Thursday, 14 May 2020

සිංහල භාෂාව හා සාහිත්‍යය - ගුත්තිල කාව්‍ය V

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය

පාඩම - ගුත්තිල කාව්‍ය
පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/14
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00- 4.00
------------------------------------------------------------




හොඳයි පුතේ අපි සාහිත්‍ය පාඩම පටන් ගමු ද.......



21
වෙණ නද =   වීණා නාදයේ, රස් = රසය,   සුලභව = බොහෝ සේ,  සවන් යොදා = කණින් අසා, සකොබව = කලබල සිත්,  නදා එකඟ සිත් වන ලෙස =  සතුටින් එකඟ සිත් ඇති වන කල්හි,   සදා කුලය = තම ජාතියෙහි,  නොහැර = අත් නො නොහැර,  අසුබ ව එන =  අසුබව එන,  රිලවුන් සන්සල බව = රිලවුන්ගේ චංචල භාවය, එදා ගියේ = එදින නැති ව ගියේ ය.


22
 එමාසත්‍හු =  ඒ මහා සත්වයන්ගේ,  අසමානය =  සමාන නොවූ,  එනදට = ඒ වීණා නාදයට, කොවුලෝ උපමානය = කොවුලන්ගේ හඬ උපමා වශයෙන්,  සමා නොවෙති = සමාන නොවෙති,  එයින් = එහෙයින්,  තමන් නද = තමන්ගේ නාදය,  මිහිරැයි = මිහිරියැයි" යන මානය දමා = යන ආඩම්බර ඉවත දමා, අවමානය වින්දෝ = අවමන් වින්දේ ය.


23
අසන රිසින් = අසන ආශාවෙන්,   නයි කැල =  නාග සමූහයා,  ඔසළෝ හ් = පැමිණියෝ ය,  ඔවුන වෙතම = ඔවුන් ළඟ ම,  ගුරුළෝයා සිටිනා = සිටි ගුරුළෝ ද,  වයන එ වෙණ නද = වාදනය කරන එම වීණා නාදය,  ලොබ කෝළෝ යා =  ආසා කළහ, එදින වයිර සිත =  එදා වෛර සිත,  සිහි නොකළෝ යා = සිහි නොකළහ.


24
දන මන බැඳී = ජනතාවගේ සිත් බැඳගත්,   වැනුමෙහි ඇදුරෝයා = වාදනයෙහි ගුරු වූ,  මදුරෝයා = මිහිරි වූ,   සත්සර වෙණ නද = සප්ත ස්වර වෙණ නදය,  විඳී = වින්දනය කළා වූ,  සතොසින් රැඳී  = සන්තෝසයෙන් පිනා ගියා වූ,  සැනහුණු ඉඳුරෝයා = සන්සුන් ඉඳුරන් ඇති,  කිඳුරෝයා =  කිඳුරෝ,  වැදි දන =  වැදි ජනතාවගේ, සිරි ගත්තුය =  ස්වභාවය ගත්හ.


25
  සතොස් කරන = සතුටුට හේතු වූ, වීණා නද = වීණා නාදය,  ඇසුමට = අසන්නට, ගොදුරට = ගොදුරු පිණිස, නො ගොස් සිටින = නොගොසින් සිටින, පිල්බර ගණ = මොනර සමූහයා, වෙසෙස් රුවින් = විශේෂ වූ රූපයකින්, තමා මැවුවත් = තමාගේ මැවීම කලත්, සඳැස් = පිල්වල ඇස්, සවන් නොකළැයි = කන් බවට පත් නොකළේ යැයි, නොසතුට වූ = සතුටු නොවුහ.




පහත සඳහන් පදවල සරල අර්ථය ලියන්න
1 පරම්පරා ශබ්දයෙන් -
2 දඬුවැට පහන් -
3 පසමිතුරා -
4 විධ්වංසනය -
5 හැළලී ගිය -
7 තෝමරාදි -
8 කාහළ -
9 ග්‍රීවයෙන් ග්‍රීවය -
10 නානා වර්ණ ධ්වජ -
11 හියොවුරු -
12 උපලක්ෂිත වූ -
13 රිය සක -
14 මුළු කොට -
15 පිටිවහල් ලදින් -
16 විදුරසුන් -
17 ව්‍යාජයෙන් -
18 ප්‍රත්‍යන්ත -
19 තල්පැන් පලක් -
20 කරවාල -

1 සරල බස් වහරක් භාවිතයත්
2 කාව්‍යමය වියත් වහර භාවිතයත්
යන කරුණු අපූර්ව අවස්ථා නිරූපණයකට මඟ පාදා ඇති අයුරු උදාහරණ දෙකක් දෙමින් උම්මග්ග ජාතකය ඇසුරින් පැහැදිලි කරන්න.


සිංහල භාෂාව හා සාහිත්‍යය - කාව්‍ය නිර්මාණකරනය

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය
පාඩම - කාව්‍ය නිර්මාණකරනය
පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/14
පන්තිය පැවැත්වූ වේලාව - පෙ.ව. 8.00- 11.00
------------------------------------------------------------

දරුවනේ අපි සීංහල පන්තීය පටන් ගනිමූ .......

















 

  



Wednesday, 13 May 2020

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය - 4 පාඩම

විෂයය - ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පාඩම -  4 පාඩම
ගුරු භාවතා - උපුල් ප්‍රියන්ත
දිනය - 2020/05/13
වේලාව - ප.ව. 2.00 - 4.00
---------------------------------













පුරවැසි අධ්‍යයනය - බහු සංස්කෘතික සමාජය

විෂයය - පුරවැසි අධ්‍යයනය
පාඩම - බහු සංස්කෘතික සමාජය
ගුරු භාවතා - මලිත අතුකෝරල
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/13
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00-4.00
--------------------------------------------------------











English - Affixes

Subject - English
Lesson - Affixes
Teacher - Chamira Welivitigoda
Date - 2020/05/13
Time - 8.00 a.m.-10.00 a.m.
----------------------------------



Good Morning, children...

Today you are going to use the affixes to change the word class and the meaning of words.

First of all listen to this audio...

Audio 1 🔊






Now turn in to page 30 of the pupil's book   and read the words in bold letters.




Audio 2 🔊

Audio 3 🔊

Tuesday, 12 May 2020

ගණිතය - පළමු වාර පරීක්ෂණය 2019, 2 කොටස , දකුණු පළාත

විෂයය  - ගණිතය
පාඩම - පළමු වාර පරීක්ෂණය 2019, 2 කොටස, දකුණු පළාත 
ගුරු භාවතා - චාමර අමරසිංහ
දිනය - 2020/05/12
වේලාව - පෙ.ව. 8.00 - 11.00 සහ ප.ව. 2.00 - 4.00
-----------------------------------------------------------

සුභ උදෑසනක් වේවා පුතාලා හැමෝටම. 🙏

ඔබට මතක ඇති අපි පසුගිය සතියේ දකුණු  පළාත් 1 වන වාර ප්‍රශ්න පත්‍රයේ 1 වන කොටස සාකච්ඡා කර අවසන් කළා.

අද අපි එයට අදාල දෙවන කොටස 8 - 11 දක්වා කාලයේ දී සාදමු.

ඊට අදාළව ගැටලු 2 - 4 දක්වා නිරාකරණය කර ගනිමු.





පිළිතුරු ලිවීම පෙ.ව.8.00 ට ආරම්භ කරන්න .

හොඳයි පුතාලා පිළිතුරු ලිවීමට හා ලියපු පිළිතුරු මා වෙත online  එවීමට ලබා දුන් කාලය දැන් අවසන් .

ඔබගේ පිළිතුරු , දකුණු පළාත් උත්තර පත්‍රය සහ ඊට අදාල ලකුණු ලබා දීමේ ක්‍රියාපටිපාටිය  සමඟ සසඳා බලන්න. 

ගැටලුවක් ඇත්නම් දැන් මා සමඟ online සම්බන්ධ වන්න.






දිගින් දිගට මා සමඟ සක්‍රීයව සම්බන්ධ වෙමින් ගණිත ගැටලු විසදා ගැනීමට ඔබ දැරූ උත්සාහය ඉතා අගය කරමි. නැවතත් මෙවැනිම ආකාරයකින් හමුවෙමු . එතෙක් ඔබට 🙏🙏🙏

මම ඔබගේ චාමර සර්

Monday, 11 May 2020

විද්‍යාව - රසායනික බන්දන III

විෂයය - විද්‍යාව
පාඩම - රසායනික බන්දන III 
ගුරු භවතා - ජානක පුෂ්ප කුමාර මහතා
දිනය - 2020/05/11
වේලාව - පෙ.ව.8.00 - 10.00 සහ ප.ව. 2.00-4.00
----------------------------------------------------------

දරුවෝ හැමෝටම සුභ උදෑසනක්.

අද ඔයාලගේ විද්‍යාව පාඩම. අද අපි රසායනික බන්ධන පාඩමේ අවසාන කොටස ඉගෙනගමු.
 රසායනික බන්ධන පාඩම අවසාන කොටසට අදාළ වීඩියෝ පටයක් මම ඔයාලට ලබාදෙන්නම්. එම වීඩියෝව නරඹා අපි පෙළ පොතේ ඇති අභ්‍යාසයේ ඉතුරු කොටස කරමු.
උදෑසන 8 - 10 කාලයට අදාළව වීඩියෝ පටය නැරඹීම සහ අභ්‍යාසය සදහා පිළිතුරු ලිවීම සිදු කරමු.
 සවස 2-4 අතර කාලය තුළ අපි තුන්වන පාඩමට අදාල ‍ප්‍රශ්ණ පත්‍රයක් සඳහා පිළිතුරු ලියමු.

පාඩමට අදාල වීඩියෝ පටය නැරඹීම සඳහා මෙම link එක භාවිත කරන්න




පාඩම සම්බන්ධයෙන් හෝ අභ්‍යාසය සම්බන්ධයෙන් දරුවන්ට යම් ගැටළුවක් ඇත්නම් උදෑසන 08.30 න් පසුව මාගේ 0713974590 අංකයෙන් ඇති පෞද්ගලික ගිණුම හා සම්බන්ධ වන්න.
    (ජානක සර්)

Audio 1 🔊

Audio 2 🔊

උදෑසන 9.30 වනවිට අභ්‍යාසයෙහි 8 ,9 ,10 ප්‍රශ්න සඳහා පිළිතුරු මා ඔබට ලබාදෙන්නම්. ඊට පෙර ඔබ ලියූ පිළිතුරු පත් මා වෙත යොමු කරන්න.

ඔන්න දරුවනේ 8, 9 ,10 ප්‍රශ්ණ සඳහා පිළිතුරු ටික



එහෙනම් දරුවනේ උදෑසන විද්‍යයාව සඳහා වෙන් වූ කාලය අවසන් ව ඇති බැවින් අපි නැවත සවස දෙකට හමුවෙමු. එහිදී මා ඔබට විද්‍යාව පොතේ තුන්වන පාඩමට අදාල ප්‍රශ්න පත්‍රයක් ලබා දෙන බැවින් එම පාඩම හොඳින් අධ්‍යයනය කර සවස දෙක වන විට නැවත මා හා සම්බන්ධවන්න.

සුභ සන්ධ්‍යාවක් දරුවනේ...

 මම හිතනවා ඔයාලා තුන්වෙනි පාඩම හොදින් අධ්‍යනය කරන්න ඇති කියලා. ඉතින් දරුවනේ දැන් ඔයාලා  මම දෙන ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු ලියන්න පටන් ගන්න.
 ප්‍රශ්න පත්‍රයේ යම් ගැටළුවක් ඇත්නම් මාගේ පෞද්ගලික ගිණුම මගින් දන්වන්න.
පිළිතුරු ලියා අවසන් වූ විට ඔබගේ පිළිතුරු පත් මා හට ලැබීමට සලස්වන්න.

Note 1 📚

අද දවසේ විද්‍යාව පාඩම සඳහා දරුවන් බොහෝමයක් ඉතා උනන්දුවෙන් සහභාගී වූ අතර ඉදිරි දින වලදීත් විද්‍යාලයේ කටයුතු සඳහා උනන්දුවෙන් සහභාගී වන්න. අද දිනට නියමිත විද්‍යාව පාඩමේ වැඩ කටයුතු මෙතැනින් නිමාවන අතර ඔබ සැමට තෙරුවන් සරණයි.

( ජානක සර්)

සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...