Friday, 15 May 2020

චිත්‍ර - රෆායෙල් සැන්සියෝ

විෂයය - චිත්‍ර
පාඩම - 
රෆායෙල් සැන්සියෝ
ගුරු භාවතා - භාරත ලක්ෂ්මන් රූපසිංහ
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/15
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00-4.00
--------------------------------------------------------




ආයුබෝවන් දරුවනේ
අද අපි රෆායෙල් සැන්සියෝ කියන ඉතාලි ජාතික චිත‍්‍ර ශිල්පියා ගැන විමසා බලමු.



පුනර්ජීවන යුගයේ විසූ ශ්‍රේෂ්ඨ චිත‍්‍ර ශිල්පීන් අතර රෆායල් සන්සියෝ ශිල්පියාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

මොහු වර්ෂ 1483 වර්ෂයේ දී ඌර්බිගෝ නැමති නගරයේ උපත ලැබුවේය.

රැෆෙලෝ සෙන්සියෝ (සාමාන්‍යයෙන් ඔහුගේ මුල් නමෙන් පමණක් දන්නා) (1483 අප්‍රේල් 6 හෝ මාර්තු 28 – 1520 අප්‍රේල් 6) යනු උස් පුනරුදයේ ඉතාලියානු සිත්තෙරුකු ගෘහ නිර්මාණශිල්පියකු වන අතර ඔහුගේ සිතුවම් හා ඇඳීම්වල පරිපූර්ණත්වය හා විශිෂ්ටත්වය නිසා අදටත් ඔහුව සමරනු ලැබේ. මයිකල් ඇන්ජෙලෝ හා ලියනාඩෝ ඩාවින්චි හා එකතුව ඔහු එම සියවසේ සුපිරි නිර්මාණකරුවන්ගේ සාම්ප්‍රදායික ත්‍රිත්වය නිර්මාණය කරන ලදී.

රෆායෙල් වයස අවුරුදු 37 දී තම ජීවිතෙන් සමුගත්තත් ඔහු අතිශයින් ඵලදායී පුද්ගලයෙකු නිසා ඔහුගේ කාර්යයන්වලින් වැඩි ප්‍රමාණයක් අදටත් ඉතිරිව තිබේ. (විශේෂයෙන් වතිකානුවේ) ඔහු ඔහුගේ ජීවිත කාලය පුරාවට අතිශයින් බලසම්පන්න වූ නමුත් ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ මයිකල් ඇන්ජෙලෝගේ බලපෑම 18 හා 19 සියවස තෙක් පුළුල්ව බිහිවිණි. එම කාලයේදී ඔහුගේ වඩාත් ශාන්ත සුමිහිරි ගුණයන් නැවතත් උසස්ම ආකෘති ලෙස සලකණු ලැබිණි.

ඔහුගේ වෘත්තීය ජීවිතය අදියර 3කට හා ශෛලීන් 3කට බෙදේ. ප්‍රථමව ජෝර්ජියෝ වසාරි විසින් විස්තර කරන පරිදි ඒවා නම් අම්බ්‍රියාහි ඔහුගේ මුල් අවුරුදු හා ෆ්ලොරන්හි කලාත්මක සම්ප්‍රදායන් උපුටා ගත් අවුරුදු 4ක කාලාන්තරය හා රෝමයේ පාප්වරු දෙදෙනෙකුට හා ඔවුන්ගේ හිතවතුන්ට සේවය කරමින් ගත කළ විජයග්‍රාහී වසර 12 වේ


ඇතැන්ස්හි ගුරුකුලය රෆායල් විසින් නිර්මාණය කරන ලද විශිෂ්ට බිතු සිතුවමක් වේ.
 මෙය රෝමයේ ස්ටැන්සා ඩෙලා සිග්නචුරා (Stanza della Segnatura) නැමැති ගොඩනැ`ගිලි බිත්තියක ප්‍රෙස්කෝ සිකෝ ශිල්ප ක‍්‍රමයට නිර්මාණය කරන ලද්දකි.
 වාස්තු විද්‍යාත්මක අවකාශය මත රූප සම්පිණ්ඩනය කිරීම පිළිබඳ දක්වා ඇති කුසලතාව  සහ ප‍්‍රතිභාව නිර්මාණකරණයේ අග‍්‍ර ඵලයක් ලෙසට විචාරකයෝ හඳුන්වති.
 චිත‍්‍රයෙන් දැක්වෙන්නේ පැරණි ගීක දාර්ශනික ඇතන්ස් ගුරුකුලය යි. සිතුවම මධ්‍යයේ ඇරිස්ටෝටල් හා ප්ලේටෝ යන දාර්ශනිකයන් ය. සෙසු දාර්ශනිකයන් ද වාද විවාදවල පැටලි සිටින අයුරු පෙන්නුම් කරයි.
 මෙම දාර්ශනික ලෝකය ක‍්‍රියාකාරී මානව රූප සම්පිණ්ඩනය මගින් ඉදිරිපත් කර තිබීම මෙම  සිතුවමේ දැකිය හැකි විශේෂතාවකි.
 දුඹුරු වර්ණයේ විවිධ ප‍්‍රභේද, අඳුරු කහ වර්ණවල විවිධ ප‍්‍රභේද, රඹ සහ සුදු ආදී වර්ණයන් සිතුවම ස`දහා භාවිත කර ඇත.


මැඩෝනා චිත‍්‍ර

 රෆායල්ගේ නිර්මාණ අතර ප‍්‍රකට තේමාවක් වූයේ මැඩෝනා හෙවත් කන්‍යා මරියතුමිය හා ජේසූ බිළි`දා දැක්වෙන නිර්මාණයෝ ය.

 පුනරුද යුගයේ වෙනත් චිත‍්‍ර ශිල්පීන් නිර්මාණය කළ මැඩෝනා චිත‍්‍රවලට වඩා රෆායල් විසින් නිර්මාණය කරන ලද මැඩෝනා චිත‍්‍ර සුවිශේෂී නිර්මාණ ලෙස සැලකේ.

 මෙම සිතුවම් තෙල් සායම් මාධ්‍යයෙන් කැන්වසය මත නිර්මාණය කර ඇත.
 ත‍්‍රිකෝණාකාර ආකෘතියක් මත හැ`ගීම් දනවනසුළු ප‍්‍රකාශනයන් සහිතව රූප පිහිටවීම මෙම චිත‍්‍රවල විශේෂතාවකි.

 ත‍්‍රිමාන ලක්ෂණ සහිත වර්ණ භාවිතය මෙන් ම ප‍්‍රභාමණ්ඩලය හෙවත් හෙලෝව නිරූපණය නොකිරීම ද නිර්මාණයන්හි දැකිය හැකි ලක්ෂණයන් ය.



රෆායෙල් සැන්සියෝ චිත‍්‍ර ශිල්පියා ගැන දැක්වෙන සටහන් පිටපත් කරගන්න. හැකි නම් ඡුායාරූප සොයාගෙන අලවා ගන්න.

වෙනත් පාඩමකින් හමුවනතුරු අදට නවතින්නම් 
ආයුබෝවන් දරුවනේ

ඉතිහාසය - ශ්‍රී ලංකවේ පැරණි විද්‍යාව හා තාක්ෂණය

විෂයය - ඉතිහාසය
පාඩම - ශ්‍රී ලංකවේ පැරණි විද්‍යාව හා තාක්ෂණය
ගුරු භාවතා - උදිත් මාතරගේ
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/15
පන්තිය පැවැත්වූ වේලාව - පෙ.ව. 08.00- 10.00
-------------------------------------------------------------




Audio 1 🔉

Audio 2 🔉

Audio 3 🔉

Audio 4 🔉




Audio 5 🔉

Audio 6 🔉



Audio 7 🔉

Audio 8 🔉

Audio 9 🔉



Audio 10 🔉

Audio 11 🔉

Audio 12 🔉

Audio 13 🔉

පුර්ව ඓතිහාසික යුගයේ පැවැති තාක්ෂණය පිළිබඳව කරුණු තුනක් ඇසුරින් විස්තර කරන්න ?

Thursday, 14 May 2020

සිංහල භාෂාව හා සාහිත්‍යය - ගුත්තිල කාව්‍ය V

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය

පාඩම - ගුත්තිල කාව්‍ය
පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/14
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00- 4.00
------------------------------------------------------------




හොඳයි පුතේ අපි සාහිත්‍ය පාඩම පටන් ගමු ද.......



21
වෙණ නද =   වීණා නාදයේ, රස් = රසය,   සුලභව = බොහෝ සේ,  සවන් යොදා = කණින් අසා, සකොබව = කලබල සිත්,  නදා එකඟ සිත් වන ලෙස =  සතුටින් එකඟ සිත් ඇති වන කල්හි,   සදා කුලය = තම ජාතියෙහි,  නොහැර = අත් නො නොහැර,  අසුබ ව එන =  අසුබව එන,  රිලවුන් සන්සල බව = රිලවුන්ගේ චංචල භාවය, එදා ගියේ = එදින නැති ව ගියේ ය.


22
 එමාසත්‍හු =  ඒ මහා සත්වයන්ගේ,  අසමානය =  සමාන නොවූ,  එනදට = ඒ වීණා නාදයට, කොවුලෝ උපමානය = කොවුලන්ගේ හඬ උපමා වශයෙන්,  සමා නොවෙති = සමාන නොවෙති,  එයින් = එහෙයින්,  තමන් නද = තමන්ගේ නාදය,  මිහිරැයි = මිහිරියැයි" යන මානය දමා = යන ආඩම්බර ඉවත දමා, අවමානය වින්දෝ = අවමන් වින්දේ ය.


23
අසන රිසින් = අසන ආශාවෙන්,   නයි කැල =  නාග සමූහයා,  ඔසළෝ හ් = පැමිණියෝ ය,  ඔවුන වෙතම = ඔවුන් ළඟ ම,  ගුරුළෝයා සිටිනා = සිටි ගුරුළෝ ද,  වයන එ වෙණ නද = වාදනය කරන එම වීණා නාදය,  ලොබ කෝළෝ යා =  ආසා කළහ, එදින වයිර සිත =  එදා වෛර සිත,  සිහි නොකළෝ යා = සිහි නොකළහ.


24
දන මන බැඳී = ජනතාවගේ සිත් බැඳගත්,   වැනුමෙහි ඇදුරෝයා = වාදනයෙහි ගුරු වූ,  මදුරෝයා = මිහිරි වූ,   සත්සර වෙණ නද = සප්ත ස්වර වෙණ නදය,  විඳී = වින්දනය කළා වූ,  සතොසින් රැඳී  = සන්තෝසයෙන් පිනා ගියා වූ,  සැනහුණු ඉඳුරෝයා = සන්සුන් ඉඳුරන් ඇති,  කිඳුරෝයා =  කිඳුරෝ,  වැදි දන =  වැදි ජනතාවගේ, සිරි ගත්තුය =  ස්වභාවය ගත්හ.


25
  සතොස් කරන = සතුටුට හේතු වූ, වීණා නද = වීණා නාදය,  ඇසුමට = අසන්නට, ගොදුරට = ගොදුරු පිණිස, නො ගොස් සිටින = නොගොසින් සිටින, පිල්බර ගණ = මොනර සමූහයා, වෙසෙස් රුවින් = විශේෂ වූ රූපයකින්, තමා මැවුවත් = තමාගේ මැවීම කලත්, සඳැස් = පිල්වල ඇස්, සවන් නොකළැයි = කන් බවට පත් නොකළේ යැයි, නොසතුට වූ = සතුටු නොවුහ.




පහත සඳහන් පදවල සරල අර්ථය ලියන්න
1 පරම්පරා ශබ්දයෙන් -
2 දඬුවැට පහන් -
3 පසමිතුරා -
4 විධ්වංසනය -
5 හැළලී ගිය -
7 තෝමරාදි -
8 කාහළ -
9 ග්‍රීවයෙන් ග්‍රීවය -
10 නානා වර්ණ ධ්වජ -
11 හියොවුරු -
12 උපලක්ෂිත වූ -
13 රිය සක -
14 මුළු කොට -
15 පිටිවහල් ලදින් -
16 විදුරසුන් -
17 ව්‍යාජයෙන් -
18 ප්‍රත්‍යන්ත -
19 තල්පැන් පලක් -
20 කරවාල -

1 සරල බස් වහරක් භාවිතයත්
2 කාව්‍යමය වියත් වහර භාවිතයත්
යන කරුණු අපූර්ව අවස්ථා නිරූපණයකට මඟ පාදා ඇති අයුරු උදාහරණ දෙකක් දෙමින් උම්මග්ග ජාතකය ඇසුරින් පැහැදිලි කරන්න.


සිංහල භාෂාව හා සාහිත්‍යය - කාව්‍ය නිර්මාණකරනය

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය
පාඩම - කාව්‍ය නිර්මාණකරනය
පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/14
පන්තිය පැවැත්වූ වේලාව - පෙ.ව. 8.00- 11.00
------------------------------------------------------------

දරුවනේ අපි සීංහල පන්තීය පටන් ගනිමූ .......

















 

  



Wednesday, 13 May 2020

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය - 4 පාඩම

විෂයය - ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පාඩම -  4 පාඩම
ගුරු භාවතා - උපුල් ප්‍රියන්ත
දිනය - 2020/05/13
වේලාව - ප.ව. 2.00 - 4.00
---------------------------------













පුරවැසි අධ්‍යයනය - බහු සංස්කෘතික සමාජය

විෂයය - පුරවැසි අධ්‍යයනය
පාඩම - බහු සංස්කෘතික සමාජය
ගුරු භාවතා - මලිත අතුකෝරල
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/13
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00-4.00
--------------------------------------------------------











English - Affixes

Subject - English
Lesson - Affixes
Teacher - Chamira Welivitigoda
Date - 2020/05/13
Time - 8.00 a.m.-10.00 a.m.
----------------------------------



Good Morning, children...

Today you are going to use the affixes to change the word class and the meaning of words.

First of all listen to this audio...

Audio 1 🔊






Now turn in to page 30 of the pupil's book   and read the words in bold letters.




Audio 2 🔊

Audio 3 🔊

සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...