =  සභාව දෙස බලමින්,  එසේ වර සුර ලඳුන් = එසේ උතුම් වූ  දිව්‍ය ස්ත්‍රීන්,  පැවැත්වූ = පැවැත්වූ වා වූ, රඟ සුබා = රැඟුමේ ස්වභාවය,  මම කෙසේ පවසමි = මම කෙසේ පවසම් ද


34
පුන් මදාරා = පිපුනා වූ මදාරා, මල් දමින්  = මල් මාලයෙන්,   මුදු = මෘදු වූ, දිගු සුනිල් වරලස = ඉතා දික් වූ නිල්වන් කේශ කලාපය, ගොතා = ගොතාගෙන,  මන්මදා  = අනංගයාගේ, කිතු ලිය ලෙසින් = කීර්ති ලතාව වැනි,   දිලි මුතු ලතා  = දිලිසෙන මුතුවැල්,  උරතුර උර පෙදෙසේ,  සරා = සරසාගෙන,   මන් නදා වන = සිත් සන්තෝස කර වන,  මිණි මෙවුන් නද = මණි මේකලා නාදය, වෙණ නදින් = වීණා නාදය, ඉතා එක්කොට = හොඳින් එකතු කොට, උන් = ඒ දිව්‍යාංඟනාවෝ, එදා දුන් රඟ දුටොත් = එදින නටපු නැටුමදැක්කොත්, සක් සැපක් = ශක්‍ර සම්පත්තිය, කවරෙක් පතා = කවරෙක් පතයි ද

කවි ටික ලියන්න







මේ ටික බලන්නකෝ


මේකට උත්තර ලියන්න

විචාරෙ ලියන්නම ඕනී



සිංහල භාෂාව හා සාහිත්‍යය - 14 පාඩම

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය
පාඩම - 14 පාඩම
පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/26
පන්තිය පැවැත්වූ වේලාව - පෙ.ව. 8.00- 11.00
------------------------------------------------------------




ලෝක සාහිත්‍යය විෂයෙහි ඉතාමත් ප්‍රබල ජනකාන්ත සාහිත්‍යාංගයක් ලෙස කෙටි කතාව වැදගත් වේ. කෙටි කතාව යනු කුමක් දැයි විමසා බැලීමේ දී අවධානයට ගත හැකි නිර්වචන තුනක් පහත පරිදි පෙන්වා දිය හැකි ය.

       

        01. “ජීවිතයේ පෙත්තක් නිරූපණය කිරීම කෙටි කතාව යි.”

                                                (ඇන්ටන් චෙකොෆ්)

        02. “මානව ජීවිතයේ සමීප රූපයක් ගෙන හැර පෑම කෙටි කතාව යි.”

                                                (දයාසේන ගුණසිංහ)

        03. “මානව ජීවිතය පිළිබඳ විවරණය කෙරෙන අංශු මාත්‍රයක් වූ කලී කෙටි කතාව යි.”

කෙටි කතාවක ස්වභාවය වන්නේ කුමක් දැයි ජෝසෆ් බර්ග් එසනීන් ගේ ප්‍රකාශයෙන් වඩාත් හොඳින් විග්‍රහ වෙයි. ඔහුට අනුව කෙටි කතාවක අන්තර්ගත විය යුතු අංග මෙසේ ය.

        01. සියල්ලට ඉහළින් මතු වී පෙනෙන එක් ප්‍රබල සිදුවීමක්

        02. සියල්ලට ඉහළින් මතු වී පෙනෙන එක් ප්‍රබල චරිතයක්

        03. මනා ලෙස සංවිධානය වූ කථා වින්‍යාසයක්

        04. ඒකීය ධාරණාවක්



මෙකී අංගවලින් සමන්විත ගද්‍ය නිර්මාණ විශේෂය කෙටි කතාව ලෙස හඳුනාගත හැකි බව බර්ග් පෙන්වා දෙයි.

මේ ආකාරයෙන් හඳුනාගත හැකි කෙටි කතාව පිළිබඳ විමර්ශනය කරන විට ඒ තුළ අන්තර්ගත විය යුතු අංග ලක්ෂණ කිහිපයක් පහත පරිදි අංකනය කළ හැකි ය.

01. කතා පුවත හෙවත් ප්‍රවෘත්තිය

        02. කතා වින්‍යාසය හෙවත් කතා වස්තුව

        03. දෘශ්ටිකෝණය

        04. චරිත හා අවස්ථා නිරූපණය

        05. නිර්මාණාත්මක බස් වහර

        06. ජීවන දෘශ්ටිය



මෙම ලක්ෂණ කෙටි කතාවක අත්‍යාවශ්‍ය අංග ලෙස හඳුනා ගත හැකි අතර මේවා යටතේ කෙටි කතාවක ස්වභාවය කුමක්ද යන්නත් හඳුනාගත හැකි ය.

කෙටි කතාව කලාවකි. එලෙස හඳුනාගන්නේ එය සාහිත්‍ය නිර්මාණ විශේෂයක් වන බැවිනි. සාහිත්‍යය කලාවකි. කලාවෙන් සිදු වන්නේ සහෘදයා ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යාම යි. ජීවිතය පිළිබඳ ගැඹුරු පරිඥානයක් ඇති කෙරෙන කෙටි කතාව මගින් ද සමාජගත මානවයා ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යා යුතු ය. කෙටි කතාව අර්ථ පූර්ණ කලාවක් ලෙසට නිර්මාණය වන්නේ එවිට යි.

Audio 1 🔊

Audio 2 🔊

Note 1 📚

Audio 3 🔊

Audio 4 🔊



පුරවැසි අධ්‍යයනය - ආර්ථික ක්‍රම හා ආර්ථික සබදතා II

විෂයය - පුරවැසි අධ්‍යයනය
පාඩම - ආර්ථික ක්‍රම හා ආර්ථික සබදතා
ගුරු භාවතා - මලිත අතුකෝරල
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/25
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00-4.00
--------------------------------------------------------











English - Uses affixes to change the word class and the meaning of words II

Subject - English
Lesson - Uses affixes to change the word class and the meaning of words II
Teacher - Chamira Welivitigoda
Date - 2020/05/25
Time - 8.00 a.m.-10.00 a.m.
----------------------------------


Good Morning, children.........






 Audio 3 🔊



 Audio 4 🔊



Hope you all will come with the  answers next week, until then Good bye and have a beautiful day....

සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...