Monday, 25 May 2020

සිංහල භාෂාව හා සාහිත්‍යය - ගුත්තිල කාව්‍ය vii

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය
පාඩම - ගුත්තිල කාව්‍ය
පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/26
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00- 4.00
------------------------------------------------------------






31
සුර විලසි = දිව්‍ය ස්ත්‍රීන්,  යට ඇසීන් = ඇස් යටින්,  ලන = හෙලන,  බැල්මෙන් = බැල්මෙන්, වෙසෙසින් = විශේෂයෙන්,  දන මන් = ජනයාගේ හිත,  එකසී = ඒකාන්තයෙන්ම,  මත්කර = මත්කරලා,  අහසින් බැස = ආකාශයෙන් බැස, ‍රඟ ගත් = රංගනය පැවැත්වූ, රඟ = ආකාරය, කෙලෙසී = කෙසේද,  විදුලිය සිය දහසී = විදුලිය සිය දහස් ගණනින්,   දිසි මෙන් විය = වූවාක් මෙන් විය.


32
කකුසුම සරාගේ = අනංගයාගේ,  දිමුතු = දීප්තිමත් වූ,  යසස් වන් = කීර්තිය වැනිවූ,  නුමුතු = අඩු නොවූ,  සුවඳ මල් = සුවඳැති මල්,  සර අග = හිස් මුදුන්,  පැළඳ = පැළඳගෙන,  රඟන = නටන්නා වූ, සුරඟන රඟ ලාගේ  = දිව්‍යාංගනාවන්ගේ නැටුම් විලාසය,  දකිතු  = දැක්ක හොත්,  කාගේ සිත = කාගේ සිත් වුවද,  කෙලෙස්ක උමුතු නොවේද = කෙසේනම් මුතු නොවන්න ද


33
රූ රැසේ =න්රූප රාශියක්, අඳිනා ලෙසේ = අඳිනා ආකාරයෙන්,  විදුලිය පබා = විදුලිය ප්‍රභාව ඇති,  අත් ලෙලදිදී = අත් ලෙළ දවමින්,  රන් රසේ = රන් හා රසදිය,  එක්වන ලෙසේ = එක් වන ආකාරයෙන්,  වෙණ නාදනූ = වීණා නාදයට,  අනුව පා තබ තබා = පාද තබමින්,  කම්පසේ දෙන = අනංගයා විසින් දෙන,  සර ලෙසේ = ඊතල වගේ,  නෙතගින් = ඇස් අගින්,  සභා දෙස බල බලා =  සභාව දෙස බලමින්,  එසේ වර සුර ලඳුන් = එසේ උතුම් වූ  දිව්‍ය ස්ත්‍රීන්,  පැවැත්වූ = පැවැත්වූ වා වූ, රඟ සුබා = රැඟුමේ ස්වභාවය,  මම කෙසේ පවසමි = මම කෙසේ පවසම් ද


34
පුන් මදාරා = පිපුනා වූ මදාරා, මල් දමින්  = මල් මාලයෙන්,   මුදු = මෘදු වූ, දිගු සුනිල් වරලස = ඉතා දික් වූ නිල්වන් කේශ කලාපය, ගොතා = ගොතාගෙන,  මන්මදා  = අනංගයාගේ, කිතු ලිය ලෙසින් = කීර්ති ලතාව වැනි,   දිලි මුතු ලතා  = දිලිසෙන මුතුවැල්,  උරතුර උර පෙදෙසේ,  සරා = සරසාගෙන,   මන් නදා වන = සිත් සන්තෝස කර වන,  මිණි මෙවුන් නද = මණි මේකලා නාදය, වෙණ නදින් = වීණා නාදය, ඉතා එක්කොට = හොඳින් එකතු කොට, උන් = ඒ දිව්‍යාංඟනාවෝ, එදා දුන් රඟ දුටොත් = එදින නටපු නැටුමදැක්කොත්, සක් සැපක් = ශක්‍ර සම්පත්තිය, කවරෙක් පතා = කවරෙක් පතයි ද

කවි ටික ලියන්න







මේ ටික බලන්නකෝ


මේකට උත්තර ලියන්න

විචාරෙ ලියන්නම ඕනී



සිංහල භාෂාව හා සාහිත්‍යය - 14 පාඩම

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය
පාඩම - 14 පාඩම
පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/26
පන්තිය පැවැත්වූ වේලාව - පෙ.ව. 8.00- 11.00
------------------------------------------------------------




ලෝක සාහිත්‍යය විෂයෙහි ඉතාමත් ප්‍රබල ජනකාන්ත සාහිත්‍යාංගයක් ලෙස කෙටි කතාව වැදගත් වේ. කෙටි කතාව යනු කුමක් දැයි විමසා බැලීමේ දී අවධානයට ගත හැකි නිර්වචන තුනක් පහත පරිදි පෙන්වා දිය හැකි ය.

       

        01. “ජීවිතයේ පෙත්තක් නිරූපණය කිරීම කෙටි කතාව යි.”

                                                (ඇන්ටන් චෙකොෆ්)

        02. “මානව ජීවිතයේ සමීප රූපයක් ගෙන හැර පෑම කෙටි කතාව යි.”

                                                (දයාසේන ගුණසිංහ)

        03. “මානව ජීවිතය පිළිබඳ විවරණය කෙරෙන අංශු මාත්‍රයක් වූ කලී කෙටි කතාව යි.”

කෙටි කතාවක ස්වභාවය වන්නේ කුමක් දැයි ජෝසෆ් බර්ග් එසනීන් ගේ ප්‍රකාශයෙන් වඩාත් හොඳින් විග්‍රහ වෙයි. ඔහුට අනුව කෙටි කතාවක අන්තර්ගත විය යුතු අංග මෙසේ ය.

        01. සියල්ලට ඉහළින් මතු වී පෙනෙන එක් ප්‍රබල සිදුවීමක්

        02. සියල්ලට ඉහළින් මතු වී පෙනෙන එක් ප්‍රබල චරිතයක්

        03. මනා ලෙස සංවිධානය වූ කථා වින්‍යාසයක්

        04. ඒකීය ධාරණාවක්



මෙකී අංගවලින් සමන්විත ගද්‍ය නිර්මාණ විශේෂය කෙටි කතාව ලෙස හඳුනාගත හැකි බව බර්ග් පෙන්වා දෙයි.

මේ ආකාරයෙන් හඳුනාගත හැකි කෙටි කතාව පිළිබඳ විමර්ශනය කරන විට ඒ තුළ අන්තර්ගත විය යුතු අංග ලක්ෂණ කිහිපයක් පහත පරිදි අංකනය කළ හැකි ය.

01. කතා පුවත හෙවත් ප්‍රවෘත්තිය

        02. කතා වින්‍යාසය හෙවත් කතා වස්තුව

        03. දෘශ්ටිකෝණය

        04. චරිත හා අවස්ථා නිරූපණය

        05. නිර්මාණාත්මක බස් වහර

        06. ජීවන දෘශ්ටිය



මෙම ලක්ෂණ කෙටි කතාවක අත්‍යාවශ්‍ය අංග ලෙස හඳුනා ගත හැකි අතර මේවා යටතේ කෙටි කතාවක ස්වභාවය කුමක්ද යන්නත් හඳුනාගත හැකි ය.

කෙටි කතාව කලාවකි. එලෙස හඳුනාගන්නේ එය සාහිත්‍ය නිර්මාණ විශේෂයක් වන බැවිනි. සාහිත්‍යය කලාවකි. කලාවෙන් සිදු වන්නේ සහෘදයා ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යාම යි. ජීවිතය පිළිබඳ ගැඹුරු පරිඥානයක් ඇති කෙරෙන කෙටි කතාව මගින් ද සමාජගත මානවයා ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යා යුතු ය. කෙටි කතාව අර්ථ පූර්ණ කලාවක් ලෙසට නිර්මාණය වන්නේ එවිට යි.

Audio 1 🔊

Audio 2 🔊

Note 1 📚

Audio 3 🔊

Audio 4 🔊



පුරවැසි අධ්‍යයනය - ආර්ථික ක්‍රම හා ආර්ථික සබදතා II

විෂයය - පුරවැසි අධ්‍යයනය
පාඩම - ආර්ථික ක්‍රම හා ආර්ථික සබදතා
ගුරු භාවතා - මලිත අතුකෝරල
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/25
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00-4.00
--------------------------------------------------------











English - Uses affixes to change the word class and the meaning of words II

Subject - English
Lesson - Uses affixes to change the word class and the meaning of words II
Teacher - Chamira Welivitigoda
Date - 2020/05/25
Time - 8.00 a.m.-10.00 a.m.
----------------------------------


Good Morning, children.........






 Audio 3 🔊



 Audio 4 🔊



Hope you all will come with the  answers next week, until then Good bye and have a beautiful day....

Sunday, 24 May 2020

ගණිතය - ප්‍රශ්න පත්‍රය

විෂයය - ගණිතය
පාඩම - ප්‍රශ්න පත්‍රය
ගුරු භාවතා - චාමර අමරසිංහ
දිනය - 2020/05/24
වේලාව - පෙ.ව. 8.00 - 11.00 සහ ප.ව. 2.00 - 4.00
----------------------------------------------------------


ආදරණීය පුතේ ඔයාලා හැමෝටම සුභ උදෑසනක් වේවා ! 🙏

එහෙනම් අද ඔයාලා ගණිතය විෂය සදහා සූදානම් ඇති නේද ?

පසුගිය සතියේ සම්පූර්ණ පාඩමක් සාකච්ඡා කර අභ්‍යාසත් කර අවසන් වූ නිසා, අද අපි ප්‍රශ්න පත්‍රයක් කර ඊට අදාල ගැටලු සාකච්ඡා කරමු .

එහෙනම් පුතේ සුපුරුදු පරිදි හරියට ම  8 - 10 වෙනකල් මෙම ප්‍රශ්න පත්‍රය කරන්න .














උදෑසන 8 ට පිළිතුරු ලිවීම ආරම්භ කරන්න.

10න් පසු ඊට අදාල ඔබේ පිළිතුරු  මාගේ පෞද්ගලික ගිණුමට
 (077 2876436 ට ) යොමු කරන්න.

ඔබට ලැබුණු කාලය අවසන් පුතේ .

බොහෝ දෙනෙක් පිළිතුරු  එවමින් පවතිනවා . ඒ පිළිබඳ ගොඩාක් සතුටුයි . අනිත් පුතාලටත් පිළිතුරු එවීමට තව විනාඩි 30 ක කාලයක් ලබාදෙන්නම්.

ඊට පස්සේ අපි ඔක්කෝමලා එකතුවෙලා හරි වැරදි බලමු පුතේ .
























දැන් ඔබ ඔබේ පිළිතුරු සමඟ මාගේ පිළිතුරු සසඳා බලා එහි ගැටලුවක් හෝ අපහැදිලි තැනක් වෙතොත් මා අමතන්න .

මෙතෙක් වේලා සක්‍රීයව මා සමඟ රැදී සිටි ඔබ සැමටම..
🙏🙏 🙏. 
තෙරුවන් සරණයි !!!
ලබන සතියේ නැවත හමුවෙමු පුතේ .


මම ඔබගේ චාමර සර්

Saturday, 23 May 2020

විද්‍යාව - බලයක භ්‍රමණ ආචරණය

විෂයය - විද්‍යාව
පාඩම - බලයක භ්‍රමණ ආචරණය
ගුරු භවතා - ජානක පුෂ්ප කුමාර මහතා
දිනය - 2020/05/23
වේලාව - පෙ.ව.8.00 - 10.00 සහ ප.ව. 2.00-4.00
----------------------------------------------------------


සුභ උදෑසනක් වේවා දරුවනේ...🙏🙏🙏

අද ඔයාලගේ විද්‍යාව පාඩම...
දරුවෝ හැමෝම දැන් විද්‍යාව පාඩම සඳහා සූදානම් වෙන්න..අද අපි 11 වෙනි පාඩම ඉගෙනගමු.
 ඔයාලගේ විද්‍යාව පෙළ පොතේ එකොළොස් වැනි පාඩම පෙරලගෙන මුලින්ම ඒ පාඩම හොඳට කියව ගන්න කො.....

ඔයාලට මම පැය භාගයක කාලයක් දෙන්නම් පාඩම කියවගන්න. ඊට පස්සේ මම පාඩම හා සම්බන්ධ වීඩියෝ පටයක් එවන්නම් ඒක බලලා තවදුරටත් පාඩම හොඳින් අවබෝධ කරගන්න.

8.30 වෙද්දි මම වීඩියෝ පටය එවන්නම්.ඒ වෙද්දී ඔයාල පාඩම හොදට කියවල තියෙන්න ඕන.



පාඩමට අදාල මේ වීඩියෝ පටය නරඹා පාඩම වඩාත් හොදින් අවබෝධ කරගැනීමට උත්සාහ කරන්න.

එකොලොස් වන පාඩම පිළිබඳව දරුවන්ට දැන් හොඳින් අවබෝධ වෙන්න ඇති. උදෑසන කාලයට අදාළ විද්‍යාව වැඩකටයුතු මෙතැනින් නිමා කරන අතර සවස් කාලයට අදාල ව්ද්‍යාව වැඩ කටයුතු සඳහා අපි නැවත සවස දෙකට හමුවෙමු.

සුභ සන්ධ්‍යාවක් දරුවනේ. එකොළොස්වන පාඩමට අදාල 11.1අභ්‍යාසය ,11.2 අභ්‍යසය හා මිශ්‍ර අභ්‍යසය දැන් කරන්න පටන්ගන්න.

දරුවන් අභ්‍යාසය සිදුකර අවසන් වූ වහාම ඔබ ලියූ පිළිතුරු මාගේ 0713974590 අංකයට එවන්න. සවස 3.30 වනවිට මම ඔබලාට අභ්‍යාස වලට අඅදාල පිලිතුරු ලබාදෙන්නම්.

අභ්‍යාස සදහා පිලිතුරු ලියන විට ප්‍රශ්න ලිවීම අනිවාර්‍ය වේ.



මේ තියෙන්නෙ දරුවනේ අභ්‍යාස සඳහා පිළිතුරු. ඔයාලා ලියපු පිලිතුරු සමග මේ පිළිතුරු සංසන්දනය කරල බලන්න ඔයාලගේ පිළිතුර නිවැරදිද කියලා



බොහොමයක් දරුවන් අභ්‍යාසය සඳහා පිළිතුරු ලියා මා වෙත එවා තිබුණා. ඒ වගේම දරුවන් බොහොමයක් දෙනා උනන්දුවෙන් උදෑසන සිට මේ දක්වා මා සමග රැඳී සිටියා. ඉතින් දරුවනේ අදට අපි විද්‍යාව පාඩම අවසන් කරමු දරුවෝ හැමෝටම සුභ දවසක්.🙏🙏🙏

Friday, 22 May 2020

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - ඉලෙක්ට්‍රෝනික සමර්පණ

විෂයය - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පාඩම - ඉලෙක්ට්‍රෝනික සමර්පණ
ගුරු භාවතා - ප්‍රදීප් හේරත්
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/22
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 4.00-5.00
--------------------------------------------------------

අද අපි "ඉලෙක්ට්‍රෝනික සමර්පණ" පාඩම වීඩියෝ දර්ශන මගින් පැහැදිලි කර ගනිමු. මෙම පාඩම ප්‍රායෝගික පාඩමක් නිසා පරිගණකයක් භාවිතා නොකර අධ්‍යනය කිරීම අපහසුය.


මෙම ලින්ක් එක ක්ලික් කිරීමෙන් වීඩියෝ නැරඹිය හැකිය.

ක්‍රියාකාරකම - විද්‍යුත් සමර්පණ මෘදුකාංගසම්පතක්

සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...