Saturday, 23 May 2020

විද්‍යාව - බලයක භ්‍රමණ ආචරණය

විෂයය - විද්‍යාව
පාඩම - බලයක භ්‍රමණ ආචරණය
ගුරු භවතා - ජානක පුෂ්ප කුමාර මහතා
දිනය - 2020/05/23
වේලාව - පෙ.ව.8.00 - 10.00 සහ ප.ව. 2.00-4.00
----------------------------------------------------------


සුභ උදෑසනක් වේවා දරුවනේ...🙏🙏🙏

අද ඔයාලගේ විද්‍යාව පාඩම...
දරුවෝ හැමෝම දැන් විද්‍යාව පාඩම සඳහා සූදානම් වෙන්න..අද අපි 11 වෙනි පාඩම ඉගෙනගමු.
 ඔයාලගේ විද්‍යාව පෙළ පොතේ එකොළොස් වැනි පාඩම පෙරලගෙන මුලින්ම ඒ පාඩම හොඳට කියව ගන්න කො.....

ඔයාලට මම පැය භාගයක කාලයක් දෙන්නම් පාඩම කියවගන්න. ඊට පස්සේ මම පාඩම හා සම්බන්ධ වීඩියෝ පටයක් එවන්නම් ඒක බලලා තවදුරටත් පාඩම හොඳින් අවබෝධ කරගන්න.

8.30 වෙද්දි මම වීඩියෝ පටය එවන්නම්.ඒ වෙද්දී ඔයාල පාඩම හොදට කියවල තියෙන්න ඕන.



පාඩමට අදාල මේ වීඩියෝ පටය නරඹා පාඩම වඩාත් හොදින් අවබෝධ කරගැනීමට උත්සාහ කරන්න.

එකොලොස් වන පාඩම පිළිබඳව දරුවන්ට දැන් හොඳින් අවබෝධ වෙන්න ඇති. උදෑසන කාලයට අදාළ විද්‍යාව වැඩකටයුතු මෙතැනින් නිමා කරන අතර සවස් කාලයට අදාල ව්ද්‍යාව වැඩ කටයුතු සඳහා අපි නැවත සවස දෙකට හමුවෙමු.

සුභ සන්ධ්‍යාවක් දරුවනේ. එකොළොස්වන පාඩමට අදාල 11.1අභ්‍යාසය ,11.2 අභ්‍යසය හා මිශ්‍ර අභ්‍යසය දැන් කරන්න පටන්ගන්න.

දරුවන් අභ්‍යාසය සිදුකර අවසන් වූ වහාම ඔබ ලියූ පිළිතුරු මාගේ 0713974590 අංකයට එවන්න. සවස 3.30 වනවිට මම ඔබලාට අභ්‍යාස වලට අඅදාල පිලිතුරු ලබාදෙන්නම්.

අභ්‍යාස සදහා පිලිතුරු ලියන විට ප්‍රශ්න ලිවීම අනිවාර්‍ය වේ.



මේ තියෙන්නෙ දරුවනේ අභ්‍යාස සඳහා පිළිතුරු. ඔයාලා ලියපු පිලිතුරු සමග මේ පිළිතුරු සංසන්දනය කරල බලන්න ඔයාලගේ පිළිතුර නිවැරදිද කියලා



බොහොමයක් දරුවන් අභ්‍යාසය සඳහා පිළිතුරු ලියා මා වෙත එවා තිබුණා. ඒ වගේම දරුවන් බොහොමයක් දෙනා උනන්දුවෙන් උදෑසන සිට මේ දක්වා මා සමග රැඳී සිටියා. ඉතින් දරුවනේ අදට අපි විද්‍යාව පාඩම අවසන් කරමු දරුවෝ හැමෝටම සුභ දවසක්.🙏🙏🙏

Friday, 22 May 2020

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - ඉලෙක්ට්‍රෝනික සමර්පණ

විෂයය - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පාඩම - ඉලෙක්ට්‍රෝනික සමර්පණ
ගුරු භාවතා - ප්‍රදීප් හේරත්
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/22
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 4.00-5.00
--------------------------------------------------------

අද අපි "ඉලෙක්ට්‍රෝනික සමර්පණ" පාඩම වීඩියෝ දර්ශන මගින් පැහැදිලි කර ගනිමු. මෙම පාඩම ප්‍රායෝගික පාඩමක් නිසා පරිගණකයක් භාවිතා නොකර අධ්‍යනය කිරීම අපහසුය.


මෙම ලින්ක් එක ක්ලික් කිරීමෙන් වීඩියෝ නැරඹිය හැකිය.

ක්‍රියාකාරකම - විද්‍යුත් සමර්පණ මෘදුකාංගසම්පතක්

කෘෂි හා ආහාර තාක්ෂණය - බෝග වර්ගීකරණය II

විෂයය - කෘෂි හා ආහාර තාක්ෂණය
පාඩම - බෝග වර්ගීකරණය II
ගුරු භාවතා - සංජිව රුවන්පුරගේ
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/22
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00-4.00
-------------------------------------------------------



 Audio 1 🔊

කෘෂි හා ආහාරතාක්ෂණය පිලිතුර 0710310806 යොමු කරන්න










Audio 2 🔊

සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය - 7වන පාඩම ක්‍රියාකාරකම්

විෂයය - සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
පාඩම - 7වන පාඩම 
ක්‍රියාකාරකම්
ගුරු භාවතා - ප්‍රදීප් නිශ්ශංක
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/22
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00-4.00
--------------------------------------------------------

10 වසර සෞඛ්‍ය කරන පුතාලා  අද හත්වන පාඩමේ ක්රියාකාරකම්වලට පිළිතුරු ලියමු නේද.132,139,146,147,152 පිටුවල ඇති ක්‍රියාකාරකම් කරන්න ඕන.ඔබේ පිළිතුරු 0711430650 ට එවන්න.

Thursday, 21 May 2020

සංගීතය - සේ ගී සම්ප්‍රදාය

විෂයය - සංගීතය
පාඩම - 
සේ ගී සම්ප්‍රදාය
ගුරු භාවතා - රංග ගුණවර්ධන
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/21
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 5.00-7.00
---------------------------------------------------------



අද සංගීත පාඩම පස්වරු 5.45 ආරම්භ කරනවා.සංගීතය හදාරන දරුවො හැමෝම  පාඩමට සම්බන්ධ වෙන්න.

සුභ සන්ධ්‍යාවක් වේවා දරුවො හැමෝටම අද පාඩමේ නම සේ ගී සම්ප්‍රදායයි.අපි පහුගිය සතියේ අධ්‍යයනය කලේ ගැමි ගී සම්ප්‍රදාය පිලිබඳව.සේ ගී සම්ප්‍රදාය  පාඩමත් ජන සංගීතය කොටසේම සටහන් කර ගන්න.

සේ ගී සම්ප්‍රදාය



ශ්‍රී ලංකාවේ දේශීය ජන ගී සම්ප්‍රදායට ආවේණික වූ සුවිශේෂී සංගීත සම්ප්‍රදායක් ලෙස " සේ ගී සම්ප්‍රදාය" හැදින්විය හැක.විදග්ධ සම්ප්‍රදාය නියෝජනය කරන ගීත සම්ප්‍රදායක් ලෙස සේ ගී සම්ප්‍රදාය හදුන්වයි.භාෂා ශාස්ත්‍රය පිලිබඳ හසල පරිනත දැනුමකින් හෙබි උගත් වියත් පඩිවරුන් විසින් රචිත ගී හා කාව්‍ය සේ ගී නමින් හදුන්වයි.සේ ගී නිශ්චිත කතුවරයෙකු,නිර්මාණකරුවෙකු විසින් රචිත ග්‍රන්ථාරූඪ වී ඇති ගීත සම්ප්‍රදායකි.සේ ගී සම්ප්‍රදාය සහිත්‍යාංගයන්ගෙන් සුපෝෂිත වී ඇත.එනම්,කාව්‍යාලංකරයන්ගෙන්,භාෂා ශාස්ත්‍රයන්ගෙන් හා සාහිත්‍යාංගයන්ගෙන් සමන්විත වූ අපූර්ව වූ සෞන්දර්‍යාත්මක වූ කලා සම්ප්‍රදායකි.සේ ගී තුළ අනන්‍ය වූ විශේෂ ලක්ෂණයක් ලෙස කාව්‍යාලංකරයන් තුළ පිහිටි විවිධ විරිත් (වෘත) හදුනාගත හැක.

සේ ගී සම්ප්‍රදායට අනන්‍ය වූ වෘත (විරිත්) චන්දස්,ව්‍යංග්‍යාර්ථ,ශබ්දාලංකාර,අනුප්‍රාස,උපමා,රූපක,උත්පේක්ෂාලංකාර,අර්ථාලංකාර,එළිසම,ධ්වනිථාර්තයන්ගෙන් සේ ගී නිර්මාණය වී ඇත.සේ ගී සම්ප්‍රදාය තුළ ව්‍යක්ත භාෂා ශෛලියක් දක්නට ඇති අතර ඇතැම් සේ ගී කාව්‍ය තුළ සිංහල සංස්කෘත,ද්‍රවිඩ භාෂාමය ලක්ෂණ අන්තර්ගතව පවතී.සේ ගී තුළ විශේෂයෙන් සංකීර්ණමය භාෂා ලක්ෂණ,කාව්‍යාලංකර හා විදග්ධ භාෂා ලක්ෂණ ගැබ්ව පවතී.

සාහිත්‍යමය හා සංගීතාත්මක ගුණයෙන් ද අනූන වූ සේ ගී නිර්මාණයන් තුළ එක් එක් ගීත සම්ප්‍රදායන්ට අනන්‍ය වූ නාද මාලවන්,නාද රටාවන් හා විශේෂිත වූ සාම්ප්‍රදායික ගායනා ශෛලීන් හදුනාගත හැක.සේ ගී සම්ප්‍රදායට ආවේණික වූ ගී හා පද්‍ය කාව්‍ය කෘති රැසක් හදුනාගත හැක.
* ප්‍රශස්ති ගී
* වන්නම් ගී
* හටන් ගී
* වැලපුම් ගී
* සන්දේශ කාව්‍ය
* සිලෝ කාව්‍ය
* විරිදු
* පද්‍ය සාහිත්‍ය කෘති
ආදී ගී හා කාව්‍ය කෘති සේ ගී සම්ප්‍රදායට අයත් වේ.

පහත දැක්වෙන්නේ ඉහත සදහන් ගීත හා කාව්‍ය කෘති වලට අදාළ වීඩියෝ දර්ශන කිහිපයකි.ඒවා නරඹා රසාස්වාදය කරන්න.












සේ ගී සම්ප්‍රදායට අයත් ගී හා කාව්‍ය කෘති කීපයකට අදාළ ගීත ස්වර ප්‍රස්ථාරයන් පහත පරිදි මෙසේය.



ඉහත ගීතය "සුර රද සමන් සමගින්" යන සැළලිහිණි සංදේශ කව්‍යවෙහි ස්වර ප්‍රස්ථාරයන්ට අනුව ගායනය වේ.






එහෙනම් පුතේ සේ ගී සම්ප්‍රදායට අදාළ ගීත හා කාව්‍ය නිර්මාණන්  හොදින් ප්‍රායෝගික අධ්‍යයනය කර පුරුදු පුහුණු වන්න.සේ ගී පාඩම මින් අවසානයි. හැමදෙනාටම තෙරුවන් සරණයි.
ආයුබෝවන් 🙏

චිත්‍ර - ප‍්‍රශ්නාවලිය


විෂයය - චිත්‍ර
පාඩම - 
ප‍්‍රශ්නාවලිය
ගුරු භාවතා - භාරත ලක්ෂ්මන් රූපසිංහ
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/21
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00-4.00
--------------------------------------------------------


තෙරුවන්සරණයි දරුවනේ


අද මම ඔයාලාට දෙන්නේ ප‍්‍රශ්නාවලියක්. මෙතන ප‍්‍රශ්න 160ක් තියෙනවා. පෙර දැනුම උපයෝගිකරගෙන පිළිතුරු ලියන්න.




 වෙස්  මුහුණු  කර්මාන්තය

1 වෙස් මුහුණු කර්මාන්තය ප‍්‍රචලිත වෙනත් රටවල් මොනවාද?
2 ලංකාවේ වෙස් මුහුණු නිර්මාණය සඳහා බහුලව භාවිතා කරන ලී වර්ගය නම්කරන්න.
3 වෙස් මුහුණු නිර්මාණය සඳහා භාවිතා කරන වෙනත් ලී වර්ග මෙනවාද?
4 වෙස් මුහුණු නිර්මාණයේදී ඒවා වර්ග කෙරේ. එම වර්ග මොනවාද?
5 වෙස්  මුහුණු  නි ර්මාණය ප‍්‍ර ධාන පි යවර නම්කරන්න.
6 වෙස්  මුහුණු  කලාව ප‍්‍රචලිත ප‍්‍රදේශ නම්කරන්න.
7 වෙස් මුහුණු සඳහා භාවිතා කරන දේශීය වර්ණ සාදාගන්නා ආකාරය දක්වන්න.
8 වෙස් මුහුණක මුලින්ම කරන ආලේපය කවර නමකින් හැඳින්වේද? වර්තමානයේ එ් සඳහා භාවිතා කරන්නේ මෙනවාද?
9 වෙස් මුහුණු කපන ශිල්පියා හඳුන්වන නම කුමක්ද?
10 වෙස්  මුහුණුක්  වර්ණ කරන ආකාරය කෙටියෙන්  පහදන් න.
11 වෙස් මුහුණු සමාජ තත්වය/ වයස/ ස්තී‍්‍ර පුරුෂ ආදි චරිත අනුව ඒවාට ආවේනික වර්ණ ඇත. ඒවා නම්කරන්න.
12 ලංකාවේ වෙස් මුහුණු ප‍්‍රදර්ශනයට තබා ඇති රටවල් නම්කරන්න.




සීගිරිය

13 සීගිරි සිතුවම් කුමණ යුගයකට අයත්  වේද?
14 සීගිරි සිතුවම් අයත් වන්නේ  කුමණ සියවසට ද?
15 සීගිරි සිතුවම් සඳහා තේමාව වී ඇත්තේ කුමක් ද?
16 සීගිරි සිතුවම් ඇඳ ඇති ශෛලිය/සම්ප‍්‍රදාය කුමක්ද?
17 සීගිරි සිතුවම් ඇඳීමේ දී භාවිතා කොට ඇති විශේෂ ලක්‍ෂණ මොනවාද?
18 සීගිරි සිතුවම් පිළිබඳ විවිධ මත මොනවාද?
19 සීගිරි ගොඩනගන ලද්දේ  කවර රජෙකු  විසි න්  ද?
20 සීගිරි සිතුවම් කොපමණ සංඛ්‍යාවක් අතීතයේ දකිනට ලැබැබුනේ ද?
21 සීගිරි සිතුවම් කොපමණ සංඛ්‍යාවක් දැනට ඉතිරිව ඇද්ද?
22 සීගිරි සිතුවම්වල භාවිතා කොට ඇති වර්ණ නම් කරන්න.
23 සීගිරි සිතුවම් ඇඳීමට පෙර බිත්තිය සකසා ගෙන ඇත්තේ කෙසේද?
24 සීගිරි සිතුවම් සමාන කමක් දක්වන්නේ ඉන්දියාවේ කුමණ සිතුවම් දම්ප‍්‍රදායකටද?
25 සීගිරිසිතුවම් විකෘති  කිරිමෙන්  පසු  නැවත ප‍්‍රතිසංස්කනය කළේ  කවුරුන්  විසින්  ද?



ඉසුරුමුණිය

26 ශී‍්‍ර ලංකාවේ ඉදිවූ ප‍්‍රථම විහාරස්ථානය ලෙස සැලකෙන ඉසුරුමුණිය කරවුයේ කවුරුන් විසින්ද?
27 ඉසුරුමුණිය දක්නට ලැබෙන් නේ  කිනම් ස්ථානයකද?
28 ඉසුරුමුණිය කැටයම් නම්කරන්න.
29 ඉසුරුමුණිය කැටයම් පල්ලව හා ගුප්ත යන සම්ප‍්‍රදායන්ගේ ආභාසය ලබා ඇත. ඒවා සම්ප‍්‍රදාය අනුව වර්ග කරන්න.
30 ඉසුරුමුණි පෙම්යුවල පිළිබඳ විචාරක මතය කුමක්ද?
31 ඉසුරුමුණිය කැටයම් ඒ අසල ඇති කුමන ස්ථානයක කැටයම් හා සමාන වේද?
32 මිනිසා හා අශ්ව හිස කැටයම පිළිබඳ විචාරක මතය කුමක් ද?
33 දිය නාන ඇත්තු කැටයම ඉන්දියාවේ කවර කැටයමක් සිහිපත් කරයි ද?
34 රජ වාසල කැටයමින්  නිරූපණය වන් නේ  කුමක් ද?
35 ඉසුරුමුණි කැටයම් හි දක්නට ලැබෙන කලාත්මක ලක්‍ෂණ මොනවාද?



 ලාක්‍ෂා කර්මාන්තය

36. ලාක්‍ෂා කෘමියා ලාටු දමන ගස් තුනක් ලියන්න.
37. ලාක්‍ෂා සඳහා ලංකාවේ ප‍්‍රසිද්ධ ස්ථාන 3ක් ලියන්න.
38. ලාක්‍ෂා වලින් අලංකාර කරනු පාරිහාරික භාණ්ඩ 5ක් ලියන්න.
39. ලාකිරි වර්ග කීයක්  තිබේද? ඒවා නම්කරන්න.
40. ලාක්‍ෂා භාණ්ඩ අලංකාර කරන ක‍්‍රම දෙක නම්කරන්න.
41. පට්ටල් ආධාරයෙන් ලාක්‍ෂා සැරසිලි සඳහා යොදාගන්නා නිර්ජීවී මොස්තර 3ක් ලියන්න.
42. ලාක්‍ෂා සඳහා භාවිතා කරන වර්ණ නම් කරන්න.
43. ලාක්‍ෂා කාර්මිකයින් හඳුන්වන්නේ  කවර නමකි න් ද?
44. අතීතයේ ලාක්‍ෂා නිර්මාණකරුවන් සඳහා වෙන් කළ ප‍්‍රදේශය හැඳින්වූ නම කුමක් ද?
45. ලාක්‍ෂා කර්මාන්තය ප‍්‍රචලිත වෙනත්  රටවල්  3ක්  නම්කරන්න.
46. ලාක්‍ෂා නිර්මාණවල දැකිය හැකි සුවිශේෂි ලක්‍ෂණය කුමක්ද?



 පැදුරු කර්මාණ්තය

47. පැදුරු කර්මාණ්තයේ නියැලි සිටියේ කුමන කුලයක අයද?
48. පැදුරු කර්මාණ්තයේ ආරම්භක ස්ථානය වන්නේ කුමණ ප‍්‍රදේශය ද?
49. වර්තමානයේ පැදුරු කර්මාණ්තයේ ආරම්භක ස්ථානය හඳුන්වන්නේ කවර නමකින් ද?
50. දුම්බර පැදුරු (දුම්බර කලාල) සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය මොනවාද?
51. ‘‘පන්නයින් ’’ යනු  කවුරුන් ද?
52. ‘‘කින්නරුන් ’’ යනු  කවුරුන් ද?
53. කින්නර පැදුරු හෙවත්  කින්නර කලාල කොටස්  තුනකට බෙදේ  ඒවා නම්කරන් න.
54. පැදුරු කර්මාණ්තයේ දී පැදුරු වලට අමතරව නිර්මාණය කරනු ලබන වෙනත් පාරිහාරික භාණ්ඩ නම්කරන්න.
55. දුම්බර පැදුරු කර්මාණ්තයේ දී නියඳ කෙඳි සකසාගන්නා ශිල්ප ක‍්‍රම දෙකකි. නම් කරන්න.
56. නියඳ කෙඳ කහපැහැ ගන්වන්නේ  කෙසේ  ද?
57. නියඳ කෙඳි රතු පැහැ ගන්වන්නේ  කෙසේ  ද?
58. පැදුරු කර්මාණ්තයට ආවේනික සාම්ප‍්‍රදායික සැරසිලි මොනවාද?
59. පන් පැදුරු කර්මාණ්තයේ භාවිතා කරනු ලබන මාධ්‍ය මොනවා ද?
60. පන් පැදුරු කර්මාණ්තයේ රතු/ කළු/ කහ/ දම්/ කොළ වර්ණ සාදාගන්නේ කෙසේ ද?
61. පන් පැදුරු කර්මාණ්තයේ නිශ්පාදනය කරනු ලබන භාණ්ඩ මොනවාද?
62. පන් පැදුරු කර්මාණ්තයේ භාවිතා කරනු ලබන මොස්තර රටා නම් කරන්න.
63. පන් පැදුරු කර්මාණ්තය ප‍්‍රචලිත ප‍්‍රදේශ නම්කරන්න.



 බුදු පිළිමවල දක්නට ලැබෙන විශේෂතා

64. බුදු පිළිමවල දක්නට ලැබෙන විවිධ ආසන නම්කරන්න.
65. බුදු පිළිමවල දක්නට ලැබෙන විවිධ මුද්‍රා නම්කරන්න.
66. බුදු පිළිමවල දක්නට ලැබෙන විවිධ ඉරියව් නම්කරන්න.



 අනුරාධපුර යුගයට අයත් බුදු පිළිම - අනුරාධපුරයේ සමාධි බුද්ධ

67. අනුරාධපුරයේ සමාධි බුද්ධ ප‍්‍රතිමාව දක්නට ලැබෙන්නේ කිනම් ස්ථානයක ද?
68. මෙම බුද්ධ ප‍්‍රතිමාව කීවෙනි සියවසට අයත් වේ ද?
69. මෙම බුද්ධ ප‍්‍රතිමාව නිරිමාණය කරන ලද්දේ කවර රජු දවස ද?
70. මෙම බුද්ධ ප‍්‍රතිමාවේ මාධ්‍ය කුමක් ද?
71. මෙම බුද්ධ ප‍්‍රතිමාවේ ආසනය හා මුද්‍රාව නම් කරන්න.
72. මෙම බුද්ධ ප‍්‍රතිමාව නිර්මාණය කිරීමේ දී කවර සම්ප‍්‍රදායක ආභාසය ලැබීඇත්ද?
73. මෙම බුද්ධ ප‍්‍රතිමාව තුළින් දක්නට ලැබෙන සුවිශේෂ ගුණාංග මොනවා ද?



 අවුකන බුද්ධ ප‍්‍රතිමාව

74. අවුකන බුද්ධ ප‍්‍රතිමාව දක්නට ලැබෙන්නේ කිනම් ස්ථානයක ද?
75. මෙම බුද්ධ ප‍්‍රතිමාව කී වෙනි සියවසට අයත් වේ ද?
76. මෙම බුද්ධ ප‍්‍රතිමාව නිර්මාණය කරන ලද්දේ කවර රජු දවස ද?
77. මෙම බුද්ධ ප‍්‍රතිමාවේ මාධ්‍ය කුමක් ද?
78. මෙම බුද්ධ ප‍්‍රතිමාවේ ආසනය හා මුද්‍රාව නම් කරන්න.
79. මෙම බුද්ධ ප‍්‍රතිමාව නිර්මාණය කිරීමේ දී කවර සම්ප‍්‍රදායක ආභාසය ලැබී ඇත්ද?
80. මෙම බුද්ධ ප‍්‍රතිමාව තුළින් දක්නට ලැබෙන සුවිශේෂ ගුණාංග මොනවා ද?
81. මෙම බුද්ධ ප‍්‍රතිමාවේ උස කොපමණ ද?
82. මෙම බුද්ධ ප‍්‍රතිමාවට පසු කාලිනව එක් කළ අංගයක් හිස මත දක්නට ඇත. නම් කරන්න.
83. මෙම බුද්ධ ප‍්‍රතිමාවේ චීවරයේ ස්වභාවය කෙබඳු ද?
84. මෙම බුද්ධ ප‍්‍රතිමාව පිහිටි ගල්  පර්වතයක .................................. උන්නතව නෙලා ඇත. එසේ නෙළු ප‍්‍රතිමා හඳුන් වන විශේෂිත නම කුමක් ද?



 තොලූවිල සමාධි

ප‍්‍රතිමාව

85. තොලූවිල සමාධි බුද්ධ ප‍්‍රතිමාව දක්නට ලැබෙන්නේ කිනම් ස්ථානයක ද?
86. මෙම බුද්ධ ප‍්‍රතිමාව කී වෙනි සියවසට අයත් වේ ද?
87. මෙම බුද්ධ ප‍්‍රතිමාව දැනට දක්නට ඇත්තේ කිනම් ස්ථානයක ද?
88. මෙම බුද්ධ ප‍්‍රතිමාවේ මාධ්‍ය කුමක් ද?
89. මෙම බුද්ධ ප‍්‍රතිමාවේ ආසනය හා මුද්‍රාව නම් කරන්න.
90. මෙම බුද්ධ ප‍්‍රතිමාව තුළින් දක්නට ලැබෙන සුවිශේෂ ගුණාංග මොනවා ද?

නිශ්ශංක ලතා මණ්ඩපය

91. නිශ්ශංක ලතා මණ්ඩපය නිර්මාණය කරවන ලද්දේ කවර රජු විසින් ද?
92. නිශ්ශංක ලතා මණ්ඩපය අයත් වන්නේ කීවෙනි සියවසට ද?
93. නිශ්ශංක ලතා මණ්ඩපය අයත් වන්නේ කුමණ සියවසට ද?
94. නිශ්ශංක ලතා මණ්ඩපය නිර්මාණය කරන ලද්දේ කවර අරමුණක් උදෙසාද?
95. නිශ්ශංක ලතා මණ්ඩපය මධ්‍යයෙහි දක්නට ලැබෙන්නේ කුමක් ද?
96. වාඩිවී වන්දනාවේ යෙදෙන මානව රූප දක්නට ලැබෙන්නේ නිශ්ශංක ලතා මණ්ඩපයේ කවර ස්ථානයක ද?
97. නිශ්ශංක ලතා මණ්ඩපය දිගින් අඩි 34.8 ක් හා පළලින් අඩි 28.8 ක් වන ආයත චතුරශ‍්‍රාකාර වේදිකාව උසි න්  අඩි 4කි . පේ ළි  දෙකට ගල්  කණු  .................. බැගින්  ගල්  කණු  ................. කි . එහි එක්  කනුවක උස අඩි .......................කි .
98. නිශ්ශංක ලතා මණ්ඩපය වට කොට ඇත්තේ කුමකින් ද?
99. නිශ්ශංක ලතා මණ්ඩපයේ ගල් කණුවක හැඩය කෙබඳුද?
100. එම ගල් කණු මත පේකඩ ස්වරූපයෙන් දක්නට ලැබෙන්නේ මොනවාද?
101. එම ගල් කණුවල කුළුණු ශීර්ෂය නිර්මාණය කොට ඇත්තේ කෙසේ ද?
102. ගල්  කණු  8න්  යුත්  මෙම ආයත චතුරශ‍්‍රාකාර ගොඩනැගිල්ල අතීතයේ  .............................. දරා සිටි බවට සාක්‍ෂි ඇත.




පොළොන්නරු වටදාගේ

103. පොළොන්නරු වටදාගේ දක්නට ලැබෙන්නේ කිනම් ස්ථානයක ද?
104. පොළොන්නරු වටදාගේ කරවන ලද්දේ කවර රජු විසින් ද?
105. මෙම ස්ථානයෙන් හමුවන වැදගත් නිර්මාණ මොනවාද?
106. මෙහි  දාගැබ වටා සිව් දිශා ..................... බුද්ධ ප‍්‍රතිමා ..................... කි . ඇඟට ඇළුණු  ...................... එක්  රේඛාවකින්  දක්වා ඇති  අතර හිසකේ  රහිත සිරසෙහි  ............................... දක්වා ඇත.
107. මෙහි සලපතල මළුවෙහි නිර්මාණය කොට ඇති අලංකාර මල් මෝස්තරය කුමක් ද?
108. මෙම වටදාගෙය තුළ සළපතල මළු කීයක් දක්නට ලැබේද?
109. මෙම වටදාගේ තුළට පිවිසීමේ දොරටු 5කි. ඒවා අලංකාර කොට ඇති නිර්මාණාංග මොනවාද?
110. වටදාගෙයක් යනු කුමක්ද? එය හැඳින්වීමට භාවිතා කරන වෙනත් නම් මොනවාද?

පහත වාක්‍යාංශවල අර්ථය පැහැදිලි වනසේ වාක්‍ය බැගින් නිර්මාණය කරන්න.

111. සන්නිදර්ශන චිත‍්‍ර
112. අඛණ්ඩ කථන ක‍්‍රමය
113. නියපොතු  වැඩ
114. මේධිය
115. වෙස්  මුහුණු
116. එග් ටෙම්පරා
117. චිත‍්‍ර වලි  (රූපන චිත‍්‍ර *
118. 43 කණ්ඩායම
119. ටැම්පිට විහාර
120. මඩොල් කුරුපාව
121. පැපිරස්
122. රූපාක්‍ෂර
123. ආනන්ද කුමාරස්වාමි
124. වලිත්ති
125. මකර රුව
126. පංච නාරි ඝඨය
127. පර දුක්ඛ දුක්ඛිත
128. සකපෝ රුව
129. ස්ක‍්‍රයිබ්
130. ගනේශ්වරාචාර්ය
131. තාන්ඩව
132. මිනාර්
133. ටෙම්පරා
134. ඩොරික්
135. බෝධිඝර
136. ග‍්‍රැෆික් චිත‍්‍ර
137. සඳකඩ පහන
138. පතඟි  ලී
139. පේ කඩ
140. විජයොත්පාය
141. වංකගිරිය
142. පන්නයින්
143. නිරූඪ
144. වාහල්කඩ
145. හර්මිකාව
146. තිවංක
147. කොලාජ්
148. නියඳ
149. සාදිලිංගම්
150. දේවතා කොටුව
151. ගජසිංහ
152. නරසිංහ
153. සැරපෙන් ඩියා
154. ඇත්කඳලිහිණියා
155. නරසිංහ
156. මඩොල්කුරුපාව
157. ග‍්‍රැනේට්
158. වෘෂභ කුඤංජරය
159. ක්යාරස්කි්‍යුරෝ
160. ආබද්ධ

සියලුම ප‍්‍රශ්න වලට පිළිතුරු ලියන්න. මම පසුව උත්තර පත‍්‍රය දමනවා.

ශී‍්‍ර ධීරානන්ද විද්‍යායතන පිරිවෙන තැඹිලිගස්මුල්ල - චිත‍්‍ර කලාව - භාරත කුමාර රූපසිංහ

ආයුබෝවන් දරුවනේ

නර්තනය - සතර අභිනය

විෂයය - නර්තනය
පාඩම - සතර අභිනය
ගුරු භාවතා - ආර්.ඩී. හේවාවිතාරණ
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/21
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 1.00-3.00
-------------------------------------------------------





මම දැන් දාන සටහන සටහන් පොතේ ලියාගන්න ...













මම සටහන දාපු විදිහට සටහන් පොතේ සටහන් කර  ගන්න ..

ඔයාලගේ විෂය නිර්දේශයට           අයත් සටහන තමා ඉහත තිබෙන්නේ ...

පහත කෙටි සටහන බලන්නකෝ ....

















මම එවන්නම් වීඩියෝ එකක් .. බලන්නකෝ ...



මොනව හරි ගැටලුවක් ඇත්නම් විමසන්න0719757195 ....

අපි තවත් පාඩමකින් නැවතත් හමුවෙමු ... තෙරුවන් සරණයි !!!

ආයුබෝවන් 🙏🙏🙏

සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...