Saturday 27 June 2020

සිංහල භාෂාව හා සාහිත්‍යය - 16 පාඩම II

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය
පාඩම - 16 පාඩම II
පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි
පන්තිය පැවැත්වූ දිනය - 2020/06/27
පන්තිය පැවැත්වූ වේලාව - පෙ.ව. 8.00- 11.00
------------------------------------------------------------


දරුවනේ සුබ උදෑසනක් වේවා හැමෝටම......

සිංහල පාඩම පටන් ගමුද ????

ගිය සතියෙ ඉතිරි ටික කරමු

ලැස්තියි ද ...ඕන් එහෙනම් අයුබෝ කියල...නමෝ විත්තියෙන් වෙඩේ පටන් ගමු....

ගිය සතියෙ 16 පාඩම නේද කලේ....

එතෙපුල් අමා හැල්ලෙන්

අද එකෙ අනික් කොටස

අක්ෂර වින්‍යාසය ...

මේක බලන්නකෝ




මේකත් කියවන්න


දැන් ව්‍යාකරණ සටහන් පොත ගන්න....

මේ සටහන ලියා ගන්න

අක්ෂර වින්‍යාසය
01. න / ණ , ල / ළ භාවිතය

ණ භාවිතය
(1) ර/ෂ/ඍ යන අක්ෂරයකට පසුව කිසියම් වචනයක ණ යෙදේ නම් එය මුර්ධජ ණ වේ.
  ex.
දෙරණ / සරණ / මරණය / විවරණ / විෂ්ණු / පාෂාණ / භක්ෂණ / ලක්ෂණ /තෘණ / ඍණ

(2)ර/ෂ/ඍ යන අක්ෂරයකට පසු පහත සදහන් අකුරක් හෝ කිහිපයක් යෙදුනද ණ මූර්ධජ වේ

I. ක වර්ගය ( ක,ඛ,ග,ඝ,න)
II. ප වර්ගය (ප,ඵ,බ,භ,ම)
III.ස්වර
IV. හ්/ව්/ය්

ex.
තර්කණ , දර්පණ , නිර්මාණ , බ්‍රාහ්මණ , විෂ්කම්භණ , රාමායණය

**ඉහත කී අකුරු වලින් පසුව I,II,III,IV යන අකුරු වලට වඩා වඩා වෙනස් අකුරක් හෝ කීපයක් යෙදුනු විට න දන්තජ වේ.

ex.
මර්දනය , නර්තන , ආරාධනා , දර්ශනය , ප්‍රාර්ථනා , ප්‍රශ්න , රචනාව , පරිවර්තනය

**ර කාරාන්ත ධාතු වලින් සෑදෙන වර්ථමාන කෘදන්ත පද වල න කාරය දන්තජ වේ.

ex.
හදාරන , කරන , මරන , මතුරන

(3)මාතෘ භාෂාගත පාලි-සංස්කෘත වචනයක මූර්ධජ අකුරකට පූර්වයෙන් බොහෝ විට යෙදෙන්නේ මූර්ධජ ණ වේ.
ex.
කණ්ටක , කොණ්ඩය , දණ්ඩ , ඝණ්ඨාව , බණ්ඩාර , කණ්ඨජ , පණ්ඩිත , පුණ්ණ

**මෙයට විකල්පව භවිතා වන වචන කීපයකි.

ex.
බ්‍රැන්ඩි , ඇන්ටනා



(4)ගෞරවාර්තයේ යෙදෙන ආණ , අණු , අණි , අණ්ඩි , අණ්ඩ යන තද්ධ්ත ප්‍රත්‍ය සහිත පද වල මූර්ධජ ණ යෙදේ.

ex
පුතණුවෝ , තෙරණුවෝ , සිටාණ , මෑණියෝ , අයියණ්ඩි , මලණ්ඩ



(5)බහු වචනයේදී හල් වන න කාරය සහිත පද දන්තජ න සහිත වේ.

ex.
කන-කන් , පින-පින් , රෑන-රෑන් , නුවන-නුවන් , පෑන-පෑන්

**න / ණ යෙදීම නිසා අර්ථය වෙනස් වන පද රාශියක්ද සිංහලයේ ඇත.

ex.
කණ-එකැස් , කන-සවන
නුවණ-බුද්ධ්ය , නුවන-ඇස්

ළ භාවිතය

(1) ර කාරන්ත ධාතුවකින් සෑදෙන අතීත ක්රියාරූපවල ර වෙනුවට යෙදෙනුයේ මූර්ධජ ළ කාරයයි.
මර--->මළේය
හදාර-->හදාළේය
මතුර-->මතුළේය
වදාර-->වදාළේය
වපුර-->වපුළේය
අතුර-->අතුළේය

(2) ට / ඨ / ඩ / ණ අක්‍ෂර යුතු මාතෘ භාෂාවක අක්‍ෂරයක් සිංහලයට එන විට සිංහලයේ යෙදෙනුයේ මුර්ධජ ළ කාරයයි.
‌දාඨා-->දළ
ක්‍රීඩා-->කෙළි
කිරීට-->කිරුළ
පඨවි-->පොළව
සාඨක-->සළුව
වාණිජ-->වෙළද

(3) ල කාර දෙකක් එක ළග යෙදෙන විට මුර්ධජ ල පළමුව යෙදීම සාමාන්‍ය රීතියයි.
උළෙල
කළල
සළෙල


(4) සඤ්ඤක අකුරකට පෙර යෙදෙන ල මුර්ධජ වේ.

ළිදළග
ළද
වෙළඹ
දිළිඳු


(5) ද්විත්ව වී අරුත් දෙන ල යෙදූ පදවල යෙදෙන්නේ දන්තජ ල කාරයයි.

සියලු-->සියල්ල
මලු-->මල්ල
කඩුලු-->කඩුල්ල
පොලු-->පොල්ල

** එසේ නොවන විට
ගැටළු


(6) ල /ළ යෙදීම නිසා අර්ථය වෙනස් වන පද

අළු (පාට) --------අලු (ආලෝකය)
පැළ(ශාක)--------පැල (පොඩි ගෙය)


03. ශ /ෂ /ස භාවිතය
ශ භාවිතය

(1) බොහෝ විට තාලුජ අක්‍ෂරයක් සමග සංයෝජනය වනුයේ ශ කාරයයි.

තාලුජ අක්‍ෂර :-  ච , ඡ , ජ , ඣ ,ඤ

දුශ්චරිත ,ආශ්චර්ය , නිශ්ශබ්ද , නිශ්ශංක


(2) තාලුජ අක්‍ෂරයක් නොමැති තන්හිද තාලුජ ශ යෙදෙන තැන් ඇත.

අනුශාසනා , විශාරද , ක්ලේශ , ශ්‍රවණ


(3) ඇතැම් විට “ව” යන්නට මුලින් යෙදේ.

විශ්වාස , ඊශ්වර , විශ්වය , අශ්වයා


(4) ශ / ස සංයෝජනයේදී තාලුජ ශ මුලින් යෙදේ.

ප්‍රශස්ති , ශාස්ත්‍රාලය , ශාසනය


(5) ශ / ෂ සංයෝජනයේදී තාලුජ ශ මුලින් යෙදේ.

ශිෂ්ටාචාර , විශේෂ , විශිෂ්ට , ශිෂ්‍යයා


ෂ භාවිතය

(1) මුර්ධජ අක්ෂරයකට පුර්වයෙන් මුර්ධජ ෂ යෙදේ.

විෂ්ණු , නෂ්ට , දෘෂ්ටි , අෂ්ටලෝක , ක්‍රිෂ්ණජිනා

(2) ක සමග සංයෝග වන්නේ මුර්ධජ ෂ වේ.

අක්‍ෂර , දුෂ්කර , පරීක්ෂණ , තීක්ෂණ

(3) ඇතැම් විට ප බලපෑම නිසා ෂ යෙදේ.

නිෂ්පාදන , නිෂ්ප්‍රභා , නිෂ්පත්තිය


*ඉෂ්ඨ ප්‍රත්‍ය සහිත වචන*

කන් + ඉෂ්ඨ = කනිෂ්ඨ
ජ්‍යා + ඉෂ්ඨ = ජ්‍යෙෂ්ඨ
ශ්‍රා + ඉෂ්ඨ = ශ්‍රේෂ්ඨ
පාප + ඉෂ්ඨ = පාපිෂ්ඨ
ධර්ම + ඉෂ්ඨ = ධර්මිෂ්ඨ

04. තද්ධිත ප්‍රත්‍ය භාවිතය
වත් / මත් ප්‍රත්‍ය භාවිතය
වත් ප්‍රත්‍ය භාවිතය

ප්‍රත්‍යය එකතු වීමට පුර්වයේ ඇති නාම පදය අ / ආ /ඇ යන ස්වර වලින් හා හල් අකුරකින් අවසන් වන පද සමග යෙදේ

ආදර්ශ (අ) +වත් = ආදර්ශවත්                           ප්‍රබෝධ (අ) + වත් = ප්‍රබෝධවත්
ප්‍රභා (ආ) + වත් =ප්‍රභාවත්                                සෝභා (ආ) + වත් = සෝභාවත්
සැදැහැ (ඇ) +වත් =සැදැහැවත්
පින් (්) +වත් = පින්වත්



මත් ප්‍රත්‍ය භාවිතය

උ / ඌ /ඉ /ඊ යන ස්වර වලින් අවසන් පද සමග මත් ප්‍රත්‍ය යෙදේ.

දිරි (ඉ) + මත් = දිරිමත්
බි (ඊ) + මත් = බිමත්
ඉසුරු (උ) +මත් =ඉසුරුමත්
රූ (ඌ) මත් =රූමත්

ඉක /ඊය ප්‍රත්‍ය භාවිතය
ප්‍රත්‍ය එකතු වන නාම පදයේ මුලින් ඇති ස්වරය වෘදධි වේ.
 
අ > ආ 
පරිසර + ඉක =පාරිසරික
සමාජ + ඉක =සාමාජික

ඉ > ඓ
ඉතිහාස + ඉක = ඓතිහාසික
දින + ඉක= දෛනික

උ > ඖ
පුද්ගල + ඉක =පෞද්ගලික
පුරාණ + ඉක =පෞරාණික

*වෘද්ධි නොවන පද ස්වල්පයක්ද වේ.*

ක්ෂණික , රසායනික , රසික ,පන්තික , සංස්කෘතික , ව්‍යවහාරික
 
05. සන්ධි වන පද වල අක්‍ෂර වින්‍යාසය
දීර්ඝ සන්ධිය
බුද්ධි + ඉන්ද්‍රිය =බුද්ධීන්ද්‍රිය
රිද්ම + අනුකුල = රිද්මානුකුල

අන්තඃ ස්වරාදේශ

අති + අලංකාර = අත්‍යලංකාර
අති + අවශ්‍ය = අත්‍යවශ්‍ය
නීති + අනුකුල =නීත්‍යනුකුල

සටහන ලියා ගෙන

ඊට පස්සේ....ඒ පොතේ ම...145,147,149...( පෙළ පොතේ ) අභ්‍යාස කරන්න

කරල මට එවන්න....

මම දැන් ඉදන් ඔන්ලයින් ඉන්නවා....ඕනි දෙයක් අහන්න....ඉන්න අය ලයික් එකක් දාන්න.....




No comments:

Post a Comment

සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...