Monday, 11 May 2020

විද්‍යාව - රසායනික බන්දන III

විෂයය - විද්‍යාව
පාඩම - රසායනික බන්දන III 
ගුරු භවතා - ජානක පුෂ්ප කුමාර මහතා
දිනය - 2020/05/11
වේලාව - පෙ.ව.8.00 - 10.00 සහ ප.ව. 2.00-4.00
----------------------------------------------------------

දරුවෝ හැමෝටම සුභ උදෑසනක්.

අද ඔයාලගේ විද්‍යාව පාඩම. අද අපි රසායනික බන්ධන පාඩමේ අවසාන කොටස ඉගෙනගමු.
 රසායනික බන්ධන පාඩම අවසාන කොටසට අදාළ වීඩියෝ පටයක් මම ඔයාලට ලබාදෙන්නම්. එම වීඩියෝව නරඹා අපි පෙළ පොතේ ඇති අභ්‍යාසයේ ඉතුරු කොටස කරමු.
උදෑසන 8 - 10 කාලයට අදාළව වීඩියෝ පටය නැරඹීම සහ අභ්‍යාසය සදහා පිළිතුරු ලිවීම සිදු කරමු.
 සවස 2-4 අතර කාලය තුළ අපි තුන්වන පාඩමට අදාල ‍ප්‍රශ්ණ පත්‍රයක් සඳහා පිළිතුරු ලියමු.

පාඩමට අදාල වීඩියෝ පටය නැරඹීම සඳහා මෙම link එක භාවිත කරන්න




පාඩම සම්බන්ධයෙන් හෝ අභ්‍යාසය සම්බන්ධයෙන් දරුවන්ට යම් ගැටළුවක් ඇත්නම් උදෑසන 08.30 න් පසුව මාගේ 0713974590 අංකයෙන් ඇති පෞද්ගලික ගිණුම හා සම්බන්ධ වන්න.
    (ජානක සර්)

Audio 1 🔊

Audio 2 🔊

උදෑසන 9.30 වනවිට අභ්‍යාසයෙහි 8 ,9 ,10 ප්‍රශ්න සඳහා පිළිතුරු මා ඔබට ලබාදෙන්නම්. ඊට පෙර ඔබ ලියූ පිළිතුරු පත් මා වෙත යොමු කරන්න.

ඔන්න දරුවනේ 8, 9 ,10 ප්‍රශ්ණ සඳහා පිළිතුරු ටික



එහෙනම් දරුවනේ උදෑසන විද්‍යයාව සඳහා වෙන් වූ කාලය අවසන් ව ඇති බැවින් අපි නැවත සවස දෙකට හමුවෙමු. එහිදී මා ඔබට විද්‍යාව පොතේ තුන්වන පාඩමට අදාල ප්‍රශ්න පත්‍රයක් ලබා දෙන බැවින් එම පාඩම හොඳින් අධ්‍යයනය කර සවස දෙක වන විට නැවත මා හා සම්බන්ධවන්න.

සුභ සන්ධ්‍යාවක් දරුවනේ...

 මම හිතනවා ඔයාලා තුන්වෙනි පාඩම හොදින් අධ්‍යනය කරන්න ඇති කියලා. ඉතින් දරුවනේ දැන් ඔයාලා  මම දෙන ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු ලියන්න පටන් ගන්න.
 ප්‍රශ්න පත්‍රයේ යම් ගැටළුවක් ඇත්නම් මාගේ පෞද්ගලික ගිණුම මගින් දන්වන්න.
පිළිතුරු ලියා අවසන් වූ විට ඔබගේ පිළිතුරු පත් මා හට ලැබීමට සලස්වන්න.

Note 1 📚

අද දවසේ විද්‍යාව පාඩම සඳහා දරුවන් බොහෝමයක් ඉතා උනන්දුවෙන් සහභාගී වූ අතර ඉදිරි දින වලදීත් විද්‍යාලයේ කටයුතු සඳහා උනන්දුවෙන් සහභාගී වන්න. අද දිනට නියමිත විද්‍යාව පාඩමේ වැඩ කටයුතු මෙතැනින් නිමාවන අතර ඔබ සැමට තෙරුවන් සරණයි.

( ජානක සර්)

Sunday, 10 May 2020

කෘෂි හා ආහාර තාක්ෂණය - පාංශු පුනරිත්ථාපනය

විෂයය - කෘෂි හා ආහාර තාක්ෂණය
පාඩම - පාංශු පුනරිත්ථාපනය 
ගුරු භාවතා -   සංජිව රුවන්පුරගේ
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/10
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00-4.00
-------------------------------------------------------




Audio 1

කෘෂි හා ආහාරතාක්ෂණය පිලිතුර 0710310806 ට යොමු කරන්න



සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය - 6 පාඩම

විෂයය - සෞඛ්‍ය හා ශාරීරික  අධ්‍යාපනය
පාඩම - 6 පාඩම 
ගුරු භාවතා -  ප්‍රදීප් නිශ්ශංක
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/10
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00-4.00
--------------------------------------------------------



10 වසර සෞඛ්‍ය කරන දරුවන් හැමෝම  6 වන පාඩම කියවා ගන්න ඕන මුලින් ම.සැම  මාතෘකාවකටම කෙටි සටහන් ලියල පාඩම අවසානයේ ඇති ප්රශ්න වලට පිළිතුරු ලියන්න.ඔබගේ පිළිතුරු මට එවන්න ඕන හොඳද.0711430650

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - විද්‍යුත් පැතුරුම්පත් - ගණනය කිරීම සඳහා ශ්‍රිත භාවිතය

විෂයය - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
පාඩම - විද්‍යුත් පැතුරුම්පත් - ගණනය කිරීම සඳහා ශ්‍රිත භාවිතය
ගුරු භාවතා -  ප්‍රදීප් හේරත්
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/10
පන්තිය පැවැත්වූ වේලාව - පෙ.ව. 11.00-1.00
--------------------------------------------------------


ආයුබෝවන් දරුවනේ...
අද අපි ඉගෙන ගන්න යන්නේ  10 ශ්‍රේණිය ICT විෂයට අදාල විද්‍යුත් පැතුරුම්පත් පාඩමේ "ගණනය කිරීම සඳහා ශ්‍රිත භාවිතය" යන කොටසයි.

මේ වන විට අපි විද්‍යුත් පැතුරුම්පත් පාඩමේ Microsoft Excell 2010 මෘදුකාංගයේ අතුරුමුහුණත හා එම මෘදුකාංගයෙන් ගණිතමය මෙහෙයවන භාවිතා කරමින් සරල ගණනය කිරීම් සිදු කරන ආකාරය ගැන කතා කලා.

අද දින "ගණනය කිරීම සඳහා ශ්‍රිත භාවිතය" යන කොටස අධ්‍යනය කිරීම සදහා මම වීඩියෝවක් පහත link එකෙන් මගින් ඉදිරිපත් කරන්නම්.

https://learntv.lk/video/grade-10/ict/ict-10-03-08-512k.mp4

SUM, AVERAGE, MAX, MIN, COUNT යන ශ්‍රිත විද්‍යුත් පැතුරුම්පත් තුළ භාවිතා කරන්නේ කෙසේද යන්න හා ඒවායේ ක්‍රියාකාරීත්වය සාකච්ඡා කරයි.

පෙළ පොතේ පිටු අංක 214 සිට 218 දක්වා වූ කොටස් මෙමගින් අධ්‍යනය කෙරේ.

දැන් පිටු අංක 218 ඇති ක්‍රියාකාරකම සිදු කරන්න.


බුද්ධධර්මය - රුදුරු මිනිසුන් අතර වෙමු අපි සොදුරු මිනිසුන්

විෂයය - බුද්ධධර්මය
පාඩම - රුදුරු මිනිසුන් අතර වෙමු අපි සොදුරු මිනිසුන්
ගුරු භාවතා -  නිශාන්ත ලාල් රණසිංහ
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/10
පන්තිය පැවැත්වූ වේලාව - පෙ.ව. 9.00-11.00 
-----------------------------------------------------------





Audio 1 🔊







Audio 2 🔊

Audio 3 🔊

Saturday, 9 May 2020

සංගීතය - කපිරිඤ්ඤා සංගීත සම්ප්‍රදාය

විෂයය - සංගීතය
පාඩම - කපිරිඤ්ඤා සංගීත සම්ප්‍රදාය
ගුරු භාවතා -  රංග ගුණවර්ධන
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/09
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 3.00-5.00
---------------------------------------------------------




10 ශ්‍රේණියේ දරුවො හැමෝටම සුභ සන්ධ්‍යාවක් වේවා. අපි දැන් සංගීත පාඩමට සූදානම් වෙමු.

මෙම පාඩම ව්‍යවහාරික සංගීතය කොටසේ සටහන් කරගන්න.

කපිරිඤ්ඤා සංගීත සම්ප්‍රදාය

ක්‍රි.ව.1505 දී පෘතුගීසින් විසින් ශ්‍රී ලංකාව යටත් විජිතයක් බවට පත් කර ගනිමින් පෘතුගීසින්ගේ ආධිපත්‍යය මෙරට බල පැවැත්වුනි.පෘතුගීසින්ගේ බලය ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ පුරා ව්‍යාප්ත වීම සිදුවිය.පෘතුගීසින්ගේ වහල් මෙහෙයට පැමිණි "කාපිරි" ජනයා අතර ප්‍රචලිත වූ ගීත සම්ප්‍රදායක් ලෙස කපිරිඤ්ඤා සංගීතය හැදින්විය හැක.පෘතුගීසින්ගේ යුධමය කටයුතු සදහා සේවය කල කාපිරි ජනතාව ඔවුන්ගේ විනෝදාස්වාදය සදහා මෙම කපිරිඤ්ඤා ගීත ගායනා කරන ලදී.පසුකාලීනව කාපිරි ජනතාව සහ පෘතුගීසින් ද සිංහල ගැමි ජනයාද ඒකරාශි වී කපිරිඤ්ඤා සංගීතය ගීත සම්ප්‍රදායක් ලෙස ලාංකීය ව්‍යවහාරික සංගීතය තුළ නිර්මාණය විය.මෙම ගීත ස්පාඤ්ඤ භාෂාවෙන් රචනා වී නිර්මාණය වූ ගීත ශෛලියකි.කපිරිඤ්ඤා ගීත වල සංගීතමය ලක්ෂණ පිළිබඳ අවධානය යොමු කිරීමේදී එම ගීත වල වේග රිද්මය බෙහෙවින් ඇසුරු කිරීම ඊට අනන්‍ය වූ විශේෂත්වයකි.පෙරදිග සංගීත ක්‍රමයේ කෙම්ටෝ  තාලය මත එනම්,බටහිර සංගීත ක්‍රමයට අනුව 6/8 Rhythm ගී තනු නිර්මාණය වී ඇත.

මෙම ගීත වල භාෂා ශෛලිය ඉතා සරල වන අතර ගී පද මාලාවන් විවිධ තේමාවන් මත නිර්මාණය වී ඇත.කපිරිඤ්ඤා ගී තනු සරල හා රසවත් නාද මාලාවන්ගෙන් නිර්මාණ ය වී ඇත.එහිදී විශේෂ යෙන් සීමිතව ස්වර  පරාසයක් තුළ ගී තනු  නිර්මාණය වී ඇත.ගීතයක් ආරම්භ වී අවසානය කරා එළඹෙත් ම එහි රිද්මය  ක්‍රමයෙන්  වැඩිවන  ආකාරයක් මෙහි දැකිය හැකි වීමද විශේෂ ලක්ෂණයකි.

කපිරිඤ්ඤා සංගීතය සදහා යොදා ගත් සංගීත වාද්‍ය භාණ්ඩ අතර වියෝලා,වයලින්,රබන්,බැංජො,ගිටාර්,මැන්ඩලින්,බොංගො,ටැම්බරින් ආදී වාද්‍ය භාණ්ඩයන් ප්‍රධාන වශයෙන් දැක්විය හැක.කපිරිඤ්ඤා ගීත ගයන විට උපදින ඒ හා බද්ධ වූ නර්තන විශේෂයක් ලෙස "බයිලා" නර්තන සම්ප්‍රදාය හැදින්විය හැක.බාල,තරුණ,මහලු,ගැහැනු,පිරිමි සියලු දෙනාට පොදුවේ රසවිදිය හැකි,නර්තනයෙහි යෙදිය හැකි අතිශයින්ම විනෝදාත්මක ගීත විශේෂයක් ලෙස කපිරිඤ්ඤා ගීත හැදින්විය හැක.මෙම බයිලා,කපිරිඤ්ඤා,නැටුම් ,ගැයුම් හා මංගල උත්සව හා විවිධ ප්‍රිය සම්භාෂණ අවස්ථා වලදී යොදා ගනු ලැබූ අතර එම ගීත ශ්‍රී ලාංකිකයන් අතර බෙහෙවින් ජනාදරයට ද පාත්‍ර විය.කපිරිඤ්ඤා ගීත සම්ප්‍රදාය ආශ්‍රයෙන් කපිරිඤ්ඤා සංගීත ශෛලියට අනුකූලව ලාංකීය ව්‍යවහාරික සංගීතය තුළ සරල ගී නිර්මාණ රැසක් බිහිවී ඇත.

කපිරිඤ්ඤා සංගීතය ආභාසයෙන් නිර්මාණය වූ ගීත කීපයක් මෙසේය.
1.මහා මෙරක් ලෙසට...
2.මී වදයකී ජීවිතේ...
3.මාගේ පැලෙ අදුර නසන්න...
4.රස ආහර කවලා...
5.අයරින් ජොසපින් රොසලින්...
6.යමන් බන්ඩො වෙසක් බලන්ඩ...
7.නෝනා මගෙ නර්ස්  නෝනා...
8.මම ටැක්සි කාරයා...

කපිරිඤ්ඤා සංගීත සම්ප්‍රදායෙන් නිර්මාණය වූ ගීත බොහොමයක් ගායනා කල ගායන ශිල්පීන් ලෙස සී.ටී.ප්‍රනාන්දු මහතා සහ එම්.එස් ප්‍රනාන්දු මහතා යන දෙපළ ගෞරවාදරයට පාත්‍ර වෙයි.ලාංකීය ගීත කලාව පෝෂණය කිරීමෙහිලා කපිරිඤ්ඤා සංගීත සම්ප්‍රදායෙන් ලැබූ පිටුවහල අතිමහත්ය.

ස්පාඤ්ඤ භාෂාවෙන් රචිත කපිරිඤ්ඤා ගීතයක්




පහත සදහන් ප්‍රශ්න වලට පාඩම හොදින් අධ්‍යයනය කර පිළිතුරු ලියා දක්වන්න.


හොදයි පුතේ එහෙනම් අදට පාඩම අවසන්.
හැමෝටම තෙරුවන් සරණයි.
ආයුබෝවන් 🙏


චිත්‍ර - ද්‍රව්‍ය බලා ඇදීම

විෂයය - චිත්‍ර
පාඩම - ද්‍රව්‍ය බලා ඇදීම
ගුරු භාවතා -  භාරත ලක්ෂ්මන් රූපසිංහ
පන්තිය පැවැත්වූ දිනය - 2020/05/09
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00-4.00
--------------------------------------------------------


ආයුබෝවන් දරුවනේ.

අපි අද ද‍්‍රව්‍ය බලා අඳිමු. 

මේ සංරචන පාඩම ගොඩක් වටින පාඩමක් වේවි ඔයාලා සියලුම දෙනාට.

පහත විඩියෝව නරඹන්න.


පහත විඩියෝව නරඹපු ඔයාලාට ආසාවක් ඇති මේ වගේ අභ්‍යාසයක නිරතවෙන්න නේද?

ඊට කලින් අපි බලමු මේ සංරචනයේ තියෙන විවිධ ක‍්‍රමවේදයන් මොනවද කියලා


මේ සියලූම රුප සටහන් හොඳින් අධ්‍යනය කරන්න දරුවනේ.

ඔයාලා කැමති ආකාරයේ සංරචන අභ්‍යාස කිහිපයක් කරලා මට එවන්න. තෙරැුවන් සරණයි.




සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...