Friday 3 July 2020

සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය
පාඩම - මහාචාර්ය සේනක බිබිලේ මහතා
පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි
පන්තිය පැවැත්වූ දිනය - 2020/07/03
පන්තිය පැවැත්වූ වේලාව - පෙ.ව. 8.00- 11.00
------------------------------------------------------------

සුබ උදෑසනක් වේවා දරුවනේ හැමෝටම.....

අදත් සිංහල පාඩම පටන් ගමුද

මේක බලන්න හැමෝම



මෙතුමාගේ පවුලේ උදවිය දැකල තියෙනවා ද????


සේනක බිබිලේ සිය පවුලේ සාමාජිකයන් සමඟ සිටින ඡායාරූපයක්.


මේ ඉන්නේ එතුමා


වෛද්‍ය සභාවේ ප්‍රථම සාමාජිකයා වීම



2007 වසරේ දෙසැම්බරයේ දිනෙක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයට පළමුවරට පා නැඟූ මා නෙත ගැටුණේ ‘මහාචාර්ය සේනක බිබිලේ ශාලාව’ ලෙස නම් කරන ලද සුවිසල් ශාලාවකි. ඒ දුටු ක්ෂණයකින් මගේ මතකයේ ඇඳී ගියේ මනුෂ්‍ය වර්ගයාගේ සුබසෙත උදෙසා අප‍්‍රමාණ කැපවීමක් සිදු කරමින් සිටිය දී අබිරහස් ආකාරයෙන් මරණයට පත් වූ ඒ සොඳුරු ශී‍්‍ර ලාංකිකයාගේ ජීවන ප‍්‍රවෘත්තිය යි.

එලෙස ඔහු ගැන මතකය අවදි වී වසර 06ක් ඉක්ම යන මොහොතේ සහ ඔහුගේ මරණයෙන් වසර 36ක් ඉක්ම යන මොහොතේ ඔහු ගැන යළි සටහනක් තබන්නට මට සිතුණේ එදා මා දැන සිටියාටත් වඩා ඔහු විශිෂ්ට මිනිසෙක් බව දැන් මා දන්නා නිසා ය.

2007 වසරේ දෙසැම්බරයේ දිනෙක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයට පළමුවරට පා නැඟූ මා නෙත ගැටුණේ ‘මහාචාර්ය සේනක බිබිලේ ශාලාව’ ලෙස නම් කරන ලද සුවිසල් ශාලාවකි. ඒ දුටු ක්ෂණයකින් මගේ මතකයේ ඇඳී ගියේ මනුෂ්‍ය වර්ගයාගේ සුබසෙත උදෙසා අප‍්‍රමාණ කැපවීමක් සිදු කරමින් සිටිය දී අබිරහස් ආකාරයෙන් මරණයට පත් වූ ඒ සොඳුරු ශී‍්‍ර ලාංකිකයාගේ ජීවන ප‍්‍රවෘත්තිය යි.

එලෙස ඔහු ගැන මතකය අවදි වී වසර 06ක් ඉක්ම යන මොහොතේ සහ ඔහුගේ මරණයෙන් වසර 36ක් ඉක්ම යන මොහොතේ ඔහු ගැන යළි සටහනක් තබන්නට මට සිතුණේ එදා මා දැන සිටියාටත් වඩා ඔහු විශිෂ්ට මිනිසෙක් බව දැන් මා දන්නා නිසා ය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ඖෂධවේදය පිළිබඳ පළමු මහාචාර්යවරයා වූයේ ද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පළමු පීඨාධිපතිවරයා වූයේ ද එතුමා ය. වර්තමානයේ මහාචාර්ය සේනක බිබිලේ ශාලාව පිහිටා ඇත්තේ එකල එතුමා නවාතැන් ගෙන සිටි භූමි පරිශ‍්‍රයේ යි. මෙලෙස කාරණා සිදු වෙමින් පවතින අතරතුර, ඖෂධ වෙළෙන්දන් ලොව පුරා අසරණ රෝගීන් සූරා කන බව දුටු කල මේ ජාවාරම්කරුවන්ගෙන් අසරණයන් බේරා ගන්නට යම් ක‍්‍රමවේදයක් සකසන්නට එතුමා මුල පිරුවේ ය.

ඒ ගැන කියන්නට පළමු කිව යුත්තක් තිබේ. කෙනෙකුගේ රෝගයක් සුවපත් කිරීම පිණිස භාවිත කරන ඖෂධ වෙළඳාම, ජාවාරමක් වන්නේ කෙසේ ද? යන පැනය ඔබට ඇති වන්නට පුළුවන. එය පැහැදිලි නො කොට අප සේනක බිබිලේ මහාචාර්යතුමන් ගැන කථා කිරීමෙන් ඵලක් නැත.

විශ්වාස කළ ද නො කළ ද ලොව පුරා සිදු කෙරෙන මුල් පෙළේ ජාවාරම වන්නේ ඖෂධ ජාවාරම යි. අවි ආයුධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් පවා පවතින්නේ මේ ජාවාරමට පිටුපසිනි. එය සිදු වන්නේ මෙසේ ය. ඔබ භාවිත කරන ඖෂධයක නිෂ්පාදන පිරිවැය මෙන් කිහිප ගුණයක් වැඩි වීමක් එහි මිල පෙන්නුම් කරයි. එකී මිල තීරණය කරන්නේ මේ ඖෂධ වෙළෙන්දන් ය. එපමණක් නො ව එකම ඖෂධීය නාමය හෙවත් එකම ඖෂධීය සංයෝගය ඔබ අතට පත්වන වෙළෙඳ නාමයට අනුව විවිධ මිල ප‍්‍රමාණයන්ගෙන් යුතු වේ. එක ම ඖෂධය වෙළඳ නාම කිහිපයක් යටතේ වෙළඳපළට පිවිසෙන්නේ යැයි සිතමු. අන්තර්ගත වන්නේ එක ම අමුද්‍රව්‍ය නම්, ලැබෙන්නේ එක ම ගුණය නම් එකක් ශත ගණනකටත්, අනෙක් ඒවා රුපියල් සිය දහස් ගණනකටත් ඔබට මිල දී ගන්නට සිදුවන්නේ ඇයි? එනම් ඔබ මුදල් ගෙවනු ලබන්නේ ඖෂධයට නො ව වෙළෙඳ නාමයට ය. ‘පෙත්ත එක නම් පොත්තට ඇයි වැඩිපුර ගෙවන්නේ?’ කියා වෙළඳ ප‍්‍රචාරණයක් පසුගිය කාලයේ සිදු වූ බව අපට මතක ය. ඒ හරහා කථා කළේ ද මේ යථාර්ථය ම ය. ඖෂධයේ ඇසුරුම, පෙනුම, හැඩය, වර්ණය ආදිය වෙනස් කොට, අලෙවි ප‍්‍රවර්ධනය හරහා ඩොලර් කුට්ටි විසි කරමින් ජනප‍්‍රිය කරවූ සිය වෙළඳ නාමය ඔවුහු අපට විකුණති. ශත ගණනක් වැය කොට නිපදවන ඖෂධයට එමෙන් දස දහස් ගුණයක මුදලක් අප ගෙවන්නේ මේ නිසා ය. ඒ වෙළඳුන් විසින් ලබා දෙන වරප‍්‍රසාද ලොල් වූ වෛද්‍යවරුන් කරන්නේ ද ඖෂධීය නාමය වෙනුවට වෙළඳ නාමය යොදා පිටින් ගන්නට බෙහෙත් නියම කිරීම ය. සේනක බිබිලේ මහාචාර්යතුමන් එරෙහි වූයේ ලොව වෙලාගෙන ඇති මෙම ඖෂධ මාෆියාවට ය.

ජාතික ඖෂධ ප‍්‍රතිපත්තියක් සැකසීමේ අවශ්‍යතාවයත්, අපට වුවමනා ඖෂධ අප රටේ දී ම නිෂ්පාදනය කිරීමට යොමු වීමේ වුවමනාවත් පෙරදැරිව ඔහු ලොව ප‍්‍රබලතම ජාවාරම්කරුවන්ට එරෙහි ව පෙරමුණ ගත්තේ ය.

1970 වර්ෂයේ දී සේනක බිබිලේ මහාචාර්යතුමන් සහ දොස්තර එස්. ඒ. වික‍්‍රමසිංහයන් එක්ව ජාතික ඖෂධ ප‍්‍රතිපත්තිය සැකසීම ඇරඹූහ. 1971 වර්ෂයේ මාර්තු මස 23 වන දින එම වාර්තාව එවකට ශ්‍රී ලංකාවේ අග‍්‍රාමාත්‍ය ධුරය ඉසිලූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට බාර දෙන ලදී. එම ප‍්‍රතිපත්තිය ක‍්‍රියාවට නැංවීමේ අරමුණින් යුතු ව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (Sri Lanka State Pharmaceuticals Corporation – SPC) බිහි වූ අතර 1971 වර්ෂයේ සැප්තැම්බර් මස 21 වන දා සේනක බිබිලේ මහාචාර්යතුමන් එහි පළමු සභාපතිවරයා වශයෙන් පත්කරනු ලැබිණි. එයින් ඇරඹුණු වසර තුනක කාලය තුළ දී තත්ත්වයෙන් හොඳ ඖෂධ නිපදවා ලබා දීමෙන් රුපියල් කෝටි 11ක විදේශ විනිමයක් රට තුළ ඉතිරි කරවීමට ඔහු සමත් විය. මේ සියල්ල සිදු වූයේ ඉතාමත් පහසුවෙන් නම් නො වේ. ඒ වනවිටත් ඖෂධ වෙළෙන්දන් එතුමා ව ලූහු බැඳීම අරඹා තිබුණි. මේ ජාවාරම පිළිබඳ ලෝකය දැනුවත් වීම සහ ඊට එරෙහි වන්නට ලොව ම එක පෙරමුණකට වීම සිය වෙළඳ මාෆියාවේ අවසානය බව ඔවුහු දැන සිටියහ.

ඔවුනගේ බලපෑම් කෙතරම් ද යත් 1975 වර්ෂයේ දී ඔහු ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ධුරයෙන් ඉවත් විය. එහෙත් 1976 වර්ෂයේ දී නො බැඳි ජාතීන්ගේ සමුළුව තුළින් මේ ගෝලීය අර්බුදය පිළිබඳ ව මුළු මහත් ලෝකයේ ම අවධානය යොමු කරවීමට එතුමාට හැකි විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස සේනක බිබිලේ මහාචාර්යතුමන් 1977 වර්ෂයේ අපේ‍්‍රල් මස 24 වන දා UNCTAD (United Nations Conference On Trade & Development)  සංවිධානයේ ජ්‍යේෂ්ඨ ඖෂධ ප‍්‍රතිපත්ති විශේෂඥවරයා ලෙස පත් කරනු ලැබිණි.

මෙය ලෝකයේ සමස්ත ඖෂධ වෙළඳාමේ තීරණාත්මක සන්ධිස්ථානයක් බව කුප‍්‍රකට වෙළෙන්දන් ද සුප‍්‍රකට විද්වතුන් ද එක සේ ම දැන සිටියහ. වෙළෙඳ මාෆියාව ඔහු හඹා එන නිසා ප‍්‍රවේශම් වන්න යැයි එතුමාගේ මිතුරෝ මතක් කර සිටියේ මේ නිසා ය. එහෙත් ඒ අනතුරු ඇඟවීම් අභිමුව එතුමාගේ පිළිතුර වූයේ, ජනතාව වෙනුවෙන් සේවය කිරීම නිසාවෙන් මිය ගියහොත් ඒ මරණය ශ්‍රේෂ්ඨ මරණයක් වන බවයි. මරණය රැගත් ඝාතකයන් ලූහුබැඳ එන බව දැන දැනත් සිය ගමන ආපසු හැරවූයේ සේනක බිබිලේ නම් නො වේ.

නව තනතුරත් සමඟ ඔහුට භාර වූයේ අප‍්‍රිකානු රටවල වෙසෙන දුගී දුප්පත් ජනයා උදෙසා ඖෂධ ප‍්‍රතිපත්තියක් සැකසීම ය. ඒ වෙනුවෙන් තොරතුරු රැස් කිරීමේ අටියෙන් ඔහු අප‍්‍රිකානු සම්භවයක් සහිත මිනිසුන් වෙසෙනා ටි‍්‍රනිඩෑඞ්, ජැමෙයිකා, ඇන්ටිගුවා ආදි කැරිබියානු දූපත්වල ද සංචාරය කළේ ය. එම සංචාරයෙන් එක්රැස් කළ තොරතුරුත් සමඟ ඔහු 1977 වර්ෂයේ සැප්තැම්බර් මස අග භාගයේ දිනෙක ගයනාවට පැමිණියේ සැප්තැම්බර් 29 වන දා උක්ත සමුළුවට එම වාර්තාව ඉදිරිපත් කිරීමට ය. සේනක බිබිලේ මහාචාර්යතුමන් පෙර දිනයේ සිය පිරිස ද සමඟ එකී වාර්තාව ගැන යළිත් වරක් සාකච්ඡා කොට නින්දට ගියේ ය. ඒ ලොව ම අවධි කළ උතුම් මානවහිතවාදී සැබෑ ශ්‍රී ලාංකීය උදාර මිනිසකුගේ අවසන් රාත‍්‍රිය බව කිසිවකු නොම දැන සිටිය ද ඒ උත්තරීතර මිනිසා යළි කිසි දිනක අවදි වූයේ නැත. එතුමාගේ ම වචනවලට අනුව ශ්‍රේෂ්ඨ වූ මරණයකට ඔහු හිමිකරුවෙකු විය.

සුන්දර ගයනාවේ රෝහල් ඇඳක් මත එතුමාගේ නිසල දේහය තැන්පත් ව තිබුණි. එහි පසුබිමෙහි වූයේ ඉතාමත් අසුන්දර, අවාසනාවන්ත කථාවකි. මරණයට හේතුව ලෙස කියැවුණේ හෘදයාබාධයක් ගැන ය. එය ස්වභාවික ව සිදු නො වූ මරණයක් බව සියල්ලෝ හදවතෙහි දරා ගත්ත ද සිදු වූ දෙය මේ වන තෙක් අබිරහසක් ම පමණි. එහෙත් මේ මරණය පිටුපස ඖෂධ ජාවාරම්කරුවන්ගේ රුදුරු සෙවණැලි සැඟව ඇති බව නො රහසකි. ඔහුගේ භාර්යාව ඇතුළු තිදෙනෙකුගේ සහභාගීත්වයෙන් ගයනාවේ වෙරළ තීරයක දී දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන ලදී.

1993 වර්ෂයේ ලක්දිවට පැමිණි, ඕස්ටේ‍්‍රලියාවේ ජාතික ඖෂධ ප‍්‍රතිපත්ති මණ්ඩලයේ ප‍්‍රධානියා වූ දොස්තර හාටි, සේනක බිබිලේ මහාචාර්යතුමන්ගේ මරණයෙන් පවා නො නැවතී ලොවට යහපත සදන මෙහෙවර ගැන පැවසුවේ මෙවැන්නකි.

‘‘ශ්‍රී ලංකාව කඳු මුදුනකි. සේනක බිබිලේ යනු එහි බැබළෙන පහනකි. අපි ඒ පහනේ එළියෙන් අපේ රටවල ඖෂධ ප‍්‍රතිපත්ති සකසා ගත්තෙමු.”

සේනක බිබිලේ මහාචාර්යතුමන්ගේ අප‍්‍රතිහත මෙහෙවරෙන් පණ ලබා මේ වන විට රටවල් 26ක පමණ ඔහුගේ ඖෂධ ප‍්‍රතිපත්තිය මැනැවින් බලාත්මකව ක‍්‍රියාත්මක වන අතර තවත් රටවල් සියයක් පමණ එයට එකඟ වී විවිධ මට්ටම් ඔස්සේ ක‍්‍රියාත්මක කරමින් පවතී. මෙය යළි යළිත් සනාථ කරන්නේ මිනිසුන් මරා දැමිය හැකි වුව ද ඔවුනගේ යහපත් ආකල්ප මරා දැමිය නො හැකි බව නො වේ ද?

එසේ නමුදු කණගාටුවට කරුණ නම් ශ්‍රී ලංකාව තුළ සේනක බිබිලේ ප‍්‍රතිපත්තීන් බලාත්මක කිරීමට අපගේ පාලන තන්ත‍්‍රය අපොහොසත් වීම ය. බලධරයන් නිද්‍රාසහගත වීම ය. එළකිරි රොඩු කර, වස එකතු කොට බෙදාහරිනා වස-විස පිරි පිටිකිරි මාෆියාව මෙන් ම ඖෂධ මාෆියාව ද භයංකර බූවල්ලකු මෙන් දසත වෙලාගෙන ඇත. ලොව අන් රාජ්‍යයන් අපේ ම මිනිසකු විසින් නිමැවූ මෙම ශක්තිමත් කාලීන ප‍්‍රතිපත්තීන් බලාත්මක කොට, ඖෂධ මාෆියාවන්ට වැට බැඳ සිය මහජනතාව ආරක්‍ෂා කරද්දී අපේ ඖෂධ බලධරයන් නිදි වැදීම අතිශය ශෝචනීය තත්ත්වයකි.

ජීවිතය පවා අවධානමට ලක්ව තිබිය දී මනුෂ්‍ය වර්ගයාගේ යහපත පිණිස එතුමා සිදු කළ යුග මෙහෙවර වදන් කළ නො හැක්කකි. දැනුදු වෙළඳ නාමය පෙරට නො ගෙන ඖෂධීය නාමයෙන් ඖෂධ නියම කරන වෛද්‍යවරුන්ගේ පටන් මේ මාෆියාව ගැන දැනුවත් කරන, එයට එරෙහිව රොද බඳින සියල්ලන්ගෙන් නියෝජනය වන්නේ මහාචාර්ය සේනක බිබිලේ නම් වූ, ලොවට යහපත රිසි වූ එ් සොඳුරුතමයාගේ පුනරාගමනය යි.

එවැන්නවුන් සැබැවින් ම මනුෂ්‍යත්වයට ආඩම්බරයකි…!



මහාචාර්ය සේනක බිබිලේ මහතා පිළිබඳ ජීව දත්ත පත්‍රයක් නිර්මාණය කරන්න

Thursday 2 July 2020

English - Constructs simple sentences - Passive voice - Present Perfect Tense

Subject - English
Lesson - 
Constructs simple sentences - Passive voice - Present Perfect Tense
Teacher - Chamira Welivitigoda
Date - 2020/07/02
Time - 8.00 a.m.-10.00 a.m.
----------------------------------



Good Morning, children

Competency level 6.1 Constructs simple sentences - Passive voice - Present Perfect Tense

Activity A.



Answers for the Activity A




Activity B 


Answers for the B


Tuesday 30 June 2020

විද්‍යාව - රසායනික බන්දන පාඩමේ පුනරීක්ෂණ අභ්‍යාස

විෂයය - විද්‍යාව
පාඩම - රසායනික බන්දන පාඩමේ පුනරීක්ෂණ අභ්‍යාස 
ගුරු භවතා - ජානක පුෂ්ප කුමාර මහතා
දිනය - 2020/06/30
වේලාව - පෙ.ව.8.00 - 10.00 
----------------------------------------------------------



සුභ උදෑසනක් වේවා දරුවනේ.🙏🙏🙏
 දෙවන වාරයට අදාල රසායනික බන්දන පාඩමේ පුනරීක්ෂණ අභ්‍යාස අද අපි කරමු.
මම අද දෙන ප්‍රශ්න පත්‍රය ඔයාලා පොතේ සටහන් කරගෙන ඒ සඳහා පිළිතුරු ලියා මට එවන්න.
මේ පුනරීක්ෂණ අභ්‍යාස සඳහා පිළිතුරු අපි නැවත පාසල පටන් ගත් පසුව සාකච්ඡා කරමු.
මේ පුනරීක්ෂණ අභ්‍යාස සිදු කරන විට ඔබට යම් ගැටලුවක් ඇති වුවහොත් පහත සබැඳියෙන් ගොස් ඇති වීඩියෝ පටය නරඹා එම ගැටලු නිරාකරණය කර ගත හැකිය.




ප්‍රශ්න පත්‍රය පහලින් ලබාගන්න.

Monday 29 June 2020

කෘෂි හා ආහාර තාක්ෂණය - තවාන් ජීවානුහරණය

විෂයය - කෘෂි හා ආහාර තාක්ෂණය
පාඩම - තවාන් ජීවානුහරණය 
ගුරු භාවතා - සංජිව රුවන්පුරගේ
පන්තිය පැවැත්වූ දිනය - 2020/06/29
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00-4.00
-------------------------------------------------------




කෘෂි හා ආහාරතාක්ෂණය පිලිතුර 0710310806 යොමු කරන්න

Saturday 27 June 2020

සිංහල භාෂාව හා සාහිත්‍යය - හනා හීය පානා අඩහැරෙන් දැනේ

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය
පාඩම - හනා හීය පානා අඩහැරෙන් දැනේ 
පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි
පන්තිය පැවැත්වූ දිනය - 2020/06/27
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00- 4.00
------------------------------------------------------------







සිංහල භාෂාව හා සාහිත්‍යය - 16 පාඩම II

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය
පාඩම - 16 පාඩම II
පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි
පන්තිය පැවැත්වූ දිනය - 2020/06/27
පන්තිය පැවැත්වූ වේලාව - පෙ.ව. 8.00- 11.00
------------------------------------------------------------


දරුවනේ සුබ උදෑසනක් වේවා හැමෝටම......

සිංහල පාඩම පටන් ගමුද ????

ගිය සතියෙ ඉතිරි ටික කරමු

ලැස්තියි ද ...ඕන් එහෙනම් අයුබෝ කියල...නමෝ විත්තියෙන් වෙඩේ පටන් ගමු....

ගිය සතියෙ 16 පාඩම නේද කලේ....

එතෙපුල් අමා හැල්ලෙන්

අද එකෙ අනික් කොටස

අක්ෂර වින්‍යාසය ...

මේක බලන්නකෝ




මේකත් කියවන්න


දැන් ව්‍යාකරණ සටහන් පොත ගන්න....

මේ සටහන ලියා ගන්න

අක්ෂර වින්‍යාසය
01. න / ණ , ල / ළ භාවිතය

ණ භාවිතය
(1) ර/ෂ/ඍ යන අක්ෂරයකට පසුව කිසියම් වචනයක ණ යෙදේ නම් එය මුර්ධජ ණ වේ.
  ex.
දෙරණ / සරණ / මරණය / විවරණ / විෂ්ණු / පාෂාණ / භක්ෂණ / ලක්ෂණ /තෘණ / ඍණ

(2)ර/ෂ/ඍ යන අක්ෂරයකට පසු පහත සදහන් අකුරක් හෝ කිහිපයක් යෙදුනද ණ මූර්ධජ වේ

I. ක වර්ගය ( ක,ඛ,ග,ඝ,න)
II. ප වර්ගය (ප,ඵ,බ,භ,ම)
III.ස්වර
IV. හ්/ව්/ය්

ex.
තර්කණ , දර්පණ , නිර්මාණ , බ්‍රාහ්මණ , විෂ්කම්භණ , රාමායණය

**ඉහත කී අකුරු වලින් පසුව I,II,III,IV යන අකුරු වලට වඩා වඩා වෙනස් අකුරක් හෝ කීපයක් යෙදුනු විට න දන්තජ වේ.

ex.
මර්දනය , නර්තන , ආරාධනා , දර්ශනය , ප්‍රාර්ථනා , ප්‍රශ්න , රචනාව , පරිවර්තනය

**ර කාරාන්ත ධාතු වලින් සෑදෙන වර්ථමාන කෘදන්ත පද වල න කාරය දන්තජ වේ.

ex.
හදාරන , කරන , මරන , මතුරන

(3)මාතෘ භාෂාගත පාලි-සංස්කෘත වචනයක මූර්ධජ අකුරකට පූර්වයෙන් බොහෝ විට යෙදෙන්නේ මූර්ධජ ණ වේ.
ex.
කණ්ටක , කොණ්ඩය , දණ්ඩ , ඝණ්ඨාව , බණ්ඩාර , කණ්ඨජ , පණ්ඩිත , පුණ්ණ

**මෙයට විකල්පව භවිතා වන වචන කීපයකි.

ex.
බ්‍රැන්ඩි , ඇන්ටනා



(4)ගෞරවාර්තයේ යෙදෙන ආණ , අණු , අණි , අණ්ඩි , අණ්ඩ යන තද්ධ්ත ප්‍රත්‍ය සහිත පද වල මූර්ධජ ණ යෙදේ.

ex
පුතණුවෝ , තෙරණුවෝ , සිටාණ , මෑණියෝ , අයියණ්ඩි , මලණ්ඩ



(5)බහු වචනයේදී හල් වන න කාරය සහිත පද දන්තජ න සහිත වේ.

ex.
කන-කන් , පින-පින් , රෑන-රෑන් , නුවන-නුවන් , පෑන-පෑන්

**න / ණ යෙදීම නිසා අර්ථය වෙනස් වන පද රාශියක්ද සිංහලයේ ඇත.

ex.
කණ-එකැස් , කන-සවන
නුවණ-බුද්ධ්ය , නුවන-ඇස්

ළ භාවිතය

(1) ර කාරන්ත ධාතුවකින් සෑදෙන අතීත ක්රියාරූපවල ර වෙනුවට යෙදෙනුයේ මූර්ධජ ළ කාරයයි.
මර--->මළේය
හදාර-->හදාළේය
මතුර-->මතුළේය
වදාර-->වදාළේය
වපුර-->වපුළේය
අතුර-->අතුළේය

(2) ට / ඨ / ඩ / ණ අක්‍ෂර යුතු මාතෘ භාෂාවක අක්‍ෂරයක් සිංහලයට එන විට සිංහලයේ යෙදෙනුයේ මුර්ධජ ළ කාරයයි.
‌දාඨා-->දළ
ක්‍රීඩා-->කෙළි
කිරීට-->කිරුළ
පඨවි-->පොළව
සාඨක-->සළුව
වාණිජ-->වෙළද

(3) ල කාර දෙකක් එක ළග යෙදෙන විට මුර්ධජ ල පළමුව යෙදීම සාමාන්‍ය රීතියයි.
උළෙල
කළල
සළෙල


(4) සඤ්ඤක අකුරකට පෙර යෙදෙන ල මුර්ධජ වේ.

ළිදළග
ළද
වෙළඹ
දිළිඳු


(5) ද්විත්ව වී අරුත් දෙන ල යෙදූ පදවල යෙදෙන්නේ දන්තජ ල කාරයයි.

සියලු-->සියල්ල
මලු-->මල්ල
කඩුලු-->කඩුල්ල
පොලු-->පොල්ල

** එසේ නොවන විට
ගැටළු


(6) ල /ළ යෙදීම නිසා අර්ථය වෙනස් වන පද

අළු (පාට) --------අලු (ආලෝකය)
පැළ(ශාක)--------පැල (පොඩි ගෙය)


03. ශ /ෂ /ස භාවිතය
ශ භාවිතය

(1) බොහෝ විට තාලුජ අක්‍ෂරයක් සමග සංයෝජනය වනුයේ ශ කාරයයි.

තාලුජ අක්‍ෂර :-  ච , ඡ , ජ , ඣ ,ඤ

දුශ්චරිත ,ආශ්චර්ය , නිශ්ශබ්ද , නිශ්ශංක


(2) තාලුජ අක්‍ෂරයක් නොමැති තන්හිද තාලුජ ශ යෙදෙන තැන් ඇත.

අනුශාසනා , විශාරද , ක්ලේශ , ශ්‍රවණ


(3) ඇතැම් විට “ව” යන්නට මුලින් යෙදේ.

විශ්වාස , ඊශ්වර , විශ්වය , අශ්වයා


(4) ශ / ස සංයෝජනයේදී තාලුජ ශ මුලින් යෙදේ.

ප්‍රශස්ති , ශාස්ත්‍රාලය , ශාසනය


(5) ශ / ෂ සංයෝජනයේදී තාලුජ ශ මුලින් යෙදේ.

ශිෂ්ටාචාර , විශේෂ , විශිෂ්ට , ශිෂ්‍යයා


ෂ භාවිතය

(1) මුර්ධජ අක්ෂරයකට පුර්වයෙන් මුර්ධජ ෂ යෙදේ.

විෂ්ණු , නෂ්ට , දෘෂ්ටි , අෂ්ටලෝක , ක්‍රිෂ්ණජිනා

(2) ක සමග සංයෝග වන්නේ මුර්ධජ ෂ වේ.

අක්‍ෂර , දුෂ්කර , පරීක්ෂණ , තීක්ෂණ

(3) ඇතැම් විට ප බලපෑම නිසා ෂ යෙදේ.

නිෂ්පාදන , නිෂ්ප්‍රභා , නිෂ්පත්තිය


*ඉෂ්ඨ ප්‍රත්‍ය සහිත වචන*

කන් + ඉෂ්ඨ = කනිෂ්ඨ
ජ්‍යා + ඉෂ්ඨ = ජ්‍යෙෂ්ඨ
ශ්‍රා + ඉෂ්ඨ = ශ්‍රේෂ්ඨ
පාප + ඉෂ්ඨ = පාපිෂ්ඨ
ධර්ම + ඉෂ්ඨ = ධර්මිෂ්ඨ

04. තද්ධිත ප්‍රත්‍ය භාවිතය
වත් / මත් ප්‍රත්‍ය භාවිතය
වත් ප්‍රත්‍ය භාවිතය

ප්‍රත්‍යය එකතු වීමට පුර්වයේ ඇති නාම පදය අ / ආ /ඇ යන ස්වර වලින් හා හල් අකුරකින් අවසන් වන පද සමග යෙදේ

ආදර්ශ (අ) +වත් = ආදර්ශවත්                           ප්‍රබෝධ (අ) + වත් = ප්‍රබෝධවත්
ප්‍රභා (ආ) + වත් =ප්‍රභාවත්                                සෝභා (ආ) + වත් = සෝභාවත්
සැදැහැ (ඇ) +වත් =සැදැහැවත්
පින් (්) +වත් = පින්වත්



මත් ප්‍රත්‍ය භාවිතය

උ / ඌ /ඉ /ඊ යන ස්වර වලින් අවසන් පද සමග මත් ප්‍රත්‍ය යෙදේ.

දිරි (ඉ) + මත් = දිරිමත්
බි (ඊ) + මත් = බිමත්
ඉසුරු (උ) +මත් =ඉසුරුමත්
රූ (ඌ) මත් =රූමත්

ඉක /ඊය ප්‍රත්‍ය භාවිතය
ප්‍රත්‍ය එකතු වන නාම පදයේ මුලින් ඇති ස්වරය වෘදධි වේ.
 
අ > ආ 
පරිසර + ඉක =පාරිසරික
සමාජ + ඉක =සාමාජික

ඉ > ඓ
ඉතිහාස + ඉක = ඓතිහාසික
දින + ඉක= දෛනික

උ > ඖ
පුද්ගල + ඉක =පෞද්ගලික
පුරාණ + ඉක =පෞරාණික

*වෘද්ධි නොවන පද ස්වල්පයක්ද වේ.*

ක්ෂණික , රසායනික , රසික ,පන්තික , සංස්කෘතික , ව්‍යවහාරික
 
05. සන්ධි වන පද වල අක්‍ෂර වින්‍යාසය
දීර්ඝ සන්ධිය
බුද්ධි + ඉන්ද්‍රිය =බුද්ධීන්ද්‍රිය
රිද්ම + අනුකුල = රිද්මානුකුල

අන්තඃ ස්වරාදේශ

අති + අලංකාර = අත්‍යලංකාර
අති + අවශ්‍ය = අත්‍යවශ්‍ය
නීති + අනුකුල =නීත්‍යනුකුල

සටහන ලියා ගෙන

ඊට පස්සේ....ඒ පොතේ ම...145,147,149...( පෙළ පොතේ ) අභ්‍යාස කරන්න

කරල මට එවන්න....

මම දැන් ඉදන් ඔන්ලයින් ඉන්නවා....ඕනි දෙයක් අහන්න....ඉන්න අය ලයික් එකක් දාන්න.....




Friday 26 June 2020

පුරවැසි අධ්‍යයනය - ප්‍රශ්න පත්‍රය

විෂයය - පුරවැසි අධ්‍යයනය
පාඩම - ප්‍රශ්න පත්‍රය 
ගුරු භාවතා - මලිත අතුකෝරල
පන්තිය පැවැත්වූ දිනය - 2020/06/26
පන්තිය පැවැත්වූ වේලාව - ප.ව. 2.00-4.00
--------------------------------------------------------







සිංහල භාෂාව හා සාහිත්‍යය - මහාචාර්ය සේනක බිබිලේ මහතා

විෂයය - සිංහල භාෂාව හා සාහිත්‍යය පාඩම -  මහාචාර්ය සේනක බිබිලේ මහතා පරිවේණාචාර්ය - පූජ්‍ය මීගොඩ සුමනරතන හිමි පන්තිය පැවැත්වූ දිනය - 2020/07/0...