විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය
පාඩම - ගුත්තිල කාව්‍ය
පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/14
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00- 4.00
------------------------------------------------------------
හොඳයි පුතේ අපි සාහිත්‍ය පාඩම පටන් ගමු ද.......
21
වෙණ නද = වීණා නාදයේ, රස් = රසය, සුලභව = බොහෝ සේ, සවන් යොදා = කණින් අසා, සකොබව = කලබල සිත්, නදා එකඟ සිත් වන ලෙස = සතුටින් එකඟ සිත් ඇති වන කල්හි, සදා කුලය = තම ජාතියෙහි, නොහැර = අත් නො නොහැර, අසුබ ව එන = අසුබව එන, රිලවුන් සන්සල බව = රිලවුන්ගේ චංචල භාවය, එදා ගියේ = එදින නැති ව ගියේ ය.
22
එමාසත්හු = ඒ මහා සත්වයන්ගේ, අසමානය = සමාන නොවූ, එනදට = ඒ වීණා නාදයට, කොවුලෝ උපමානය = කොවුලන්ගේ හඬ උපමා වශයෙන්, සමා නොවෙති = සමාන නොවෙති, එයින් = එහෙයින්, තමන් නද = තමන්ගේ නාදය, මිහිරැයි = මිහිරියැයි" යන මානය දමා = යන ආඩම්බර ඉවත දමා, අවමානය වින්දෝ = අවමන් වින්දේ ය.
23
අසන රිසින් = අසන ආශාවෙන්, නයි කැල = නාග සමූහයා, ඔසළෝ හ් = පැමිණියෝ ය, ඔවුන වෙතම = ඔවුන් ළඟ ම, ගුරුළෝයා සිටිනා = සිටි ගුරුළෝ ද, වයන එ වෙණ නද = වාදනය කරන එම වීණා නාදය, ලොබ කෝළෝ යා = ආසා කළහ, එදින වයිර සිත = එදා වෛර සිත, සිහි නොකළෝ යා = සිහි නොකළහ.
24
දන මන බැඳී = ජනතාවගේ සිත් බැඳගත්, වැනුමෙහි ඇදුරෝයා = වාදනයෙහි ගුරු වූ, මදුරෝයා = මිහිරි වූ, සත්සර වෙණ නද = සප්ත ස්වර වෙණ නදය, විඳී = වින්දනය කළා වූ, සතොසින් රැඳී = සන්තෝසයෙන් පිනා ගියා වූ, සැනහුණු ඉඳුරෝයා = සන්සුන් ඉඳුරන් ඇති, කිඳුරෝයා = කිඳුරෝ, වැදි දන = වැදි ජනතාවගේ, සිරි ගත්තුය = ස්වභාවය ගත්හ.
25
සතොස් කරන = සතුටුට හේතු වූ, වීණා නද = වීණා නාදය, ඇසුමට = අසන්නට, ගොදුරට = ගොදුරු පිණිස, නො ගොස් සිටින = නොගොසින් සිටින, පිල්බර ගණ = මොනර සමූහයා, වෙසෙස් රුවින් = විශේෂ වූ රූපයකින්, තමා මැවුවත් = තමාගේ මැවීම කලත්, සඳැස් = පිල්වල ඇස්, සවන් නොකළැයි = කන් බවට පත් නොකළේ යැයි, නොසතුට වූ = සතුටු නොවුහ.
පහත සඳහන් පදවල සරල අර්ථය ලියන්න
1 පරම්පරා ශබ්දයෙන් -
2 දඬුවැට පහන් -
3 පසමිතුරා -
4 විධ්වංසනය -
5 හැළලී ගිය -
7 තෝමරාදි -
8 කාහළ -
9 ග්‍රීවයෙන් ග්රීවය -
10 නානා වර්ණ ධ්වජ -
11 හියොවුරු -
12 උපලක්ෂිත වූ -
13 රිය සක -
14 මුළු කොට -
15 පිටිවහල් ලදින් -
16 විදුරසුන් -
17 ව්‍යාජයෙන් -
18 ප්‍රත්‍යන්ත -
19 තල්පැන් පලක් -
20 කරවාල -
1 සරල බස් වහරක් භාවිතයත්
2 කාව්‍යමය වියත් වහර භාවිතයත්
යන කරුණු අපූර්ව අවස්ථා නිරූපණයකට මඟ පාදා ඇති අයුරු උදාහරණ දෙකක් දෙමින් උම්මග්ග ජාතකය ඇසුරින් පැහැදිලි කරන්න.
No comments:
Post a Comment