අක්ෂර වින්‍යාසය
01. න / ණ , ල / ළ භාවිතය
ණ භාවිතය
(1) ර/ෂ/ඍ යන අක්ෂරයකට පසුව කිසියම් වචනයක ණ යෙදේ නම් එය මුර්ධජ ණ වේ.
ex.
දෙරණ / සරණ / මරණය / විවරණ / විෂ්ණු / පාෂාණ / භක්ෂණ / ලක්ෂණ /තෘණ / ඍණ
(2)ර/ෂ/ඍ යන අක්ෂරයකට පසු පහත සදහන් අකුරක් හෝ කිහිපයක් යෙදුනද ණ මූර්ධජ වේ
I. ක වර්ගය ( ක,ඛ,ග,ඝ,න)
II. ප වර්ගය (ප,ඵ,බ,භ,ම)
III.ස්වර
IV. හ්/ව්/ය්
ex.
තර්කණ , දර්පණ , නිර්මාණ , බ්‍රාහ්මණ , විෂ්කම්භණ , රාමායණය
**ඉහත කී අකුරු වලින් පසුව I,II,III,IV යන අකුරු වලට වඩා වඩා වෙනස් අකුරක් හෝ කීපයක් යෙදුනු විට න දන්තජ වේ.
ex.
මර්දනය , නර්තන , ආරාධනා , දර්ශනය , ප්‍රාර්ථනා , ප්‍රශ්න , රචනාව , පරිවර්තනය
**ර කාරාන්ත ධාතු වලින් සෑදෙන වර්ථමාන කෘදන්ත පද වල න කාරය දන්තජ වේ.
ex.
හදාරන , කරන , මරන , මතුරන
(3)මාතෘ භාෂාගත පාලි-සංස්කෘත වචනයක මූර්ධජ අකුරකට පූර්වයෙන් බොහෝ විට යෙදෙන්නේ මූර්ධජ ණ වේ.
ex.
කණ්ටක , කොණ්ඩය , දණ්ඩ , ඝණ්ඨාව , බණ්ඩාර , කණ්ඨජ , පණ්ඩිත , පුණ්ණ
**මෙයට විකල්පව භවිතා වන වචන කීපයකි.
ex.
බ්‍රැන්ඩි , ඇන්ටනා
(4)ගෞරවාර්තයේ යෙදෙන ආණ , අණු , අණි , අණ්ඩි , අණ්ඩ යන තද්ධ්ත ප්‍රත්‍ය සහිත පද වල මූර්ධජ ණ යෙදේ.
ex
පුතණුවෝ , තෙරණුවෝ , සිටාණ , මෑණියෝ , අයියණ්ඩි , මලණ්ඩ
(5)බහු වචනයේදී හල් වන න කාරය සහිත පද දන්තජ න සහිත වේ.
ex.
කන-කන් , පින-පින් , රෑන-රෑන් , නුවන-නුවන් , පෑන-පෑන්
**න / ණ යෙදීම නිසා අර්ථය වෙනස් වන පද රාශියක්ද සිංහලයේ ඇත.
ex.
කණ-එකැස් , කන-සවන
නුවණ-බුද්ධ්ය , නුවන-ඇස්
ළ භාවිතය
(1) ර කාරන්ත ධාතුවකින් සෑදෙන අතීත ක්රියාරූපවල ර වෙනුවට යෙදෙනුයේ මූර්ධජ ළ කාරයයි.
මර--->මළේය
හදාර-->හදාළේය
මතුර-->මතුළේය
වදාර-->වදාළේය
වපුර-->වපුළේය
අතුර-->අතුළේය
(2) ට / ඨ / ඩ / ණ අක්‍ෂර යුතු මාතෘ භාෂාවක අක්‍ෂරයක් සිංහලයට එන විට සිංහලයේ යෙදෙනුයේ මුර්ධජ ළ කාරයයි.
දාඨා-->දළ
ක්‍රීඩා-->කෙළි
කිරීට-->කිරුළ
පඨවි-->පොළව
සාඨක-->සළුව
වාණිජ-->වෙළද
(3) ල කාර දෙකක් එක ළග යෙදෙන විට මුර්ධජ ල පළමුව යෙදීම සාමාන්‍ය රීතියයි.
උළෙල
කළල
සළෙල
(4) සඤ්ඤක අකුරකට පෙර යෙදෙන ල මුර්ධජ වේ.
ළිදළග
ළද
වෙළඹ
දිළිඳු
(5) ද්විත්ව වී අරුත් දෙන ල යෙදූ පදවල යෙදෙන්නේ දන්තජ ල කාරයයි.
සියලු-->සියල්ල
මලු-->මල්ල
කඩුලු-->කඩුල්ල
පොලු-->පොල්ල
** එසේ නොවන විට
ගැටළු
(6) ල /ළ යෙදීම නිසා අර්ථය වෙනස් වන පද
අළු (පාට) --------අලු (ආලෝකය)
පැළ(ශාක)--------පැල (පොඩි ගෙය)
03. ශ /ෂ /ස භාවිතය
ශ භාවිතය
(1) බොහෝ විට තාලුජ අක්‍ෂරයක් සමග සංයෝජනය වනුයේ ශ කාරයයි.
තාලුජ අක්‍ෂර :- ච , ඡ , ජ , ඣ ,ඤ
දුශ්චරිත ,ආශ්චර්ය , නිශ්ශබ්ද , නිශ්ශංක
(2) තාලුජ අක්‍ෂරයක් නොමැති තන්හිද තාලුජ ශ යෙදෙන තැන් ඇත.
අනුශාසනා , විශාරද , ක්ලේශ , ශ්‍රවණ
(3) ඇතැම් විට “ව” යන්නට මුලින් යෙදේ.
විශ්වාස , ඊශ්වර , විශ්වය , අශ්වයා
(4) ශ / ස සංයෝජනයේදී තාලුජ ශ මුලින් යෙදේ.
ප්‍රශස්ති , ශාස්ත්‍රාලය , ශාසනය
(5) ශ / ෂ සංයෝජනයේදී තාලුජ ශ මුලින් යෙදේ.
ශිෂ්ටාචාර , විශේෂ , විශිෂ්ට , ශිෂ්‍යයා
ෂ භාවිතය
(1) මුර්ධජ අක්ෂරයකට පුර්වයෙන් මුර්ධජ ෂ යෙදේ.
විෂ්ණු , නෂ්ට , දෘෂ්ටි , අෂ්ටලෝක , ක්‍රිෂ්ණජිනා
(2) ක සමග සංයෝග වන්නේ මුර්ධජ ෂ වේ.
අක්‍ෂර , දුෂ්කර , පරීක්ෂණ , තීක්ෂණ
(3) ඇතැම් විට ප බලපෑම නිසා ෂ යෙදේ.
නිෂ්පාදන , නිෂ්ප්‍රභා , නිෂ්පත්තිය
*ඉෂ්ඨ ප්‍රත්‍ය සහිත වචන*
කන් + ඉෂ්ඨ = කනිෂ්ඨ
ජ්‍යා + ඉෂ්ඨ = ජ්‍යෙෂ්ඨ
ශ්‍රා + ඉෂ්ඨ = ශ්‍රේෂ්ඨ
පාප + ඉෂ්ඨ = පාපිෂ්ඨ
ධර්ම + ඉෂ්ඨ = ධර්මිෂ්ඨ
04. තද්ධිත ප්‍රත්‍ය භාවිතය
වත් / මත් ප්‍රත්‍ය භාවිතය
වත් ප්‍රත්‍ය භාවිතය
ප්‍රත්‍යය එකතු වීමට පුර්වයේ ඇති නාම පදය අ / ආ /ඇ යන ස්වර වලින් හා හල් අකුරකින් අවසන් වන පද සමග යෙදේ
ආදර්ශ (අ) +වත් = ආදර්ශවත් ප්‍රබෝධ (අ) + වත් = ප්‍රබෝධවත්
ප්‍රභා (ආ) + වත් =ප්‍රභාවත් සෝභා (ආ) + වත් = සෝභාවත්
සැදැහැ (ඇ) +වත් =සැදැහැවත්
පින් (්) +වත් = පින්වත්
මත් ප්‍රත්‍ය භාවිතය
උ / ඌ /ඉ /ඊ යන ස්වර වලින් අවසන් පද සමග මත් ප්‍රත්‍ය යෙදේ.
දිරි (ඉ) + මත් = දිරිමත්
බි (ඊ) + මත් = බිමත්
ඉසුරු (උ) +මත් =ඉසුරුමත්
රූ (ඌ) මත් =රූමත්
ඉක /ඊය ප්‍රත්‍ය භාවිතය
ප්‍රත්‍ය එකතු වන නාම පදයේ මුලින් ඇති ස්වරය වෘදධි වේ.
අ > ආ
පරිසර + ඉක =පාරිසරික
සමාජ + ඉක =සාමාජික
ඉ > ඓ
ඉතිහාස + ඉක = ඓතිහාසික
දින + ඉක= දෛනික
උ > ඖ
පුද්ගල + ඉක =පෞද්ගලික
පුරාණ + ඉක =පෞරාණික
*වෘද්ධි නොවන පද ස්වල්පයක්ද වේ.*
ක්ෂණික , රසායනික , රසික ,පන්තික , සංස්කෘතික , ව්‍යවහාරික
05. සන්ධි වන පද වල අක්‍ෂර වින්‍යාසය
දීර්ඝ සන්ධිය
බුද්ධි + ඉන්ද්‍රිය =බුද්ධීන්ද්‍රිය
රිද්ම + අනුකුල = රිද්මානුකුල
අන්තඃ ස්වරාදේශ
අති + අලංකාර = අත්‍යලංකාර
අති + අවශ්‍ය = අත්‍යවශ්‍ය
නීති + අනුකුල =නීත්‍යනුකුල