පාඩම - රෆායෙල් සැන්සියෝ
ගුරු භාවතා - භාරත ලක්ෂ්මන් රූපසිංහ
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/15
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00-4.00
--------------------------------------------------------
ආයුබෝවන් දරුවනේ
අද අපි රෆායෙල් සැන්සියෝ කියන ඉතාලි ජාතික චිත්‍ර ශිල්පියා ගැන විමසා බලමු.
පුනර්ජීවන යුගයේ විසූ ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පීන් අතර රෆායල් සන්සියෝ ශිල්පියාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.
මොහු වර්ෂ 1483 වර්ෂයේ දී ඌර්බිගෝ නැමති නගරයේ උපත ලැබුවේය.
රැෆෙලෝ සෙන්සියෝ (සාමාන්‍යයෙන් ඔහුගේ මුල් නමෙන් පමණක් දන්නා) (1483 අප්‍රේල් 6 හෝ මාර්තු 28 – 1520 අප්‍රේල් 6) යනු උස් පුනරුදයේ ඉතාලියානු සිත්තෙරුකු ගෘහ නිර්මාණශිල්පියකු වන අතර ඔහුගේ සිතුවම් හා ඇඳීම්වල පරිපූර්ණත්වය හා විශිෂ්ටත්වය නිසා අදටත් ඔහුව සමරනු ලැබේ. මයිකල් ඇන්ජෙලෝ හා ලියනාඩෝ ඩාවින්චි හා එකතුව ඔහු එම සියවසේ සුපිරි නිර්මාණකරුවන්ගේ සාම්ප්‍රදායික ත්‍රිත්වය නිර්මාණය කරන ලදී.
රෆායෙල් වයස අවුරුදු 37 දී තම ජීවිතෙන් සමුගත්තත් ඔහු අතිශයින් ඵලදායී පුද්ගලයෙකු නිසා ඔහුගේ කාර්යයන්වලින් වැඩි ප්‍රමාණයක් අදටත් ඉතිරිව තිබේ. (විශේෂයෙන් වතිකානුවේ) ඔහු ඔහුගේ ජීවිත කාලය පුරාවට අතිශයින් බලසම්පන්න වූ නමුත් ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ මයිකල් ඇන්ජෙලෝගේ බලපෑම 18 හා 19 සියවස තෙක් පුළුල්ව බිහිවිණි. එම කාලයේදී ඔහුගේ වඩාත් ශාන්ත සුමිහිරි ගුණයන් නැවතත් උසස්ම ආකෘති ලෙස සලකණු ලැබිණි.
ඔහුගේ වෘත්තීය ජීවිතය අදියර 3කට හා ශෛලීන් 3කට බෙදේ. ප්‍රථමව ජෝර්ජියෝ වසාරි විසින් විස්තර කරන පරිදි ඒවා නම් අම්බ්රියාහි ඔහුගේ මුල් අවුරුදු හා ෆ්ලොරන්හි කලාත්මක සම්ප්‍රදායන් උපුටා ගත් අවුරුදු 4ක කාලාන්තරය හා රෝමයේ පාප්වරු දෙදෙනෙකුට හා ඔවුන්ගේ හිතවතුන්ට සේවය කරමින් ගත කළ විජයග්‍රාහී වසර 12 වේ
ඇතැන්ස්හි ගුරුකුලය රෆායල් විසින් නිර්මාණය කරන ලද විශිෂ්ට බිතු සිතුවමක් වේ.
මෙය රෝමයේ ස්ටැන්සා ඩෙලා සිග්නචුරා (Stanza della Segnatura) නැමැති ගොඩනැ`ගිලි බිත්තියක ප්‍රෙස්කෝ සිකෝ ශිල්ප ක්‍රමයට නිර්මාණය කරන ලද්දකි.
වාස්තු විද්‍යාත්මක අවකාශය මත රූප සම්පිණ්ඩනය කිරීම පිළිබඳ දක්වා ඇති කුසලතාව සහ ප්‍රතිභාව නිර්මාණකරණයේ අග්‍ර ඵලයක් ලෙසට විචාරකයෝ හඳුන්වති.
චිත්රයෙන් දැක්වෙන්නේ පැරණි ගීක දාර්ශනික ඇතන්ස් ගුරුකුලය යි. සිතුවම මධ්‍යයේ ඇරිස්ටෝටල් හා ප්ලේටෝ යන දාර්ශනිකයන් ය. සෙසු දාර්ශනිකයන් ද වාද විවාදවල පැටලි සිටින අයුරු පෙන්නුම් කරයි.
මෙම දාර්ශනික ලෝකය ක්‍රියාකාරී මානව රූප සම්පිණ්ඩනය මගින් ඉදිරිපත් කර තිබීම මෙම සිතුවමේ දැකිය හැකි විශේෂතාවකි.
දුඹුරු වර්ණයේ විවිධ ප්‍රභේද, අඳුරු කහ වර්ණවල විවිධ ප්‍රභේද, රඹ සහ සුදු ආදී වර්ණයන් සිතුවම ස`දහා භාවිත කර ඇත.
මැඩෝනා චිත්‍ර
රෆායල්ගේ නිර්මාණ අතර ප්‍රකට තේමාවක් වූයේ මැඩෝනා හෙවත් කන්‍යා මරියතුමිය හා ජේසූ බිළි`දා දැක්වෙන නිර්මාණයෝ ය.
පුනරුද යුගයේ වෙනත් චිත්‍ර ශිල්පීන් නිර්මාණය කළ මැඩෝනා චිත්රවලට වඩා රෆායල් විසින් නිර්මාණය කරන ලද මැඩෝනා චිත්‍ර සුවිශේෂී නිර්මාණ ලෙස සැලකේ.
මෙම සිතුවම් තෙල් සායම් මාධ්‍යයෙන් කැන්වසය මත නිර්මාණය කර ඇත.
ත්‍රිකෝණාකාර ආකෘතියක් මත හැ`ගීම් දනවනසුළු ප්රකාශනයන් සහිතව රූප පිහිටවීම මෙම චිත්රවල විශේෂතාවකි.
ත්‍රිමාන ලක්ෂණ සහිත වර්ණ භාවිතය මෙන් ම ප්‍රභාමණ්ඩලය හෙවත් හෙලෝව නිරූපණය නොකිරීම ද නිර්මාණයන්හි දැකිය හැකි ලක්ෂණයන් ය.
රෆායෙල් සැන්සියෝ චිත්‍ර ශිල්පියා ගැන දැක්වෙන සටහන් පිටපත් කරගන්න. හැකි නම් ඡුායාරූප සොයාගෙන අලවා ගන්න.
වෙනත් පාඩමකින් හමුවනතුරු අදට නවතින්නම්
ආයුබෝවන් දරුවනේ
No comments:
Post a Comment